රැස් කර ගැනීමෙන් ඇතිවන අර්බුද ! Featured

Wednesday, 15 June 2022 13:20

සහල් හිගයක් පිළිබඳ රාවයක් මේ දිනවල පැතිරේ. ඒ අනුව ඇතැම් මුළුතැන්ගෙවල් සහල් ගබඩාවක ස්වරූපය ගෙන ඇත.

සමහරු දවස තිස්සේ සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ එක් රැස් කිරීමට පෙලඹී ඇත. එහෙත් එය අනියත බියකි.

ඉකුත් මහ කන්නයේ අස්වනු මෙරටට ඉදිරි මාස 4කට පමණ ප්‍රමාණවත්ය. එය කෘෂි විශ්ලේෂකයන් අවධාරණය කරන්නකි. පාරිභෝගික කටයුතු අධිකාරියත් ඒ බව වාර්තා කර ඇත. එසේම, පාලන මිලක් පනවා රජය මඟින් දේශීය සහල් අධික මිලට අලෙවි කිරීමට දත කන කූට වෙළෙදුන් මට්ටු කිරීමට කටයුතු කර තිබේ. ඊට අදාළ වැටලීම් කොළඹ තොග ගබඩාවල සිට දුර බැහැර කඩ වීදිය දක්වාම ක්‍රියාත්මක ය. එහිදී නීති තදින් ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව පවසයි. මේ අනුව සහල් හිගයක් පිළිබද ජනතාව බිය විය යුතු නැත.

අනෙක් අතින් ලබන මහ කන්නයට නොඅඩුව කෘෂි යෙදවුම් මෙරටට සැපයීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පොරොන්දු වී තිබේ. ඊට එමඟින් මුදල් වෙන් කර ඇත.

එය රටට ඉතා වැදගත් කරුණකි. එහෙත් රටවැසි කාගේත් දායකත්වය මෙරටට මෙකල ඕනෑය. වගා සංග්‍රාමයකින් රටම සරු කිරීම ළඟ එන ලෝක ආහාර හිගයටත් හොඳ සූදානමකි. ගෙවත්තේ හැකි උපරිමයෙන් ආහාර භෝග වගා කර ගැනීම ඊට මගකි. මේ වනවිටත් හුග දෙනකු එම මෙහෙවරෙහි නිරතව සිටිති. පාසල්, පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන ඒ සඳහා පෙරමුණ ගෙන ඇත.

මෙම අභියෝගය හමුවේ බොර දියේ මාළු බා ගන්නා පිරිසක් ද නැතුවා නොවේ. ඔවුහු විවිධ කට කතා පතුරවමින් සමාරයේ කිසිදු පදනමක් නැති ප්‍රචාර ගෙන යමින් සිටිති. හෙට සහල් මිල වැඩි වෙනවා යැයි පතුරවන මොවුහු සුපිරි වෙ‍ෙළඳසල් ඇතුළු අනෙකුත් වෙ‍ෙළඳසල්වල ඇති සහල් රැස් කර ගනිති. මෙම අනියත බිය හේතු‍වෙන් වෙ‍ෙළඳපොළට එන සියලු සහල් තොග නොසිතූ පරිදි නොසිතූ කලයකදී අලෙවි වී අවසන් වේ.

යූරියා ඇතුළු රසායනික පොහොර දෙන්නේ නම් සහල් ගැටළුවක් නොවනු ඇති වග ගොවීන්ගේ අදහසයි.. ඒ අනුව රජය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඊට මැදිහත්ව සිටියි. එම සාකච්ඡා අනුව මෙරටට අවශ්‍ය රසායනික පොහොර ණය මාර්ගික වශයෙන් දීමට ඉන්දියාව එකඟ වී ඇත. ලබන මස මුලදී එම තොග මෙරටට ලැබෙන වගත් ඊට අදාළ එකගතාවලට දැනටමත් එළැඹ තිබෙන බවත් කෘෂිකර්ම ඇමැතිවරයා අවධාරණය කරයි. දැනට එම පොහොර මිටියක් කළුකඩේ ඉහළ මිලකට අලෙවි වෙයි. ඊට වඩා කිහිප ගුණයක් අඩුවෙන්, සහන මිලකට ගොවීන්ට දෙන බවටත් ඇමැතිවරයා පවසයි.
අප මේ ගෙවා දමමින් සිටින්නේ අතිශය අසීරු දායක මොහොතක් බැවින් සියලු දෙනා එක්ව කටයුතු සිරීම අප සියල්ලන්ගේ ප්‍රමුඛ වගකීම වී තිබේ.

-මහේෂි

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us