ශ්‍රීලංකන් කෙයාර්ස් රටට හිතැති සේවයක !

Published in පුවත්
Thursday, 23 June 2022 19:00

ලොව පුරා විසිරී සිටින පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගුවන් ප්‍රවාහන ගාස්තුවලින් තොරව ශ්‍රී ලංකාවේ රෝහල් වෙත රැගෙන ඒමේ කාර්යය ශ්‍රීලංකන් ගුවන් සේවයෙහි ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් භාරගෙන තිබේ.



ඔවුන්ගේ අරමුණ වන්නේ රට තුළ පවතින ඖෂධ හිඟයට මුහුණ දීම සහ රෝහල්වල දැනට අත්‍යාවශ්‍ය ඖෂධවලින් යැපෙන රෝගීන්ට කාලීන සහන සැලසීමයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් ප්‍රංශය, ඉන්දුනීසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, කුවේට් සහ නේපාලය ඇතුළු ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිටින පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන ලද හදිසි වෛද්‍ය සැපයුම් ගුවන්ගත කිරීම අඛණ්ඩව සිදු කරනු ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ අනුග්‍රහය ඇතිව භාණ්ඩ ප්‍රවාහන ගාස්තු වලින් තොරව මෙම වෛද්‍ය සැපයුම් ගුවන් ගත කෙරෙන අතර පසුව එම භාණ්ඩ රිජ්වේ ආර්යා ළමා රෝහල වැනි වෛද්‍ය ආයතන වෙත බෙදා හරිනු ලැබේ. ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් මෙම ක්‍රියාවලිය වේගවත් කිරීමට උපකාරී වන අනුමැතියන් ලබා ගනිමින් මෙන්ම මෙම භාණ්ඩ තොගය සංවිධාන කිරීම සහ බෙදාහැරීමට සහය ලබාදෙනු ඇත.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට රටේ ඉතිහාසයේ උග්‍රතම ඖෂධ හිඟයට මුහුණ දෙමින් සිටින අතර, එහි සේවාවන් මත යැපෙන අයගේ ජීවිත පවා අනතුරට ලක්වීමේ අවධානමක් පවතී. මෙම තත්ත්වයන් හමුවේ, ශ්‍රීලංකන් කෙයාර්ස් රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ රැගෙන ඒම සඳහා මෙම පියවර ගෙන ඇති අතර එය සැබවින්ම කාලෝචිත මැදිහත්වීමකි.

මේ වන විට ඇතැම් රෝග වෙනුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ මෙරටින් සොය ගැනීමට නොහැකි වීම නිසා රෝගීභාවයට ලක්ව සිටින්නන් සහ රෝගයට ගොදුරු විය හැකි අය සිටින්නේ අනතුරු දායක තත්වයකය. ඇතැම් විට ඒ ජීවිතයත් මරණයත් අතර සටනක් විය හැකිය.

මේ තත්වය හමුවේ අප කළ යුත්තේ රට මේ තත්වයට ඇද දැමූවන් සොය සොයා බැන අඬ ගසමින් හන්දිගානේ පිට්ටනි ගානේ කෑ කෝගසමින් සිටීම ද? නැතිනම් මේ ඖෂධ අවශ්‍යතාවය තමන්ට තිබෙන විදේශ සම්බන්ධකම් හරහා මෙරටට ලබා ගැනීමට උත්සාහයක් හෝ දැරීමද?

මේ රටේ බොහොමයක් දේශපාලන පක්ෂ වල විදේශ කමි‍ටු හෝ ශාඛා කියා විදෙස් සංවිධාන ජාලයක් ක්‍රියාත්මක වේ. එහෙත් මේ දක්වා මේ කිසිදු පක්ෂයක විදේශීය සංවිධානයක් පැනඩෝල් පෙත්තක්වත් මෙරටට එවීමට කටයුතු කර තිබේද? දන්නා තරමින් නැත. මොනයම් විදිහකින් හෝ එවැනි සමාජ සත්කාරයක් වෙනුවෙන් පෙනී සිටින්නේ මෙරටම විදේශ ශ්‍රමිකයන් විසින් යන්තම් සකසාගෙන තිබෙන කුඩා සංවිධානාත්මක එකමුතුවන් විසිනි.

ශ්‍රී ලංකන් එයාර් හී ශ්‍රිලංකන් කෙයාර්ස් සංවිධාන සාමාජිකයන්ට ඇති විදේශ සම්බන්ධකම් හරහා මෙරටට අවශ්‍ය ඖෂධ එකතු කර ලබාදිමට පියවර ගැනීම ගැන අප යළි යළිත් අනේක වාරයක් ස්තූති කළ යුත්තේ, බල පෙරේතකමට ආණ්ඩු බලයක් අල්ලා ගැනීමට නැතිනම් පවතින පාලනයේ කටයුතු කඩාකප්පල් කිරීමටම සැදී පැහැදී සිටින් දුෂ්ඨ බලවේග අද ක්‍රියාත්මක වන නරුම ,නින්දිත ආකාරය අපේ ඇස්පනා පිට පෙනෙන්නට තිබෙන නිසාය.

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us