බස් ගාස්තු වැඩියෙන් ගත්තොත් 1955 ට කියන්න.. වන්දියක් ගත හැක.

Published in පුවත්
Tuesday, 05 July 2022 11:33

බස් මගීන්ගෙන් නියමිත ප්‍රමාණයට වඩා මුදල් අය කරන්නේ නම් 1955 යන ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජාතික ගමනා ගමන කොමිෂන් සභාව දැනුම් දෙයි.


බස් රථයෙහි අනිවාර්යයෙන්ම ගාස්තු ප්‍රදර්ශනය කළ යුතු බව ද ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා සදහන් කරයි.

මේ සම්බන්ධව සොයා බැලීමට ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන් යොදවා තිබුණ ද එම කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ප්‍රායෝගික ගැටලු පවතින බවත් එම ගැටලු මඟහරවා ගැනීම සඳහා ඉහත දුරකථන අංකය භාවිත කරන ලෙසත් දැනුම් දෙයි.

පසුගිය දිනවල විටින් විට බස් ගාස්තු වැඩිවීම් සිදුවීම නිසා වැඩිවන බස් ගාස්තුව සම්බන්ධයෙන් නිසි අවබෝධයක් මඟී ජනතාවට නොලැබීමත් දිගින් දිගටම ගාස්තු වැඩිවීම සිදුවීම නිසා ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීමට මඟී ජනතාව හුරුවීමත් මත ඇතැම් බස් රථ කොන්දස්තරවරු වංචාකාරී ලෙස වැඩි ගාස්තු අයකිරීම සිදුකරමින් සිටී.

මේ සම්බන්ධයෙන් දැනුවත් මඟී ජනතාවගේ ප්‍රශ්න කිරීම හමුවේ ගැටුම්කාරී තත්වයන්ද ඇතිව තිබිණි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට නිරන්තරයෙන්ම පැමිණිලි ලැබෙමින් පවත්න බවත් දැන ගැනීමට තිබේ.

බස් රථයේ සියළු මඟින්ට හොඳින් පෙනෙන සේ බස් ගාස්තු සංශෝධනය පිළිබඳ ලේඛනය ප්‍රදර්ශනය කළ යුතු වූවත් බොහෝ බස් රථවල ඒ සිදුකර නොමැත. ඒසේම අදාල ප්‍රවේශ පත්‍ර නිකුත්කිරීම සිදුකරන්නේද නැත. මේ ප්‍රශ්න කළ විට තවම මිළ ලැයිතුව ලබා දී නැති බවත් , ප්‍රවේශ පත්‍ර යන්ත්‍ර සකස්කළ යුතු බවටත් පිලිතුරක් මේ කොන්දොස්තර වරු සතුව තිබේ.

පෝලිම් වල දවස් ගනන් ඉඳලා ඩීසල් ගහ ගත්තේ, අතින් පාඩුකරන් මේවා දුවන්නේ, බස් ගාස්තු වැඩිකළත් පාඩුය යනාදී යනුවෙන් කරන මැසිවිලි ගොන්නක්ද මේ අය සතුය. මේ නොපිළි ගෙන කතාකරන්න ගිය විට බැරිනම් බැහැලා වෙන බස් එකක යන ලෙස ගෝරනාඩු කිරීමටද මේ කොන්දොස්තරලා සූදානමින් සිටී.

බස් රථ ප්‍රමාණවත් තරම් ධාවනය නොවන නිසා අධික තදබදය සෑම බස් රථයකම දකින්නට ලැබේ. දැඩි පීඩාකාරි ලෙස බස් රථයක ගමන් කිරිමට සිදුවීමත් කෙසේ හෝ ගමනාන්තයට යායුතු බැවිනුත් බොහෝ මඟින් මේ කොන්දොස්තරලාගේ පීඩාවන් අසාධාරණකම් දරාගෙන යෑම සිදු කරයි.

මේ තත්වයන්ට එරෙහිව පැමිණිලි කළ හැකිද යන්නවත් බොහෝ මඟීන් නොදනියි. මේ විසඳීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව 1955 ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දීම පමණක් ප්‍රමාණවත් නැත. මඟී ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමද විය යුතුය. එසේම අකටයුතු වැඩ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

වැඩි බස් ගාස්තු අයකිරීමක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් නියමිත පරිදි පැමිණිළි කිරීමෙන් ප්‍රවේශ පත් ගාස්තුව මෙන් කිහිප ගුණයක වන්දි මුදලක් පැමිණිළිකරුට ලබා ගත හැකි බවත් දැනුවත් කළ යුතුය. මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මෙවැනි ක්‍රමවේදයක් පෙර සිටම සිදුකරන නමුත් ඒ සම්බන්ධයෙන් මගීන්ගේ දැනුවත් භාවය ද ඉතා අවමය.

මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල වලට හෝ එම වෙබ් අඩවිය (https://www.rpta.wp.gov.lk/contact-us/)මඟින් හෝ එම පැමිණිලි සිදුකළ හැක. දුරකතන අංකය 0112 860 860

 

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us