ගුවනේ පියාසර කරමින් සියවැනි උපන්දිනය සැමරූ ආච්චි අම්මා (video)

Published in අනං මනං
Tuesday, 17 March 2015 15:59

මහලු විය කියන්නෙ අභියෝග වලට අකමැති තමන්ගෙ වැඩක්වත් තනිව කර ගත නොහැකි අවදියක් ලෙස තමයි අපි හැමෝම හිතන්නෙ. ඒත් ජෝර්ජිනා ආච්චි අම්ම කරන ත්‍රාසජනක වැඩ දැක්කමනම් එහෙම හිතෙන එකක් නෑ.

ඇය පසුගියදා තමන්ගෙ 100වැනි උපන්දිනය සමරුවා.  ජෝර්ජිනා උපන්දිනය සැමරූ ආකාරය හරිම සුවිශේෂියි.

ජෝර්ජිනා ආච්චි අම්මා  උඩු ගුවනේ සිට පැරිෂුටයක් ආධාරයෙන් බිමට පැනීමෙන් තමයි සිය ජීවිතේ සිය වැනි වසර සමරුවේ. ඒ වගේම ඇය මීට පෙර දෙවතාවක් මේ විදියට උඩු ගුවනේ පැරිෂුටයක් ආධාරයෙන් පියාසර කරලා තියෙනවා.

ඒ විතරක් නෙමේ උපන් දින සැමරුමේ තවත් අදියරක් විදියට මිනී මෝරුන් සමඟ මුහුදේ පිහිනීමටත් බලාපොරොත්තුව සිටිනවා.

ක්‍රීඩා

Connet With Us