විදේශ විනිමය අර්බුදය හේතුවෙන් රටපුරා ඉන්ධන, ගෑස් පෝලිම් නිර්මාණය වී තිබේ. උද්ධමනය වැඩි වී භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට විදෙස් ගත ශ්‍රී ලංකික දෙමළ ජනයාගෙන් ආධාර අපේක්ෂා කරන ආණ්ඩුව පසුගිය සමයේ මෙරට ත්‍රස්තවාදයට අනුබල දෙන සංවිධාන ලෙස සලකා තහනම් කරන ලද දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සහ පුද්ගලයන්ට පනවා තිබු තහනම ඉවත්කිරීමට ඇති සුදානම ජාත්‍යන්තරය හමුවේ ප්‍රකාශයට පත්කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ නොහොත් ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටවූ පසුව මුලින්ම කරන්නේ කුමක්ද යන්න ගැන එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආර්ථික ඔස්තාර් සුනිල් හඳුන්නෙත්ති පැහැදිලි ප්‍රකාශයක් සිදු කර තිබේ. මව්බිම පුවත් පත පළ කර තිබෙන එම ප්‍රවෘත්තිය අනුව ජාජබය සිදු කරන මුල්ම වැඩේ 2019 දී වත්මන් ආණ්ඩුව පිහි‍ටු වන අවස්ථාව වන විට පැවැති මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 7.5 ට සිදු වූයේ කුමක්ද යනන් සෙවීමය.


ගෝලීය මට්ටමින් තාක්ෂණික නව්‍ය ව්‍යවසායක සංවර්ධන පරිසර පද්ධති (Startup Ecosystems) ඇති රටවල් අතුරින් ශ්‍රී ලංකාව පුහුණු ශ්‍රම බලකායක් ඇති ප්‍රධාන රටවල් පහ අතරට එක්වී ඇති බව අන්තර් ජාතික 2022 Global Startup Ecosystem Report (GSER) නවතම වාර්තාව අනාවරණය කරයි .

21 වෙනි සංශෝධනය ජයග්‍රහණය කරවීම සඳහා විවිධ දේශපාලන මත දරන පරිණත පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්ව කටයුතු කිරීමට සැරසේ. රටට හිතැති, අවංක, දක්ෂ, අත්දැකීම් බහුල පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්ව ගමනක් යාමේ බලාපොරොත්තුවෙන් 21 වෙනි සංශෝධනය අරමුණු කරගෙන මෙසේ එක්ව කටයුතු කිරීමට සූදානම් වේ.

ඉදිරියේදී ආහාර තොග රැස්කර තබා ගැනීම වැලැක්වීම සඳහා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි රජය නව නීති සම්පාදනය කරන බව ද අග්‍රාමාත්‍ය වරයා ප්‍රකාශ කරයි.

ගෑස් බෙදාහැරීමේ කටයුතු දින 11කට පසු අද (15) සිට යළි සිදුකරන බව ලිට්‍රෝ සමාගම සදහන් කරයි.

සහල් හිගයක් පිළිබඳ රාවයක් මේ දිනවල පැතිරේ. ඒ අනුව ඇතැම් මුළුතැන්ගෙවල් සහල් ගබඩාවක ස්වරූපය ගෙන ඇත.

දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීම ට ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල පත්‍රිකාව ට අනුමැතිය හිමිවූ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

විදුලිබල පනත සම්මතවීමත් සමග පළමු පියවර ලෙස 2014 වර්ෂයේ සිට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් අවශ්‍ය සියලුම අනෙකුත් බලපත්‍ර ලබා විදුලිය මිලදීගැනීමේ ගිවිසුම් ගත වීම කිරීමට නොහැකි වූ ව්‍යාපෘති 60ක බලපත්‍රලාභීන්ට සති දෙකකින් ගිවිසුම් ගතකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා තීරණය කර තිබේ.

Connet With Us