ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය ගැන සමීපව නිරීක්ෂණය කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනය කරනවා.

ගෑස් අර්බුදයට තිත තබමින් ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් පළමු නෞකාව මෙරට මුහුදු තීරයට ළඟා වෙයි. ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවන නෞකාව හෙට (11) සවස පැමිණේ.

ශ්‍රි ලංකාව දැනට මුහුණ දෙන බරපතලම ප්‍රශ්නය වන්නේ විදේශ විනිමය හිඟ වීමේ ගැටලුවය. රටේ අවශ්‍යතා සඳහා වන ආනයනයන් වෙනුවෙන් ප්‍රමාණවත් විදේශ විනිමය (ඩොලර්) නැත. මේ වන විට රට උපයන ඩොලර් ප්‍රමාණය ආනයනයන් වෙනුවෙන් වැය කරන්න නොහැකි වීමේ අර්බුදය සමනය කරගැනීමට නම් ඩොලර් උපයා ගැනීමේ මාර්ග වර්ධනය කරගැනීම හෝ අලුත් මාර්ග සොයා ගතයුතුය.

පසුගියදා මෙරට ගෑස් හිඟය පිළිබඳ පාර්ලිමේන්තු කෝප් කමි‍ටුව ලිට්‍රො ගෑස් සමාගමේ ප්‍රධානින්ගේ කැඳවා කළ ප්‍රශ්න කිරීම වලදි ගෑස් ගෙන්වීම සම්බන්ධයෙන් වූ ටෙන්ඩර් මගඩියක් ගැන හෙළිදරව් විය. ඒ කෙසේ වෙතත් අදාල ගෑස් ටෙන්ඩරය ඉල්ලුම කළ සමාගමක් සම්බන්ධයෙන් නම කියවුණු අතර එහි නාමය වූයේ ඇවන්ට්ගාර්ඩ්ය. සැබැවින්ම එය Avant Garde- Surface Safety Solutions නම් සමාගමකි.

සුපිරි කැසිනෝ ශාලා වෙත පිවිසීම සඳහා විදේශ නියෝජිතයන් හරහා ටෝකන් පත් නිකුත් කරන ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

වී ගොවීන් විසින් රජයේ බැංකුවලට නොගෙවූ ගොවි ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබිණි. පාස්කු දා ප්‍රහාරය හා ඉන් පසුව ඇති වූ කොවිඩ් වසංගත තත්ත්වයත් පසුව විදේශ විනිමය අර්බුදය සමඟ පැමිණි රසායනික පොහොර තහනම ආදිය හේතුවෙන් මෙරට කෘෂි අස්වනු ප්‍රමාණාත්මකව අඩු විය. මේ වන විට ආහාර හිඟයකටද ඒ තත්වය බලපා තිබේ.

විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවන ඩොලර් ගණන අනුව ඔවුන්ට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබා දීම කෙරෙහි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.

අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට අපට අද අවශ්‍ය වන්නේ අලුතින් සිතන මතන නව උපාය මාර්ග හඳුනාගනු ලබන අලුත් පරම්පරාවකි.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියකුට සිය හැරමිටිය තමන්ට කැමැති විදිහකට කැරකැවීමේ නිදහස සහ අයිතිය ඇත. එහෙත් ඒ නිදහසත් අයිතියත් අනෙක් පුරවැසියකුගේ නහය කෙළවරින් අවසන් වේ. එනම් නිදහස සහ අයිතිය කියන්නේ අනෙකාගේ නිදහස සහ අයිතියට බාධාවක් නොවෙන විදිහට පාවිච්චි විය යුතු බවය. ප්‍රජතන්ත්‍රවාදි සමාජයක නිදහස සහ අයිතිය සීමා වෙන තැන එතැනය. එසේ නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ නැත.

“අපිට අගමැතිකම දෙනවා නම් අපිට කැමැති කැබිනට් මණ්ඩලය පත් කරගන්න අවස්ථාව දෙනවා නම් අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරත්වයක් ගොඩනඟලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපිට සැලැස්මක් තිබෙනවා” යැයි ජවිපෙ නායක අනුර කුමාර මුල් වරට කියනවා දැක්කේ දැන් සසතියකට හමාරකට කලින් යාපනයේ පැවැති ජවිපෙ පක්ෂ සමුලුවකදීය.

Connet With Us