සුභවාදී අපේක්ෂා තුළින් අර්බුදය ජය ගත හැක ! Featured

Monday, 13 June 2022 19:41

අප හුරු වී සිටි ක්‍රමවේදයෙන් බැහැර වීමට සිදු වේ යැයි අපි කිසි දිනෙකවත් නොසිතුවෙමු.

මෙය අප කෙදිනකවත් අපේක්ෂා කළ දෙයක් ද නොවේ. අප අපේක්ෂා නොකළ දෙයක් සිදු වීම තුළ මෙය ආතතියක්, පීඩනයක්, ප්‍රශ්නයක් විදියට අපට දැනේ. මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දුන්නේ අපේ රට පමණක් නොවේ. ලෝක ඉතිහාසයේ මෙවැනි සිදුවීම්වලට මුහුණ දුන් රටවල් කොතෙකුත් ඇත. මැලේසියාව, දකුණු කොරියාව, චීනය, ඉන්දියාව වැනි රටවල් ප්‍රශ්නවලට මුහුණ දුන් විට නිර්මාණාත්මක සිතීමට පෙලඹිණි. මෙය ශ්‍රී ලංකාවේ අපට පමණක් පැමිණි ප්‍රශ්නයක් නොවේ. අනෙක් රටවලද මෙවැනි දේ සිදු වී, ඔවුන් දියුණුවට පත්වූ බව අවබෝධ කර ගත යුතුය.

රැස් කිරීමේ මානසිකත්වය යනු මිනිසාගේ හැසිරීම් රටාවකි. රටේ යම් යම් දේ හිඟ වනු ඇතැයි බිය වී සමහර පුද්ගලයන් විවිධ බඩු භාණ්ඩ එක්රැස් කිරීමට මේ වන විට පෙලඹී ඇති සෙයක් අපට දැකිය හැකිය. එහෙත් පුද්ගලයන් මෙය තේරුම් ගත යුත්තේ මෙය කොපමණ කාලයකටද කියාය...එනම් අධිකව රැස් කර ගන්නා ලද ද්‍රව්‍ය වල අවසාන ඉරණම ගුල්ලන්,පණුවන් වැනි සතුන් මගින් එම ද්‍රව්‍ය පරිභෝජනය නොකර ඉවත් කිරීමට සිදු වීමය..අනෙක් කරණය නම් මාස් පතා වැටුපක් ලබන මිනිසුන් අධිකව ආහාර පාන රැස් කර ගැනීමට මුදල් තිබුණද එදිනෙදා කුලි වැඩක් කරමින් ජීවිතය ගැට ගසා ගන්නා මිනිසාට එය කිසි ලෙසකවත් පහසු දෙයක් නොවන්නේය..කියක් හෝ මුදලක් අතැතිව බඩගින්නට හාල් කිලෝවක් මිලදී ගැනීමට යන එවන් මිනිසුන්ට වෙළද සැලෙ ගන්නට සහල් ටික බඩු ටික නැති වන විට ඔහුන්ගේ දරු පවුලේ ඉරණම කෙබදු දැයි මේ රැස් කර ගන්නා මිනිසුන්ට නොවැටහෙන්නේද..? අද බොහෝ වෙළද සැල් වල මේ ආහාර ද්‍රව්‍ය හිගයට ප්‍රධානව බලපා ඇත්තේ ඇති හැකි අයගේ මේ රැස් කර ගැනීමේ තණ්හාධික පුරුද්දය..

මේ ප්‍රශ්නයට මුහුණ දිය හැකිකේ ගෑස් නැති වීම, පෙට්‍රල් හිඟය, ඩොලර් නැති වීම මට පමණක් නොව, අප හැමෝටම ප්‍රශ්නයක් තිබෙනවා යන්න අවබෝධ කර ගැනීමෙනි. ඒ නිසා, මේ ප්‍රශ්නයට පිළිතුරක් සෙවීමට අප මෙය අවස්ථාවක් කර ගත යුතුය. එහෙත් අප සමහර විට ඒවාට උත්තර සෙවීමට උත්සාහ කරන්නේ නැත. ආතතිය මත්තේම නැහීමට අපි කටයුතු කරන්නෙමු. ගෑස් හිඟයක් තිබේ නම්, ගම්බදව ජීවත් වන අය ළිපක් දල්වා ගැනීමට උත්සුක වීම පවත්නා තත්ත්වයට විසඳුමකි.
ප්‍රශ්න පැමිණෙනවා වගේම නැති වන බවද අප තේරුම් ගත යුතුය. පෝලිම් එනවා වගේම රට යම් තරමකින් සශ්‍රීක වන විට මේ ප්‍රශ්න විසඳෙන බවද අප සිතට ගත යුතුය. අතීතයේද මෙවැනි තත්ත්ව ඇති වී නැතිව ගිය බව අපි දනිමු. ඒ නිසා අනාගතය සරු වෙනවා යන අපේක්ෂාවක් අප දල්වා ගත යුතුය.

-මහේෂි

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us