News Items (18842)
ඉකුත් 11 වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්‍ෂ 6 කට වැඩි ප්‍රමාණයක් දිවයිනපුරා බෙදාහැර ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි. ඉදිරි දිනවලදී ද අඛණ්ඩව ගෑස් සපයන බව ද එම ආයතනයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය.
ගාළුමුවදොර අරගලකරුවන් ඉල්ලා සිටින්නේ ත්‍රාඩ ඒකාධිපති පාලන ක්රමයකි.
මන්ත්‍රීවරු නැතිනම් මහජන නියෝජිතයින් එම ධුර වලට ජනතාව විසින් තෝරා පත්කර යවනු ලබයි. පවතින මැතිවරණ ක්‍රමය අනුව එය සිදුවෙයි. කොහොම නමුත් ජනතාව විසින් තෝරා පත්කර අදාල ආයතනයකට යවනු ලබන නියෝජිතයා මහජනතාවගේ නියෝජිතයා වෙයි. ඔහුව හෝ ඇයව ජනතාව විසින් තෝරා පත් කරගන්නා ලද්දේ ඔහු නියෝජනය කරන කණ්ඩායමක ප්‍රතිපත්ති හෝ නියෝජිතයාගේ පෞද්ගලික ප්‍රතිපත්තීන් හෝ යම් හේතුවක් ඇතිවය.
නීතියේ ආධිපත්‍යය හැම විටම වැදගත්ය. එය බිඳ දැමුව හොත් අප නැවත ගමන් කරන්නේ වනචාරී යුගයක් කරා බව සිහි තබා ගත යුතුය.
ආර්ථික පිඩනයට ලක් ව සිටින ජනතාවගේ ජිවන බර අවම කිරීම සදහා ඉන්ධන ,ගැස් හා අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ලබා දිමට කඩිනම් සහන වැඩසටහන ක් ආරම්භ කිරිමට ගරු වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තිරණය කර තිබෙනවා .
රට ලැහැස්ති නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යළි සාකච්ඡාවට එනවාලු
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මේ වන විටත් ශ්‍රී ලංකා රජයේ තාක්ෂණික මට්ටමේ නිලධාරීන් සමඟ සම්බන්ධ වී සිටින බවත් ඉහළ මට්ටමේ නිලධාරීන් සමඟ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් IMF ප්‍රකාශක Gerry Rice පවසයි.
ජනවරම යන වචනයට අර්ථකතන දීමේදී සැලකිය යුතු කාරණා ගැන වැඩි මනත් දෙයක් කීමට තරම් විශේෂ දැනුමක් මේ ලියුම්කරුට නැත. එය සරළව ගත්තොත් ජනතාව විසින් දීපු වරමකි. මේ ජනතාව කියන්නෙ කවුද ? මේ වරම කියන්නේ මොකක්ද යන්න ඒ ඒ අවස්ථාවේදී පවතින වපසරිය අනුව සහ ඒ ගැන පවසන්නාන්ගේ අවබෝධයන් යනුව වෙනස් විය හැකිය.
ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි ක්‍රම පිළිබඳව ඉන්දියාවේ අවධානය !
ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා සංවේදී බවත්, ඔවුන්ට උපකාර කළ හැකි ක්‍රම පිළිබඳව අවධානය යොමු කරන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා පවසයි.
රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වාගැනීමට අවශ්‍ය බලය යොදාගැනීමට යුද හමුදා සාමාජිකයින්ට බලතල
අරගලය ජය ගත හැකිය. එහෙත් තවත් වළපල්ලට යෑම වැලැක්විය නොහැක.
ගාලු මුවදොර අරගලයේ මූලික ( මුල් අවස්ථාවේ එකම) ඉල්ලීම වූයේ ජනාධිපති ගෝඨාභය තනතුරෙන් ඉල්ල අස්විය යුතු බවය. රට මුහුණ පා තිබෙන සකල විධ අර්බුදයන්ට හේතුව වූයේ ජනාධිපතිවරයා ලෙස ගෝඨභය ගත් තීන්දු තීරණ වල මුග්ධ භාවයය. ඒ සඳහා ඔහුට උපදෙස් දුන්නේ ඔහුව පෙළඹ වූයේ කවරෙක් නමුත් වගකිව යුත්තා ඔහුය. අර්බුදය හැදුවේ මම නොවේය කියමින් එම වගකීමෙන් ගැලවීමට ඔහු නොමේරු උත්සාහයක් ගත්තද ඒ කිසිසේත්ම පිළිගත නොහැක.
ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය බලය තලෙයිබාන් ත්‍රස්ථ සංවිධානය පළමු වර අත්පත් කර ගත් කාලයේ ලෝක උරුමයක්ව පැවැති බාමියන් බුදු පිළිම ඇතුළු පුරා විද්‍යාත්මක වටිනාකම් වලින් යුතු බොහෝ දේ විනාශ කරනු ලැබීය. මේ විනාශය ගැන ලොවම කම්පාකරවනු ලැබීය.
