ජවිපෙ ආණ්ඩුවක් ආවම මූලිකම ප්‍රශ්නය විසඳන විදිහ   Featured

Thursday, 16 June 2022 12:00

ජනතා විමුක්ති පෙරමුණ නොහොත් ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටවූ පසුව මුලින්ම කරන්නේ කුමක්ද යන්න ගැන එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආර්ථික ඔස්තාර් සුනිල් හඳුන්නෙත්ති පැහැදිලි ප්‍රකාශයක් සිදු කර තිබේ. මව්බිම පුවත් පත පළ කර තිබෙන එම ප්‍රවෘත්තිය අනුව ජාජබය සිදු කරන මුල්ම වැඩේ 2019 දී වත්මන් ආණ්ඩුව පිහි‍ටු වන අවස්ථාව වන විට පැවැති මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 7.5 ට සිදු වූයේ කුමක්ද යනන් සෙවීමය.

මේ වන විට මහ මැතිවරණයක් අපේක්ෂාවෙන් සිටින ජවිපෙ එම මහ මැතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පිහි‍ටුවීම ගැන ඉහළ බලාපොරොත්තුවක් සහිතව සිටී. පසුගිය වසරක පමණ කාලයක් තිස්සේ, ජවිපෙ ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීම වෙනුවෙන් මෙරට බහුතර ජනතාවක් ජාජබය කෙරෙහි සැදී පැහැදී ඒ පි‍ටුපසින් සිටින බව ජවිපෙ නායකයන් සහ සාමාජිකයන් නිරන්තරයෙන් පෙන්වා දෙන ලදී . ඒ පිළිගන්නා ලෙස බලකිරීමක්ද විය.

ඒ අනුව ජනතාව එහෙම වුවමණාවක් සහිතව සිටිනා බව විශ්වාස කරන ජවිපෙ, මී ළඟ ආණ්ඩුව පිහි‍ටුවා ගැනීම වෙනුවෙන් අඛණ්ඩව වැඩ කරමින් සිටින අතර ඒ වෙනුවෙන් ලක ලැහැස්තිවීමක්, පෙරහුරුවක් වශයෙන් ඡායා කැබිනට් මණ්ඩලයක් පවා පසුගිය කාලයේ පිහි‍ටුව ගත් බවටත් වර්තා වී තිබිණි. ඒ අනුව රටේ ආර්ථික වගකීම් සියල්ල බාර මුදල් ඇමැතිවරයා වන්නේ මේ හඳුන්නෙත්ති මහත්තයාය.

තමන් විසින් අණ්ඩුවක් පිහි‍ටුවා රටේ අර්බුද සෙනිකව විසඳීමේ පරම පවිත්‍ර චේතනාවෙන් සිටින නිසා මේ මොහොතේ රට මුහුණ දෙමින් සිටින බරපතල අර්බුදකාරිත්වය වළකා ගැනීම වෙනුවෙන් දැනට ආණ්ඩුකරණයට සම්බන්ධ වී සිටින පාර්ශ්ව වලට කිසිදු සහයක් නොදී සිටීමටද එම පක්ෂය තීන්දුවක් ගෙන තිබෙනවා විය හැකි බව ජවිපෙ කියුම් කෙරුම් වලින්ද පෙන්නුම් කරයි.

එපමණක් නොව තමන්ගේ ආණ්ඩු සිහිනය ඉක්මනින් යථාර්ථයක් කර ගැනීමට නම් පවතින ආණ්ඩුවේ වැඩ කටයුතු කඩාකප්පල් කර, රටේ අර්බුද උත්සන්න කර, ජනතාවගේ ආණ්ඩු විරෝධය ලේ වැකි ප්‍රචණ්ඩ කැ‍රැල්ලක් දක්වා ගොඩ නැගීමද ඔවුන් බලාපොරොත්තු වෙනවාට සැක නැත. මහ මැතිවරණයක් දිනා ගත හැක්කේ එවැනි නිර්මාණාත්මක දේශපාලනික ක්‍රිමාර්ගයකින් බව ඔවුන් කල්පනා කරනවා විය හැකිය. ඒ හරියේ වැඩ ජවිපෙට සුපුරුදුය.

කොහොම නමුත් මේ ජවිපෙ නැතිනම් ජාජබය ආණ්ඩුවක් පිහිට වූ සැනින් ක්‍රියාත්මක කරන්නේනේර තිබුණු ඩොලර් සංචිතයට කුමක්ද සිදු වූයේ කියා ටක්කෙටම සොයා බැලීමය. ඒවා හොයන්න අවශ්‍යය. මහ බැංකුවේ වාර්ථා ටික බැලුවා නම් දැන් වුණත් ඒවා සොයාගත හැකි නමුත් ජවිපෙට මේ වෙනුවෙන් ස්වාධීන කොමිසම් සභාවක් , පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් වැනි දෙයක් දැමිය හැකිය, කැබිනට් අනුකාරක සභාවක් වුව පහසුවෙන් දැමිය හැකිය. නැතිනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩේ බාර කළ හැකිය. ඒත් නැතිනම් ජවිපෙටම තමන්ගේ සාමාජික කමි‍ටුවක් දමා ගත හැකිය.

මාස කිහිපයක් වැඩේ ඇදගෙන යාමේ හැකියාවද ඇත. දවස් දෙකෙන් දෙකට ඇඟ කිලිපොලා යන තොරතුරු නිකුත් කරමින්, මාධ්‍ය ලෝකය කළඹවමින් රටේ ජනතාව කූල්මත් කළ හැකිය. ඩොලරයෙන් ඩොලරයට වූයේ කුමක්ද කියා මාධ්‍ය සාකච්ඡා තබමින් නිවේදන නිකුත් කරමින්, සංවාද සම්මන්ත්‍රණ තබමින් ඕනෑ නම් ගෝල්ෆේස් පිට්ටනියට ලක්ෂ දහයක පහළොවක ජනතාවක් ගෙන්වමින් දැවැන්ත රැලියක් පවත්වා මේවා ගැන ජනතාව දැනුවත් කළ හැකිය. හන්දියක් හන්දියක් ගානේ උද්ඝෝෂණ තැබිය හැකිය. ..ගෝ ගම් පිහිටුවිය හැකිය.

පාර්ලිමේන්තුව තුළ සතියෙන්  සතිය විවාද පවත්වමින් හොඳ ගිණිකෙළියක් නැටීමේ අවස්ථාවද ඇත. ජාත්‍යන්තරය දැනුවත් කරමින් යන වැඩ පිළිවෙලක්ද සැකසිය හැකිය. ජිනීවා වුණත් යන්නට පුලුවන. වැරදිකරුවන්ට දඬුවම් දීම වෙනුවෙන්ම අලුත් අධිකරණයක් වුව ජවිපෙට පිහි‍ටු විය හැකිය.

ඩොලර් සංචිත වැය කිරීම ගැන අලුත් නීති රීතිද ගෙන ආ හැකිය. දැනට ඩොලර් ටික තියෙන්නේ එක සේප්පුවක නම් සේප්පු තුළ සේප්පු දමා සංචිත වල ආරක්ෂාවද දැඩි කළ හැකිය. සේප්පු වල යතුරු ජවිපෙ නායකයන් කිහිප දෙනෙකුගේ ඉනෙහි සඟවා තබා ගෙන ඒවා දේශපාලන මණ්ඩලය ගන්නා තීන්දු තීරණ අනුව වඩාත් විනිවිධ භාවයයෙන් යුතුව වැය කරන්න අලුත් ක්ර්ම වේදයන් වුව සැකසිය හැකිය.

ඉතින් මේ වගේ වැඩ ගොඩාක් ජවිපෙට කළ හැකිය. ජවිපෙ ආණ්ඩුව මුලින්ම කරන මේ වැඩේ කරලා ඉවර වෙනකම් මේ රටේ තෙල් පොලිම් වල, ගෑස් පෝලිම් වල, බෙහෙත් පෝලිම් වල, හාල් පාන් පෝලිම් වල, පොහොර පෝලිම් වල.., සිටින අසරණ ජනතාව ජවිපෙ දෙස බලා සිටිනු ඇති දැයි දැනට කියන්න තේරුමක් නම් අපිට නැතිය.

ජවිපෙ සිතා සිටින්නේ මේ පෝලිම් වල ජනතාව සිටින්නේ, තැන් තැන්වල උද්ඝොෂණ කරන්නේ, රණ්ඩු කරන්නේ,කැරළි ගහන්නේ, ජවිපෙ ආණ්ඩුවක් පත්කර ගැනීමට ය. ඒ ජනතාව ජවිපෙ ආණ්ඩුවකදී කරබාගෙන සිටුනු ඇතැයි ජවිපෙ විශ්වාස කරනවා විය හැකිය. ඒ නිසා මේ පෝලිම් ප්‍රශ්නයක් ජවිපෙට නැත. පොල්ම් නැති කිරීමේ විසඳුමකුත් ඔවුන්ට නැත්තේ ඒ නිසා විය හැකිය. ඩොලර් ප්‍රශ්නය නම් අදාලම නැත.

-SJ

 

Last modified on Thursday, 16 June 2022 12:28

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us