News Items (18842)
විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය ආයතන විසින් මෙරටට ලබා දුන් ඩොලර් බිලියන දෙකක පමණ මුදලක් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමකින් තොරව පවතින බවත් එම මුදල් පීඩාවට පත්වට පත්ව සිටින ජනතාවගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීමේ හැකියාව ගැන සොයා බැලිය යුතු බව පාඨලී චම්පික රණවක පවසයි
මේ යන විදිහට ගෙවල් ගිණි තියල විතරක් මිනිස්සු නතර වෙයිද?
අද (17) පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පැවැති ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂකයා වූ අජිත් රාජපක්ෂ වැඩි ඡන්දයෙන් ජයග්‍රහණ්ය කර තිබේ.
ප්රචණ්ඩත්වය වැපුරූ, අනුබල දුන් සියළු දෙනා අත් අඩංගුවට !
සාමකාමී උද්ඝෝෂකයින් සිටි 'මයිනා ගෝ ගමට’ සහ ගෝඨා ගෝ ගමට’ පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු ඇතුළු 22 දෙදෙනකු වහාම අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද ලිඛිතව උපදෙස් දී ඇත.
මම භාරගත්තේ අනතුරුදායක අභියෝගයක්. හෙළ ගැඹුරුයි. පතුළ පේන්නෙ නෑ - රනිල්
අගමැති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කළ ප්‍රකාශය :
පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා විසින් මෙම ධූරය භාරගැනීමට මට ආරාධනා කළා. මම දේශපාලන නායකයෙකු වශයෙන් පමණක් නොව නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඉහළට ගිය ජාතික නායකයෙකු වශයෙනුයි මෙම වගකීම භාර ගත්තේ.
ආරක්ෂිත පරිසරයක් තුළ සේවය කිරීමට ඉඩ ලබාදෙන්න - ව්‍යාපාරික සංවිධාන අවධාරණය කරයි
ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ යම් හෝ සහනයක් සලසා ගත හැකි වන්නේ දැනට පවතින ආනාරක්ෂිත භාවය තුරන් කරමින් ආරක්ෂිත පරිසරයක් තුළ සේවය කිරීමට හැකියාව ලබා දී අඛණ්ඩව ආර්ථික යාන්ත්‍රණය පවත්වාගෙන යාමෙන්ම පමණක් බව පෞද්ගලික අංශයේ ව්‍යාපාරික සංවිධාන කිහිපයක් අවධාරණය කරයි.
ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් සිදුවෙමින් තිබේ. පොලිසිය අලස පිළිවෙතක.
පසුගිය මැයි 9 වනදින ගාලු මුවදොර පිටියෙන් අරැඹුණ ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ල තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු වාර්ථාවේ.මේ වන විට ප්‍රචණ්ඩ ක්‍රියාවන් හී විශාල අඩුවක් පෙන්නුම් කළ ද නගරයෙන් පිටත ප්‍රදේශවල නිවාස සහ ව්‍යාපාරික ස්ථාන වලට පහර දීම්, ගිණි තැබීම් , කොල්ල කෑම් සිදු වෙමින් පවතින බවට වාර්ථාවේ .
ගෝඨාගෝගම ඉල්ලීම් සාකච්ඡා කරන්න රනිල් කැමති වේ. ගම ගැන බලන්න කමිටුවකුත්
ගාලුමුවදොර කේන්ද්‍රකරගෙන සිදුවන අරගලයේ පාර්ශ්ව කරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන ' ගාලු මුවදොරින් ඔබ්බට' පුරවැසි ඉල්ලීම් යෝජනාවලිය මේ වන විට තමන් වෙත ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් කැමති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්ර්කාශ කරයි.
රටේ තත්වය හොඳ අතට පත් වීමට පෙර, තවත් නරක අතට හැරෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ බීබීසීට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.
කල්පිටිය, උච්චමුනෙයි දූපත විදෙස් රටකට විකුණා ඇති බවට පසුගිය දිනක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) කරුණු පැහැදිලි කර සිටී.
ඊයේ දිනයේදි (12) රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස නම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණයත් සමඟ දැන් දේශපාලන සංවාද තලය අලුත් වී ඇත.
