ප‍්‍රමුඛ බැංකුවේ තැන්පත්කරුවන්ට සහනයක් දෙන්න -රවී

Published in පුවත්
Saturday, 14 March 2015 09:30

කලකට ඉහත දී වසා දැමුණු ප‍්‍රමුඛ බැංකුවේ තැන්පත්කරුවන් සතු සියලූ තැන්පත් මුදල් ලබන අපේ‍්‍රල් මාසයට පෙර ගෙවා දමන්න ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ‍්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවට උපදෙස් ලබා දී අැත.

මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ කුඩා බැංකු ශක්තිමත් කිරීම ප‍්‍රධාන බැංකුවල වගකීමක් වන බවයි. එය කිසිවිටෙකත් අභියෝගයක් සේ නොසලකා කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දේ. දෛනිකව අඩු ආදායම් ලබන්නන්ගේ තැන්පතු වර්ධනය කිරීම ද ප‍්‍රධාන බැංකුවල වගකීමකි.

අඩු ආදායම් ලබන්නන්ගේ ඉතිරි කිරීම් සඳහා වැඩි පොලියක් ලබාදිය යුතුයි. එමෙන්ම ඔවුන් ලබා ගන්නා ණය මුදල් වෙනුවෙන් අඩු පොලියක් ද අය කළ යුතු බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේය.

මේ වන විට ශ‍්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ බොල් ණය ප‍්‍රමාණය 13% දක්වා ඉහළ ගොස් තිබේ. එම තත්ත්වය අවම කර ගැනීම සඳහා නිලධාරීන් පියවර ගත යුතු බවද රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us