ආර්ථික පීඩාවෙන් මිදෙන්න ආණ්ඩුවෙන් අත්වැලක් ! Featured

Thursday, 16 June 2022 19:33

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් රටපුරා ඉන්ධන, ගෑස් පෝලිම් නිර්මාණය වී තිබේ. උද්ධමනය වැඩි වී භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.

ඖෂධ මිල ඉහළ යන අතරේම තවත් සමහරක් ඖෂධ හිඟය. සමාජයේ සෑම තරාතිරකම පුද්ගලයින් මේ තත්ත්වයෙන් දැඩි සේ පීඩා විඳියි.

මෙම අර්බුදය විසඳා ගැනීමේ සියලු මංපෙත් විවර කර ගැනීමට රටක් වශයෙන් අප කටයුතු කළ යුතුව තිබේ. එසේ නොකළොත් බඩගින්නේ මිය යන මිනිසුන් වාර්තා වීම, මන්දපෝෂණයෙන් පෙළෙන පිරිස් වැඩි වීම, ජීවිතාරක්ෂක ඖෂධයක් නොමැතිව මිය යන පිරිස් වාර්තා වීම ආදිය ශීඝ්‍රයෙන් වැඩි විය හැකිය. රට තුළ මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති වාතාවරණයක දේශීය නිෂ්පාදන පරිභෝජනය හරහා විදේශ විනිමය වැයවීම් අඩු කර ගැනීමට පියවර ගත යුතුව ඇත. මේ තත්ත්වයෙන් රටක් වශයෙන් ගොඩඒම සඳහා රජයත්, පෞද්ගලික අංශයත්, ජනතාවත් එක්ව දේශපාලන අරමුණු පසෙක දමා පොදු අරමුණකින් කටයුතු කළ යුතුව තිබේ.

ඒ අතර දේශීය නිෂ්පාදන කර්මාන්තය නඟා සිටුවමින් දේශීය නිෂ්පාදන අපනයනය සඳහා දිරිගැන්වීම් කෙරෙහි ද රජයේ අවධානයක් යොමුව පවතියි. එය දීර්ඝකාලීන වැඩපිළිවෙලකි. මෙයට අමතරව විදෙස්ගත රැකියා සඳහා යොමු වෙමින් විදේශ විනියම ඉපයීම කෙරෙහි ජනතාව උනන්දු කරවන වැඩසටහන් ද ක්‍රියාත්මක කර තිබේ.

මේ වැඩසටහන සඳහා රජයේ සේවකයින් ද සහභාගි කරවා ගැනීමට රජය තීරණය කර තිබේ. ඒ ජ්‍යේෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බාධාවක් නොවන සේ රාජ්‍ය සේවකයින්ට විදේශගත විම සඳහා වැටුප් රහිත නිවාඩු දීම හරහායි.

මෙකී යෝජනාව ඉකුත් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අධ්‍යයන හෝ විදේශ රැකියා සඳහා රජයේ නිලධාරීයකුට සිය සේවා කාලය තුළ උපරිම වසර පහක කාලසිමාවකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමේ හැකියාව දැන් හිමිය. මෙය ඉතා අනගි කාලෝචිත අවස්ථාවක් බව කිව යුතුය..එම අවස්ථාව මගනොහැරගෙන එයින් ප්‍රයෝජන ගැනීම රාජ්‍ය සේවකයන් සතුය..

කෙසේවෙතත් රජය, රාජ්‍ය සේවය, පෞද්ගලික අංශය මෙන්ම ජනතාවත් පක්ෂ පාට දේශපාලනය පසෙක දමා එකාවන්ව කටයුතු නොකළොත් රට තවතවත් අර්බුදකාරී තත්ත්වයකට යොමුවීම වැළැක්විය නොහැකිය. මේ මොහොතේ ශ්‍රී ලාංකිකයින් වශයෙන් සියලු දෙනා එක්ව අරගල කළ යුත්තේ මේ තත්ත්වයෙන් රට මුදවා ගැනීමටයි.

-මහේෂි

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us