News Items (18842)
කර්මාන්ත සංවර්ධනයට යුරෝපා සංගමයෙන් ඩො.මි. 23 ක් හා යු.මි. 18.75 ක ප්‍රදානයක්
ශ්‍රී ලංකාවේ තිරසාර කර්මාන්ත සංවර්ධනය සඳහා යුරෝපා සංගමය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.83 ක් හා යූරෝ මිලියන 18.75 ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදී ඇති බව එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය රෙනේ වෑන් බර්කල් (Dr. Rane Van Berkel) මහතා පවසයි.
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ඇමරිකන් ඩොලර් මිලියන 27ක් පාසල්වල ප්‍රාථමික අංශවල පාසල් දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීමේ වැඩපිළිවෙළකට ලබාදීමට එකඟතාවය පළ කර තිබේ.
ආහාර හා පෝෂණය සුරක්ෂිතාව රාජ්‍ය සේවයටත් ලබාගැනීම ගැන..
ශ්‍රී ලංකාවේ ආහාර හා පෝෂණ සුරක්ෂිතාව තහවුර කිරීමට ජාතික සැලැස්මක් ඔස්සේ කටයුතු කළයුතු බව ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ස්ථාපනය කිරීමේ සමාරම්භක වැඩසටහන අමතමින් ඊයේ ප්‍රකාශ කර තිබිණි.
මෙම වැඩසටහන ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කෙරේ
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූල්‍ය උපදේශකයින් වන ලැසාර්ඩ් ආයතනය චීනය, ජපානය සහ ඉන්දියාව සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
2022 ජූලි මාසයට අදාළව නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙය ප්‍රකාශයට පත් කරනු ලබයි.
ටෙන්ඩර් කතාවෙන් ඔප්පු වුණේ චරිත කියන්නේම හිස් ගෑස් ටැංකියක් බවය
ලිට්‍රෝ ගෑස් ටෙන්ඩරයෙන් කොටි 130 ක් ගසා කාලා යැයි කෝප් කමිටු සභාපති චරිත හේරටත් විසින් දේශපාලන වේදිකාවක කළ කතාවක් ගැන පුවත් වාර්තා වෙමින් ඇත.
වෙබ් අඩවියක සඳහන් වූ මේ පුවත ගැන සටහන් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් ද තිබේ.
ප්‍රචණ්ඩකාරීන්ට, නීතිය ක්‍රියාත්මක කරන්න පසුබට වන්නේ නැහැ. ජිනීවා ගිහිනුත් කියයි.
ප්‍රචණ්ඩකාරී සහ නීතිවිරෝධි ක්‍රියාවලින් අවසන් වන සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පසුබට නොවන බව අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි අමාත්‍යවරයා මේ බව පවසා ඇත.
පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා
වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස විපක්ෂය සහ සිවිල් සංවිධාන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මියගෙන් ඉල්ලීමක් කොට ඇත. ඊයේ කොළඹ වෝටර්ස් ඒජ් හි දී (11) පැවැති සාකච්ඡාවේ දී මෙම ඉල්ලීම කර තිබෙන බව එම ආරංචි මාර්ග පවසයි.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මෙරටට හදිසියේ එන්නේ මෙරට මානව හිමිකම් උල්ලංඝණය වීම ගැන සොයා බලා ජනාධිපතිවරයාට තරවටු කර යන්න බව විපක්ෂයට පක්ෂපාත ප්‍රධාන පෙළේ මාධ්‍ය , සමාජ මධ්‍ය වල පසුගිය සතියේ ලොකු ප්‍රචාරයක් ලබා දී තිබිණි. සමන්තා පවර් ආපහු යද්දි හොඳවැයින් දෙකක් කියා යනු ඇති බවද මේ අය සිතා සිටියහ.
කොළඹ, නිදහස් චතුරස්‍රය ආන්නයේ පිහිටි රාජ්‍ය පාරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ගොඩනැගිලේ වූ ජල කාන්දුවක් හේතුවෙන් එහි වැඩකටයුතු අද දින මුළුමනින්ම නතර වී ඇතැයි වාර්තාවේ. විදුලි බලය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති අතර මේ වන විට ගොඩනැගිලි පරිශ්‍රය ද වසා දමා ඇත.
