News Items (18842)
නීතියට ඇඟිලි ගැසීමට දේශපාලන නායකත්වයට ඉඩ නොතිබිය යුතුයි !
නීතියේ ආධිපත්‍යයට සිදුකරන අතපෙවීම් වලක්වා ගන්නා තෙක් රටක් ලෙස ඉදිරි ගමනක් යෑමට නොහැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැති උත්සවයකට එක් වෙමිනුයි උන් වහන්සේ මෙම අදහස් පළ කළේ.
අප්‍රේල් 21 පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් වෙත ආධාර වශයෙන් ලබා දීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යුරෝ ලක්ෂයක මුදලක් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පරිත්‍යාග කර තිබුණා. ඒ යටතේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ දී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් පිරිසකට මුදල් පරිත්‍යාග කිරීමටයි මෙම උත්සවය සංවිධාන කර තිබුනේ. ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩයිග්වේ අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්වුණා.
පසුබෑමට ලක්ව තිබෙන මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක්කරමින් මේ වසරේ මුල් මාස 7ක කාලයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 824.9ක ආදායමක් උපයා ගැනීමට මෙරට සංචාරක ක්ෂේත්‍රය සමත්ව තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුබද්ධ සංවිධානයක් වූ පොදුජන ඉංජිනේරු පෙරමුණ නියෝජනය කළ ඉංජිනේරු වෘත්තිකයන් රැසක් එම සංවිධානයෙන් ඉවත් වෙනම සංවිධානයක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත. පොදු ජන පෙරමුණ පසුගිය කාලයේ කටයුතු කළ ආකාරය දැඩිව විවේචනය කරන එම කණ්ඩායම තව දුරටත් දූෂිත දේශපාලන පක්ෂයක් නියෝජනය කිරීමට තම කණ්ඩායමට කිසිදු හේතුවක් නැති බවත් අවධාරණය කරයි.
චෙස් ක්‍රීඩාව ක්‍රීඩාවේ මූලාරම්බය ඉන්දියාවේ චතුරංග නම් ක්‍රීඩාව ආශ්‍රිත සිදුවූවක් යැයි පැවැසේ. ඒ එක් ජන කතාවකට අනුව, චතුරංග ක්‍රීඩාවේ ආරම්බය සිදු ව ඇත්තේ රාවණා රජ සමය තුළදීය. ඉන්දියාවේ පාලනය කළ එක්තරා රජ පෙළපතක කුමාරවරු දෙදෙනෙක් වූහ.ගෞ සහ ටකාන් එම කුමාරවරුය.
මහනුවර ඓතිහාසික දළදා පෙරහැර සියළු සංස්කෘතිකාංග සහිතව අති උත්සවශ්‍රීයෙන් මෙවර පැවැත්වූයේ වසර කිහිපයකට පසුවය. කෙසේ නමුත් මෙවර දළදා පෙරහැර මෑත ඉතිහාසයේ වැඩිම ජන සහභාගිත්වය සහිතව පැවැත්වුණු බවත් වාර්තා වී තිබේ.
ජනපතිගේ ආර්ථික දැක්ම සමඟ එකඟයි. ඒ්ත් මේ රාජපක්ෂ හොල්මන් එක්ක බෑ - හර්ෂ
රුපියල අල්ලගෙන හිටියා වගේ වත්මන් ආණ්ඩුවත් අල්ලගෙන ඉන්න නමුත් සැබෑ ජනතා ප්‍රසාදයක් නැති ආණ්ඩුව රුපියල වගේම කඩා වැටෙන බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජවිපෙ සාමාජිකයන්ටත් ලැජ්ජා හිතෙන, අනුර දැන් කියන කතාව
ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක් සඳහා කළ ආරාධනාව ප්‍රතික්ශේප කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවට ජනාධිපතිවරයා පිළිතුරු ලිපියක් යොමුකර තිබිණි. එම ලිපියට පිළිතුරක් මේ වන විට ජවිපෙ නායකයා විසින්ද ජනාධිපතිවරයාට යොමු කර තිබේ.
ජවිපෙ රනිල්ගේ සාකච්ඡාව මඟ හැරියේ ඇයි? බෑ කිව්වේ අනුරද ? පක්ෂයද?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඒකාබද්ධ කරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ වැඩපිළිවෙලක් නිර්මාණය කර, රට මෙම මොහොතේ මුහුණ දෙන අර්බුදයයන්ගෙන් මුදවා ගැනීම සඳහා සාමුහික උත්සාහයක් ගත යුතු බවට යෝජනාව පසුගිය කාලය පුරාම සිදු කරමින් සිටියේය. ඒ අනුව එම සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් වෙත ලිඛිතවම ඒ දැනුම් දීමටද කටයුතු කර සිටියේය.
පාර්ලිමේන්තුවට ජනතාව විසින් ම පත් කළ නියෝජිතයන් පිස්සු කෙළින නිසා ජනතාවට ඒ බලය කෙළින්ම ලබා දිය යුතු බවට සංවාදයක් මතු ව තිබේ. හරි හමන් නියෝජිතයෙකු පත් කර ගන්නට නොහැකි ජනතාවක් තමන් විසින් ම තීන්දු ගැනීමේ දී නිවැරදි තීන්දු ගන්නේ කෙසේ දැයි යන මූලික ප්‍රශ්නය මොහොතකට පැත්තකින් තබා සිදු විය හැකි දේ කුමක් ද යන්න දෙස බලමු.
ලංවිම පාඩු ලබනවා නම් ගාස්තු වැඩි කිරීම සාධාරණයි.
තමන් සතුව විදුලිය නිපදවන එකදු බලාගාරයක් හෝ නොමැති ලංකා විදුලි සමාගම සිය පාරිභෝගිකයින් වෙනුවෙන් විදුලිය මිලදී ගන්නේ ලංකා විදුලි බල මණ්ඩලයෙනි. එසේ මිලදී ගත් විදුලිය සිය පාරිභෝගිකයන් වෙත නැවත විකුණා එම සමාගම 2020 වසරේදී රුපියල් බිලියන 2.6 ක්, 2021 වසරේදී ලබාගෙන තිබෙන ලාබය රුපියල් බිලියන 2.7 ක් පමණ වන බව වාර්තා වී ඇත.විදුලි බල සමාගම සිය සේවා සපයනේ බස්නාහිර පළාත, ගාල්ල දිස්ත්‍රික්කය වැනි සීමාසහිත ප්‍රදේශ කිහිපයකට පමණි.
