මෛත්‍රීගේ නායකත්වය පිළිගෙන බුලත් කොළයෙන් එන්නැයි විමල්ට ආරාධනා Featured

Published in පුවත්
Monday, 16 March 2015 07:38

ඉදිරි මහ මැතිවරණයේදී බුලත් කොළය යටතේ තරග කිරීමට ද ඒ සඳහා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස ද මහාචාර්ය තිස්‌ස විතාරණ, ඩියු ගුණසේකර සහ විමල් වීරවංශ යන මහත්වරුන් නායකත්වය දරන පක්‍ෂවලට ආරාධනා කිරීමට ද එජනිස පක්‍ෂ නායකයන් තීරණය කර ඇත.මෙම පක්ෂ නියෝජිතයන් එජනිසය යටතේ තරගකරනු ලැබුවද එම සංධානයේ හවුල් කරුවෝ නොවීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා පස්වරුවේ රැස්වූ සන්ධානයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව පත්කර ගත් අතර උප සභාපති ධුරයට ඩග්ලස්‌ දේවානන්ද මහතා සහ ජාතික සංවිධායක ධුරයට ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතාද, උප ලේකම් ධුරයට මහින්ද අමරවීර මහතා ද තෝරා පත්කරගෙන තිබේ.

මීට පෙර එම සන්ධානයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය.

මේ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තීන්දු තීරණ කෙරෙහි ජනාධිපතිවරයාගේ බලපෑම තීරණාත්මක ලෙස සිදුවනු ඇත. මෙහිදි මීළඟ අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂව ඉදිරිපත් කළ යුතු බවට එම සන්ධානයේ හා එම සන්ධානය සමඟ කටයුතු කළ පක්ෂවල බලපෑම තවදුරටත් දුර්වල වනු ඇති අතර රජපක්ෂ පවුලේ කිසිවකුට හෝ සන්ධානය තුල යළි බලපරාක්‍රමයන් පැතිර වීමද අහෝසිවනු ඇත.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සහ මැතිවරණ ක්‍රමය යන දෙකම එකවර වෙනස්‌ විය යුතු බවද මෙම රැස්‌වීමේදී පක්‍ෂ නායකයෝ තීරණය කර ඇත. එමෙන්ම ඉදිරි මහ මැතිවරණයේදී ද බුලත් කොළය යටතේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය තරග කිරීමට තීරණය කර තිබේ.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us