News Items (18842)
මරණ දණ්ඩනයට අත්සන් තැබීම ජනාධිපති ප්‍රතික්ෂේප කරයි, ශ්‍රේෂ්ඨාධිකරණයටත් දන්වයි
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (31) දැනුම්දී තිබේ.
'රනිල් මොකක් හරි කරයි' කිව්වා වගේම IMF කතා සාර්ථකයි.
මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින IMF නියෝජිත පිරිස මෙරටට විස්තීරණ ණය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇතැයි වාර්ථා වේ. දීර්ගකාලයක් මුළුල්ලේ පැවැති මෙම සාකච්ඡා සාර්ථක වීම මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදයයන් ජය ගැනීම වෙනුවෙන් වන වැදගත්ම සංධිස්ථානයක් වෙනු ඇත.
IMF සාකච්ඡා සාර්ථකයි. කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණෙයි !
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග හදිසි ණය ප්‍රදානයක් සම්බන්ධයෙන් මූලික, කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අය වැය ඉදිරිපත් කිරීමන් පසුව අද දිනය වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ ගනනාවක් බලාපොරොත්තු තබාගෙන සිටියේ රනිල්ට එරෙහිව විශාල උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට එළැඹීමටය.
පොහොට්ටුව විරුද්ධ වූ කරුණු සියයට 80ක් රනිල්ගේ අයවැයේ - හර්ෂ
ඉහළ ආදායම් ලබන්නන්ගෙන් බදු අය කෙරෙන පරිදි සංශෝධන සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ ඉදිරිපත් කරුණු ,ලැබු අය වැය යෝජනා තාක්ෂණික කරුණු ඇතුළත්ව පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වන රාජ්‍ය මූල්‍ය උපක්‍රම සඳහන් අයවැයක් බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
අධ්‍යාපනය පැත්තෙන් වැඩි අවධානයක් යොමුකරලා තිබෙනවා.
විදේශික සිසුන්ට මෙරටට පැමිණ අධ්‍යාපනය කිරීමට අවස්ථාව උදා කර තිබෙනවා .ඒකට අපි විරුද්ධ වෙන්නේ නෑ. එත්, විදේශීය සිසුන්ට පහසුකම් සැපයීමට පෙර මෙරට සිසුන්ට අවශ්‍ය පහසුකම් සපයා දිය යුතුයි.''යයි ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ජපන් ජනතාවගේ ප්‍රදානයක් ලෙසින් මෙට්‍රික් ටොන් 2000ක වටිනාකමින් යුතු ආහාර තොගයක් ශ්‍රී ලාංකීය ජපාන තානාපති මිසුකොෂි හිදේකි මහතා විසින් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙත ඊයේ ( 29) භාර දෙන ලදී.
මෙම වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත නැතිනම් අතුරු අය වැය යෝජනාවලියක් අද දින මුදල් අමාත්‍යවරයා ලෙස ජනධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.
විදේශ ආයෝජනයකින් සිදුවන්නේ මෙරට සම්පත් වෙනත් රටකට විකිණීම බවට මිනිසුන් බිල්ලෙක් මවාගෙන සිටින බවත් එම බිල්ලාගෙන් අප කෙසේ හෝ ගැලවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද (29) පාර්ලිමේන්තුවේදී සභාව අමතමින් පවසා සිටියේය.
