ආර්ථිකය ගොඩනැගීමේ ඉදිරි සැලසුම් පිළිබඳව ලබා දෙන ස්ථිර පණිවිඩයක් මගින් ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාවට පහසුවෙන් සහය විය හැකි බව යුරෝපා කලාපීය රටවල තානාපතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ප්‍රකාශ කර තිබේ.

ඉඩම් හා නිවාසවල අයිතිය සඳහා ඔප්පුවක් නොමැති දස ලක්ෂ ගණනක් වූ පුද්ගලයන් ට, ඉඩම් හා නිවාස අයිතිය නීත්‍යානුකූලව ලබා දිමට කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා .

“සැමට හිමි බිමක්” වැඩපිළිවෙල යටතේ ඉඩම් අහිමි පවුල් වලට ඉඩම් හිමිකම ලබාදීමේ වැඩසටහන අද උදෑසන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආරම්භ විය.

අප මුහුණ දී තිබෙන ආර්ථික අර්බුද ගනනාවේ මූලය ඇත්තෙ මෙරට විදේශ සංචිත හිඟවීම සම්බන්ධ ගැටළුව පදනම් කරගෙනය. මේ තත්වය ඇතිවීමට හේතුව වූයේ රාජ්‍ය පාලනයට හවුල් වූ දේශපාලනඥයන්ගේ මුගධ තකක්ඩි තීන්දු තීරණ නිසා බව පැහැදිලි නමුත් එම ගැටළුව නිරාකරණය වේ නම් මේ රටේ ආර්ථික අර්බුදයයන් විසඳා ගැනීම ප්‍රශ්නයක් නොවේ.

ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක සහිත නෞකා දෙකක් ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා මේ බව සඳහන් කර ඇත.

පවතින අර්බුදය හමුවේ අපගේ ක්‍රමවේද වෙනස් විය යුතු යැයි රාජ්‍ය නායකයා නිතර සිහිපත් කරයි.

සමීප මිතුරෙකු ලෙස උද්ගත ව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra)  පවසයි.

ආණ්ඩුව රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ඉතා වැදගත් තීරණ දෙකක් ගෙන තිබේ. පළමුවැන්න සමස්ත රාජ්‍ය සේවය පිළිබඳ අධ්‍යයනයක් සිදුකොට එය ප්‍රතිසංවිධාන කිරීමට පියවර ගැනීමය.

පෙර සුදානම ඇත්නම් බොහෝ දේ වළක්වා ගත හැකි බව අප සැවොම දන්නා කරුණකි.එහෙත් එය දැන දැනම බොහෝ තැන් වරදින්නේ එය ක්‍රියාත්මක කිරීමට උනන්දුවක් නැති වූ විටෙකය..ඉදිරියේදී ඇති විය හැකි ආහාර අර්බුදයක ඉගි මේ වන විටත් පහළ වී හමාරය..එසේනම් තවත් බලා නොසිට ඒ සදහා දියත් කළ ක්‍රියාමාර්ග ,වැඩසටහන් පිළිබදව ආණ්ඩුව මේ වන විටත් අවදානය යොමුකර තිබීම ප්‍රශංසනීයය..

ලොව පුරා විසිරී සිටින පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගුවන් ප්‍රවාහන ගාස්තුවලින් තොරව ශ්‍රී ලංකාවේ රෝහල් වෙත රැගෙන ඒමේ කාර්යය ශ්‍රීලංකන් ගුවන් සේවයෙහි ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් භාරගෙන තිබේ.

ලංකාවේ ආර්ථික අර්බුදය දැන් ඔඩු දුවා ඇති ආකාරය අනුව තවත් වසර ගනනාවක් යන තෙක් ඒ යහපත් අතට පත් කරගැනීමේ හැකියාවක් නැති බව ආර්ථික විශේෂඥයන් නිරන්තරයෙන් පහදමින් සිටී.

Connet With Us