මාෆියාව පරාජය කිරීමේ ප්‍රතිපල: පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති 60 ක් !

Published in පුවත්
Tuesday, 14 June 2022 12:55

විදුලිබල පනත සම්මතවීමත් සමග පළමු පියවර ලෙස 2014 වර්ෂයේ සිට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් අවශ්‍ය සියලුම අනෙකුත් බලපත්‍ර ලබා විදුලිය මිලදීගැනීමේ ගිවිසුම් ගත වීම කිරීමට නොහැකි වූ ව්‍යාපෘති 60ක බලපත්‍රලාභීන්ට සති දෙකකින් ගිවිසුම් ගතකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා තීරණය කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහ ව්‍යාපෘති ලාභීන් අතර අද පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹිණි.

විදුලිබල පනතේ නෛතික බාධාවන් ඉවත්ව ඇති බැවින් මොවුන්ට අවශ්‍ය මිලදීගැනීමේ ගිවිසුම් සති දෙකක් තුල අවසන් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දී ඇත.

පුනර්ජනනීය විදුලි ව්‍යපෘති අඩපණ කිරීමට පසුගිය කාලය පුරාම විදුලි බල ක්ෂේත්‍රයේ ඉංජිනේරු වෘත්තීය සමිති මා‍ෆියාව දිගින් දිගටම කටයුතු කළ බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබූ අතර පසුගියදා මන්නාරම සූර්ය සහ සුළං බල විදුලි බලාගාර ඇති කිරීමට එරෙහිවද මෙම මා‍ෆියාව රට තුළ විදුලිය කපා හැර කඩාකපල්කාරී ක්‍රියාවකට ද සූදානම් විය.

එහෙත් ඒ තර්ජනයන් නොතකා ඇමැති කාංචන විජේසේකර අදාල පනත් සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට සමත් විය. විශේෂයෙන්ම විදුලි බල වෘත්තීය සමිති ක්‍රියමාර්ගයට එරෙහිව සමාජය තුළින් පක්ෂ බේදයකින් තොරව බරපතල විරෝධයක් එල්ල වීම මත මෙම වෘත්තීය සමිති මා‍ෆියාවට තමන්ගේ තීරණය අකුලා ගැනීමට සිදු වූ බව පැහැදිලි විය.

කෙසේ නමුත් එම මොහොතේත් මෙම වෘත්තීය සමිති මා‍ෆියාවේ සහ ඩීසල් බලාගාර ජාවාරම්කරුවන්ගේ වුවමණාවන් සමඟ කටයුතු කිරීමට සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කළේය. අදාල පනත් සංශෝධනයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට පමණක් නොව සංශෝධනයට එරෙහිව ජනමතය ගොඩ නැංවීමටත් මෙම පක්ෂ දෙක කටයුතු කළේය.

මෙම පනත් සංශෝධනය ගෙන ආවේම මෙරට මේ මොහොතේ පවතින විදුලි බල අර්බුදය විසඳා ගැනීමට තිබූ බාධකයක් ඉවත් කිරීමටත් වඩා අනාගත අපේක්ෂා සහිතවය. මේ අනුව ඉදිරියේදී පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති ගනනාවක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබී තිබීම රටට ලැබුණු අලුත් ආලෝකයකි.

රට අඳුරේ තැබීමට වෙර දරණ දේශපාලන බලවේග මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති මා‍ෆියාවත්, දූෂිත රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයත් පරාජය කිරීම අද මෙරට ජනතාවගේත් අනිවාර්ය අවශ්‍යතාවය බවට පත්ව තිබෙන අතර ඒ ජයග්‍රහණය කරවීමට වත්මන් පාලනය විසින් කටයුතු කිරීම විය යුතුව තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us