සිපිරිගෙයින් ගොවිබිමට මහා වගා සංග්‍රාමය ඇරඹේ !

Published in පුවත්
Thursday, 23 June 2022 19:21

පෙර සුදානම ඇත්නම් බොහෝ දේ වළක්වා ගත හැකි බව අප සැවොම දන්නා කරුණකි.එහෙත් එය දැන දැනම බොහෝ තැන් වරදින්නේ එය ක්‍රියාත්මක කිරීමට උනන්දුවක් නැති වූ විටෙකය..ඉදිරියේදී ඇති විය හැකි ආහාර අර්බුදයක ඉගි මේ වන විටත් පහළ වී හමාරය..එසේනම් තවත් බලා නොසිට ඒ සදහා දියත් කළ ක්‍රියාමාර්ග ,වැඩසටහන් පිළිබදව ආණ්ඩුව මේ වන විටත් අවදානය යොමුකර තිබීම ප්‍රශංසනීයය..

ඒ අනුව මෙරට තුළ ඉදිරියේදී ආහාර හිගයක් ඇති වුවවොත් ඊට මුහුණදීමට ශක්තියක්වීමේ අරමුණින් යුතුව සෑම බන්ධනාගාර භූමියක් තුළම වගා සංග්‍රාමයක් සරුසාර සිපිරිගෙයින් ගොවිබිමට තේමාව යටතේ ආරම්භ කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර එහි සමාරම්භක උත්සවය අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන් විශෝදනය කිරීමේ මධ්‍යස්ථානයේදී අද ආරම්භ විය.

බන්ධනාගාර 30 ක් මෙරට තුළ ස්ථාපිත කර ඇති අතර එම සියලුම බන්ධනාගාර සතුව පවතින ඉඩම්, බන්ධනාගාර නිලධාරීන්ගේ නිල නිවාස හා කාර්යාල පරිශ්‍ර ඇතුළු වගා කළ හැකි සියලු ස්ථාන වගා කිරීම මෙම වැඩ සටහෙනහි අරමුණයි.

ඒ සදහා රැදවියන් දිරිමත් කිරීම, වගා කිරීම සදහා අවශ්‍ය බීජ වර්ග හා පොහොර සහනදායී ක්‍රම යටතේ ලබාදීම සිදු කරනු ලබන අතර අදාල වගා කිරීමේ කටයුතු මෙම සතිය තුළ සිදු කිරීමට කටයුතු යොදා ඇත.

තරුණ වරදකරුවන්ගේ විශෝදනය කිරීමේ මධ්‍යස්ථානයේ මේ වන විටත් වගා කිරීමේ කටයුතු සිදු වෙමින් පවතින අතර එය තවදුරටත් වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් අධිකරණ අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන් එහි පැල හා බීජ රෝපණය කිරීමේ අවස්ථාවන් සදහා එක් විය.

මේ මොහොතේ සෑම බිම් අගලකම වැවීමේ වටිනාකම දැන් දැන් අපට හොදින් වැටහේ..මෙම ක්‍රමය බන්ධනාගාර තුල පමණක් නොව පාසැලෙන් ආරම්භ කර එය සියලු ආයතන දක්වාම විහිදිය යුතුව ඇත..පාසැල් භුමියේ වැවීම ආරම්භ කිරීම දරුවන්ට සුවිශාල පාඩම් රැසක් කියා දෙනු ඇත..අප රටෙහි අපට උරුම වී ඇති මේ සරුසාර පස අපට ලැබුණු ධන නිධානයකි..එයින් නිසි ප්‍රයෝජන මෙතෙක් ගෙන ඇත්දැයි සැක සිතේ..

එහෙත් දැන් සියලු පද්ධතීන් , ආයතන පමණක් නොව සෑම නිවසකම මේ වැවීමේ සංකල්පය ළගා කර ගත යුතුව ඇත..සතුටට කරුණ නම් මෑත කලෙයේ සිට සැලකිය යුතු ප්‍රමාණයක් වගා කටයුතු වලට යොමු වී තිබීමය..එයට වත්මන් රජයෙන් පැල ,බිජ දිස්ත්‍රික් මට්ටමෙන් ලබා දී ඒ සදහා දැනුවත් කිරීමේ වැටසටහන් ක්‍රියාත්මක කරමින් මේ ක්‍රියාදාමයට මහත් රුකුලක් වත්මන් රජය සැපයු බව කිව යුතුමය..

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us