ජුලි 9 වෙනිදා අගමැති වෙන්න හිටපු අනුරට දැන් මාස 6න් බැහැයිලු.. Featured

Tuesday, 05 July 2022 22:45

“අපිට අගමැතිකම දෙනවා නම් අපිට කැමැති කැබිනට් මණ්ඩලය පත් කරගන්න අවස්ථාව දෙනවා නම් අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරත්වයක් ගොඩනඟලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපිට සැලැස්මක් තිබෙනවා” යැයි ජවිපෙ නායක අනුර කුමාර මුල් වරට කියනවා දැක්කේ දැන් සසතියකට හමාරකට කලින් යාපනයේ පැවැති ජවිපෙ පක්ෂ සමුලුවකදීය.

එහිදී මහ බැංකුව හොරාකාපු රනිල් වික්‍රමසිංහ හෝ කෝටිපති ධම්මික පෙරේරා මේ රට ගොඩගනියි කියා කාට හෝ බලාපොරොත්තුවක් තිබෙනවා නම් එය විහිළුවක් යැයි ද කෝටිපතියෙක් ඇමැතිකමක් භාරගත්තද ඔහුගේ මුදල්වලින් ඔහු ජීවත් වෙනවා මිස කිසිසේත්ම ඒවා රටේ ජනතාව වෙනුවෙන් වෙන් නොකරන බවද අනුර කුමාර කියා තිබිණි.
“අලියගෙ වලිගෙ එල්ලී දිව්‍ය ලෝකෙ ගියා” සේ යම් කෙනකුට තනිව රට ගොඩගත නොහැකි බව ද අපේ මානව සම්පත, අපේ හැකියාවන් ඒ වගේම සිංහල, දෙමළ ඩයස්පෝරා මේ සියල්ල එක්කාසු කොට තමයි අපිට රට බේරගන්න පුළුවන්. එහෙම නැතිව තනි කෙනකුට රටක් ගොඩගන්න බැරි බවද කියා තිබිණි.

මෙම කතාවෙන් පසු ජවිපෙ දිගින් දිගටම සිය ප්‍රචාරක යාන්ත්‍රණය මෙහෙයවමින් ජන මතයට බලපෑම් කරන්න ගත්තේ තමන්ට මාස 6 කර රට බාර දෙනවා නම් මේ රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩදාන බව කියමිනි. ඒ කොහොමදැයි ජවිපෙ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කළ විට ඒක අපි කරලා පෙන්වනවා අපිට දීල බලන්න යැයි ද කීවේය.

මේ අතර එළඹෙන ජුලි 09 වන දින අරගලයේ දෙවන රැල්ලට සූදානම් වන්න යැයි කියමින් ජනතාව කොළඹට කැඳවා මහා උද්ඝෝෂණයකට හෝ කැරැල්ලකට වන සූදානමක්ද ජවිපෙ පෙන්නුම කරමින් තිබේ. මෙම කටයුත්ත සූදානම් කරන්න ඇත්තේද අනුරට අගමැති තනතුර ගන්න කරන බලපෑමක් වශයෙන් විය යුතුය. ජන අරගලය සිදුවන්නේ, මිනිස්සු ඉල්ලා සිටින්නේ අනුර අගමැති කරන්නය, අනුරට මාස 6න් රට අර්බුදයෙන් මුදවන්න පුලුවන්ය. ඒ නිසා රනිල් ඉවත්කර අනුරට අගමැතිකම දෙන්න කියා ජනාධිපති ගෝඨාභයට ජනතාව කරන බලපෑමක් ලෙස මෙම උද්ඝෝෂණය හෝ කැරැල්ල මෙහෙය වීම අනුරගේ සැලැස්ම වූවාට සැක නැත.

බොහෝ විට මෙය ජවිපෙ බලාපොරොත්තු වෙනවා ඇත්තේ පංතියේ දඟම ළමයාට මොනීටර් කම දී පංතිය සංසුන් කරගැනීමේ උපක්‍රමය සේ ජවිපෙත් මහා කළඹලයක් කළාම අනුරට අගමැතිකම දීමට ගෝඨා කටයුතු කරයි කියන විශ්වාසය මත විය හැකිය. එහෙම හිතන්න පුළුවන. මන්ද ගෝඨා එහෙම වැඩක් කලින් කළ නිසාය. ඒ එක රටක එක නීතියක් සැකසීම වෙනුවෙන් පත්කළ ජනාධිපති කාර්යසාධක බලකාය අර සිවුරුධාරීයාට භාර දීමය. ජාතිවාදය ආගම්වාදය වපුරාගෙන එය ජීවිකාව කරගෙන සිටි සිවුරුධාරීයාට අවසානයේදී ජාතීන්ගේ ආගමිකයන්ගේ නිදහස අයිතිය සමානාත්මතාවය පිළිගැනීමට සිදු වෙන තැනට වැඩ සිද්ධ විය.

ඒ කොහොම වුවත් අද දින පාර්ලිමේන්තුව හමුවේ අගමැතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශය අතර තුරදී අනුරගේ මාස 6 ගැනද අගමැතිවරයා ප්‍රශ්න කළේය. රට මුහුණ දී තිබෙන අර්බුදයේ දැවැන්තකම පෙන්වා දී මාස 6න් ඒ ප්‍රශ්න විසඳන ආකාරය ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේ එසේ කළ හැකිනම් තමන් අගමැති තනතුරෙන් ඉවත් වන බවද පවසමිනි.

මෙම ප්‍රශ්න කිරීම අනුර කිසිසේම බලාපොරොත්තු නොවුවාට සැක නැත.මන්ද මෙම ගැටළු කිසිවක් විසඳීමට සමත් සැලසුමක් මෙතෙක් ජවිපෙ ඉදිරිපත් කර නැති බැවිනි. පක්ෂ සාමාජිකයන් ඉදිරියේ දෙන ගැලරි ටෝක් වලින් පාක්ෂිකයා කුල්මත් කළ හැකි නමුදු නිශ්චිත ප්‍රශ්න කිරීම හමුවේ දෙන්න පැහැදිලි පිළිතුරු නැති මුත් අලුත් තර්ක ඇදබාමින් ඒවායෙන් පැන යෑමට ද අනුරලා දක්ෂය.

අගමැතිවරයා මාස 6න් රට ගොඩ ගන්නේ කේසේද යන්න කළ ප්‍රශ්න කිරිමට අනුර දුන් පිළිතුර මෙසේය. තව වැල් වටාරම් තොගයක් ඇද බෑ නමුත් පිළිතුර මෙපමණය.

"..මම මොකක්ද මාස හයේ වැඩ සටහනෙන් කියන්නේ. මම කියන්නෙ නෑ මේ දශක හතරක කාලයක් ගමන් කරමින් තිබුණු මේ ආර්ථිකය මාවතේ බිහිසුණුම පිපිරීම අද මේ ආර්ථිකයේ සිදු වෙලා තියෙන්නෙ. ඒ මාස හතෙන් අටෙන් ගොඩනැගීම විශ්වාස කරන්නෙ නෑ. කවුරුවත් එහෙම විශ්වාස කළ යුතුත් නෑ. හැබැයි මාස 6ක් ඇතුලත මූලික දෙයක් තියෙනවා කරන්න. මිනිස්සුන්ට
තෙල් ටික ලබා දීම, ගෑස් ටික ලබා දීම, ඖෂධ ටික ලබා දීම, පාසල් ටික විවෘත කිරීම, රාජ්‍ය ආයතන විවෘත කිරීම,කර්මාන්ත ශාලා වැසී යාමට තිබෙන අනතුර වලක්වා ගැනීම, ධීවරයන්ට බෝට්‍ටු යන්න අවස්ථාවක් නිර්මාණය කරල දීම, ගොවීන් නැවත කුඹුරට බැස්ස වීම, සමාජය යථාවත්භාවයට ගේන්න, ඒක මාස 6න් කරන්න ඔන. ඔබතුමා කියන්නේ ඒක මාස 6 න් කරන්න බෑ කියලද ?.."

මේ අනුව දැන් මාස 6න් ගොඩගන්න පුලුවන් රටක් නැත. අනුරට ඒ සිදුකළ නොහැක. එය ඔහු පිළිගෙන තිබේ. තමන් මාස 6න් කරනවා කිව්වේ මෙව්වාය කියා ලැයිස්තුවක් ඉදිරිපත් කර එදා කිව්වේ මේක තමයි කියා අලුත් කතාවක් කීවේය. අන්තිමට "ඔබතුමා කියන්නේ ඒක මාස 6 න් කරන්න බෑ කියලද ?" කියා රනිල්ට චණ්ඩි පාර්ට් එකක් ද දැම්මේය.

දැන් මේ අනුර කරනවාය කියන වැඩ ටික කරන්න මාස 6ක් ඉල්ලා තිබේ. අනුර සමහර විට මේ ප්‍රශ්න ටික විසඳන්න වලි කන්නේ වත්මන් ආණ්ඩුව මේවා විසඳන්න තවම මොකුත් කරලා නැති බව හිතාගෙන විය හැකිය. එහෙත් මේ වන විටත් මේ ප්‍රශ්න සියල්ල විසඳන්න අවශ්‍ය පියවරයන් ආණ්ඩුව ගෙන අවසන්ය.

තෙල් ගෑස් හිඟය තව සතියක් හමාරක් යන විට විසඳාගත හැකිය. ආහාර ඖෂධ හිඟයක් නොවෙන්න දැන් ක්‍රියාමාර්ග ගෙන අවසන්ය. තෙල් ගෑස් විදුලි ප්‍රශ්නය විසඳාගත් සැනින් පාසල්, රාජ්‍ය ආයතන, කර්මාන්ත ශාලා,අඩපණ නොවනු ඇත. ධීවරයන් මුහුදු යනු ඇත. පොහොර හිඟයද හෙට අනිද්දා වන විට තරමකට විසඳෙනු ඇත. මේ අනුව සමාජය යථාවත්භාවයට පත්වීම ඉබේම සිදුවෙනු ඇත.

රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත් වී තවම මාස දෙකක් ඉක්මවා නැත. ඒ කියන්නේ අනුරට මාස 6 ක් යන වැඩේ මාස දෙකක් යන විට ගෝඨා - රනිල් පාලනය විසින් සිදුකර හමාරය කියන එකය. ඒ පමණක් නොවේ. මේ වන විටත් විදේශ සංචිත අර්බුදය විසඳන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන සාකච්ඡා සාර්ථක කර ගන්න තැනට පත්කර තිබේ. ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර ආයතන වල සහය රටට ලබාගෙන තිබේ. විදේශ රාජ්‍යයන් ගනනාවක සහය ලබාගෙන තිබේ. මුල්‍ය අරමුදල අදාළ ණය ලබා දීමෙන් පසුව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රේණිය උසස් කිරීමට කටයුතු කරන අතර ඒ අනුව විදේශ ණය ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව විදේශ ආයෝජන ගෙන ඒ්මට පහසු වන අතර ඒ වෙනුවෙන් අලුත් වැඩපිළිවෙල සකස්කරමින් තිබේ.

මෙරට නිශ්පාදන කර්මාන්ත සහ කෘෂි කර්මාන්ත අපනයනය ඉලක්ක කරගත් වැඩ සටහනක් බවට පරිවර්ථනය කරගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් තිබේ. ඉන්ධන ගෑස් විදුලි ප්‍රවාහන ගැටළු අවසන් වීමත් සමඟ මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරය යළි සුපුරුදු පරිදි ක්‍රියාත්මක වෙනු ඇත.

රටේ ණය අර්බුධයන් විසඳන්න ආර්ථික වැඩපිළිවෙල සහ ඒ ඉලක්කයන් සපුරා ගන්න අවශ්‍ය පියවර මේ වන විට රැගෙන අවසන්ය. එම පියවරයන් නිසි ආකාරව බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි වුවහොත් 2025 වසර තුළදී පීඩනයක් නොමැතිව ඔළුව උස්සාගෙන සිටීමේ හැකියාව රටට ලැබෙනු ඇත.

පීඩාවට පත් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සළකා ඔවුන්ට සහන සැලසීමත්,අගමැතිවරයා ඉදිරිපත් කළ රටේ ආර්ථිකයේ දිශානතිය තීරණය කරන නව මාර්ග සිතියම අනුව එළඹෙන වසරේ ආර්ථිකය ගැටළු නිමාකරන්න අවශ්‍ය නව අයවැය යෝජනාවලියක්ද නුදුරේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙලෙස මේ මාස දෙකකටත් අඩු කාලය තුළදි ආර්ථික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගත් තවත් පියවරයන් රැසක් සඳහන් කළ හැකිය.

එසේම රටේ අභිවෘද්ධියට බාධාවක්ව පවතින දේශපාලන ක්ෂේත්‍රයේ අර්බුධයයන් විසඳන්නත් මේ වන විට ගෙන තිබෙන ක්‍රියාමාර්ග රැසකි.ඒ වෙනුවෙන් නව ව්‍යවස්ථා සංශෝධන හා තවත් අණපනත් රැසක් මේ වන විට සූදානමින් තිබේ.

මේ ගෙවුණු සති හත අටක කාලය තුළ මෙහමෙරක් වැඩ මේ ගෝඨා - රනිල් පාලනය විසින් මේ වන විට සිදුකර තිබේ. ඒවා අනුරලාට හිතන්නවත් බැරි තරම්ය. ඔහුගේ මාස 6 ලැයිස්තුවේ ඒවා නැත. මේ මාස 6න් පස්සේ අනුරලා කරන්නේ මොනවාද ගැන කිසිදු දැක්මක් ද ඔවුන්ට නැත. අනුරලා ඒකට ගහපු ගැටය මහ මැතිවරණයක් ඉල්ලා සිටීමය.

"...මම කිව්ව ඒ සාමාන්‍ය තත්වය අපි කෙටිකාලයක් ඇතුලත ඇති කරන්නම්. අනතුරුව මාස 6 න් පසුව මැතිවරණයකට යමු. ඇයි මම මැතිවරණයක් ඉල්ලන්නේ මොකක් නිසාද, මේ අර්බුදයෙන් ගොඩ එන්න ස්ථාවර පාලනයක් පමණක් නෙවෙයි, විශ්වාසනීය ස්ථාවර පාලනයක් අවශ්‍යයි. විශ්වාසනීයත්වය කඩ වැ‍ටුණු පාලනයකින් අර්බුදයට විසඳුම් හොයන්න බෑ.."

දැන් මහ මැතිවරණයකින් පස්සේ රටේ ප්‍රශ්න විසඳෙනවාද? අනුර කරන යෝජනාව අනුව ඔහු දේශපාලනඥයෙක්ද කියා සිතා ගත නොහැක.මෙය එතරම්ම මුග්ධ, අදේශපාලනික සහ විසුළුකාරී යෝජනාවකි.

අඩුම තරමින් මැතිවරණයකින් පසුව මේ රටේ 'විශ්වාසනීය ස්ථාවර පාලනයක්' බිහිවෙනවා කියා ටක්කෙටම ඔහු පවසන්නේ කෙසේද? ඒ විශ්වාසනීය ස්ථාවර පාලනයෙන් ප්‍රශ්න විසදෙනවා කියන්නේ කෙසේද? අනෙක මේ 'විශ්වාසනීය ස්ථාවර පාලනයක්' කියන්නේ කුමක්ද? ජවිපෙ ආණ්ඩුවක්ද? සජබෙ ආණ්ඩුවක්ද? නැතිනම් පොහොට්ටු ආණ්ඩුවක්ද? එහෙමත් නැතිනම් හවුල් ආණ්ඩුවක්ද,

මේවාට පැහැදිලි පිළිතුරු අනුර හෝ ජවිපෙ සතුවිය යුතුය. රටේ මේ මොහොතේ පවතින තත්වයන් අනුව ඉදිරි මහ මැතිවරණයකින් බහුතර බලයක් ලබා ස්ථාවර පාලනයක් බිහිවීමක් ගැන කල්පනා කළ නොහැක.

මේ තිබෙන වියවුල්කාරිත්වය තවදුරටත් උග්‍රකරවන්නක් මිස වෙනකක් වීමට ඉඩක් නැත. අනෙක සිහි බුද්ධියක් ඇති මිනිහෙක් මේ වෙලාවේ මැතිවරණයක් බලාපොරොත්තු වන්නේ නැත. දැනුමක් තේරුමක් ඇති අය ඉල්ලා සිටින්නේ සමස්ථ පාර්ලිමේන්තුවම එක ආණ්ඩුවක් බවට පත්වී රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීමට කටයුතු කරන ලෙසය. මේ හැර වෙන පිළිතුරක් පේන තෙක් මානෙක නැත.

අනුරලා සජිත්ලා මේ මොහොතේ මැතිවරණ ඉල්ලා සිටින්නනේ රටටට ජනතාවට ඇති අමුතු ආදරයක් නිසා නොවේ. තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට රටේ අර්බුදය පාවිච්චි කිරීමට පමණය. ජනතාව විඳින දුකක් ඇති නම් එය තමන්ගේ සැපත කර ගැනීමට මේ අය මාන බලමින් සිටින බව අදත් පැහැදිලිවම පෙන්වා තිබේ.

මේ අය ජුලි 09 වෙනිදා රට ගිනි තියමින් නටන්න හදන නාඩගමේ ඇත්ත අරමුණු දැන් ජනතාව තේරුම් ගත යුතුය. නමුත් අනුරලා රට රවටන හැටියට මේ ජවිපෙ ත්‍රාස්ත ක්‍රියාකරකම් වලද ජනතා සහයක් හිමි නොවනු ඇත. ජනතාවට මුවා වී ජවිපෙ සාමාජිකත්වය පසුගිය මැයි 09 වනදා රට ගිනිලෑවේ කොහොමද මෙවරත් එයම වෙනම ඇතිය.

මේ අවස්ථාවාදීන්ගේ. තක්කඩින්ගේ දේශපාලන මර උගුල් වල නොවැටී සිටින්නට ජනතාව වඩවඩාත් පරිස්සම් විය යුතු කාලයක් බව අවසන් වශයෙන් පවසමු.

 

-the novemberist

Last modified on Tuesday, 05 July 2022 22:54

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us