ඉන්දීය රජයේ සහයෝගීතාවය මත ඉන්ධන රැගත් තවත් නෞකාවක් ඊයේ (04) කොළඹ වරාය වෙත ළඟා වී ඇති බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

රටෙහි පවතින අර්බුදකාරී පරිසරය මධ්‍යයේ වුවද පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් භාණ්ඩ මිළ විචාලනය වැලක්වීම පිණිස අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටි. 

පසුගියදා ජවිපෙ නායක අනුර දිසානායක පසුගිය ආණ්ඩු විසින් සිදුකරන ලද මහා හොරකම් තොගයක් හෙළිදරව් කරණවාය කියමින් අලුත් නාඩගමක් නැ‍ටුවේය. නමුත් මෙහි අලුත් කිසිවක් තිබුණේ නැත. මීට පෙරත් ජවිපෙ සහ වෙනත් සංවිධාන විසින් චෝදනා කරන ලද සිදුවීම් පමණක් අඩංගු විය. ඒ ඇතැම් ඒවා සම්බන්ධයෙන් මේ වන විට නඩු විභාග අවසන් කර යුක්තිය පසිඳලීම සිදු කර ඇත. තවත් ඒවා තවමත් අධිකරණය හමුවේ විභාග වේ. නැතිනම් විමර්ශන තත්වයෙහි පවතී.

කොහොම නමුත් මීට පෙර යහපාලන යුගයේදී, රාජපක්ෂ සමයේදී වූවාය කියන අපරාධ විමර්ශන කඩිනම් කිරීම වෙනුවෙන්ම පිහිටවා තිබු කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින්ම ඒ බොහෝ තින්දුතීරණ ලබා දී තිබේ. එම අධිකරණය මඟින් වසර ගනනාවක් තිස්සේ විභාගකර අවසන් තීන්දුවද ලබා දුන් ඇවන්ට්ගාර්ඩ් පාවෙන අවිගබඩා සිද්ධිය පිළිබඳව තවදුරටත් අනුර කුමාරලා පරණ චෝදනා වැලම දීගින් දිගටම කිසිදු ලැජ්ජාවක් හිරිකිතක් නොමැතිව වමාරමින් තිබේ.

පරණ තැටියම

මේ වන විට මේ කරන චෝදනා වල සැර බාල වී තිබුණද විවිධ ස්වරයෙන්, හැඩයෙන් ඇවන්ට්ගාර්ඩ් හිමිකරු මහා වංචාකරුවකු ලෙස උලුප්පවා දැක්වීම සිදු කරමින් තිබේ. ඔවුන් මේ කරන කිසිදු චෝදනාවක් අධිකරණය හමුවේ සාක්ෂි සහිතව ඔප්පු කිරීමට සිදු වූයේ නැත. දේශපාලනික බලපෑම් මත යැයි සැක කළ හැකි ලෙස ඇතැම් නඩු විවිධ තාක්ෂණික දෝශ, පරස්පර සාක්ෂි ගෙතීම්, සාක්ෂි විකෘති කිරීම්.. ආදිය කරමින් නීතිපති දෙපාර්තමේන්තුව නඩු ඉදිරියට පවත්වාගෙන යෑම වැලැක්වීම සිදු කර චූදිතයන් නිදහස් කිරීමට කටයුතු කිරීම වැනි දෑ ඉතිහාසයේ සිදු වූවත්, මෙම ඇවන්ට්ගාර්ඩ් නඩුව එවැනි දෝශ හෝ මජර මඟ හැරීම් කිසිවක් නොමැතිව සිදු වූවක් බවත් නඩු විභාගය සිදුවූ ආකාරයෙන් පැහැදිලි විය.

ඇවන්ට්ගාර්ඩ් ආයතනයට එරෙහිව එල්ල වූ චෝදනා හත්දාස් ගනනකින් එකදු චෝදනාවක් හෝ සැකයක් නැතිව ඔප්පු කිරීමට පැමිණිල්ල මෙහෙය වූ නීතිපති දෙපාර්තමේන්තුවට හෝ විමර්ශනය සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වූ නාවික හමුදා නිලධාරීන්ට හෝ පොලිස් දෙපාර්තමේන්තුවට හෝ හැකි වූයේ නැත.

අධිකරණය මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කළ විමසීම් වලදී හුදු වාචික ප්‍රකාශන හැර පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් වූයේ නැත. විටෙක හිටපු නාවික හමුදාපතිවරයාට තමන් විසින් කළ වැරැද්දට අධිකරණය ඉදිරියේ සමාව ගැනීමටද සිදුවිය.

අපරාධ විමර්ශනයේ හොඳම විදිහ.

එහෙත් ඇවන්ට්ගාර්ඩ් ආයතනය විසින් තමන්ගේ නිර්දෝශී බව ඔප්පු කිරීම සඳහා සියලු චෝදනා සාවද්‍ය බව පෙන්වීමට පිළිගත හැකි ලිඛිත සාක්ෂි සියල්ලම ද ඉදිරිපත් කරනු ලැබීය.. මෙය අපූර්ව නඩු විභාගයකි. වෙනම හැදැරිය යුතු නඩු විභාගයකි. දේශපාලකයන් හෝ වේවා නීතිපති දෙපාර්තමේන්තුව හෝ වේවා කිසිවකුට එල්ල කරන චෝදනාවක් ඔප්පු කිරීමට නොහැකි වන තැන චූදිතයා විසින් තමන්ගේ සත්‍යවාදී බව කිසිදු සැක සාංකාවක් නොතබා ඔප්පු කරන්නේ කෙසේද යන්න ඇවන්ට්ගාර්ඩ් ආයතනය සහ එහි නීතිඥයන්ට හැකි විය.

අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමේදී වඩාත් උචිත මූලධර්මය වන්නේ චෝදනාව කරන්නා විසින් චෝදනාව ඔප්පු කිරීම නොව චූදිතයා විසින් තමන්ගේ නිර්දෝශීභාවය ඔප්පු කිරීම බව නූතන නීති විශේෂඥයන්ගේ මතය වී තිබේ. සිංගප්පුරුව වැනි රටක ක්‍රියාත්මක වන්නෙ එවැනි ක්‍රමවේදයකි. ඒ නිසා සිංගප්පුරුවේ අපරාධ අඩුවීමට එය හේතු වී ඇති බවත් පැවසේ.. මෙම ඇවන්ට්ගාර්ඩ් නඩුව තුළින්ද සිදු වූයේ එවැනි තත්වයකි. ඒ අනුව මෙය මෙරට අපරධ නඩු විසැදීමේදී ආදර්ශයට ගත යුතු නඩු විභාගයක්ය කීවාට වැරදි නැත. එසේම මෙහි අනෙක් අදහස නම් මෙම චෝදනා කිසිදු සැක සංකාවකින් තොරව නිශ්ප්‍රභාවීම වී ඇති බවය.

යහපාලන නිර්දේශය

මේතරම් පැහැදිලි නඩු විභාගයක් සිදු කර ඇවන්ටගාර්ඩ් ආයතනයේ නිර්දෝශී භාවය් ඔප්පු කර චූදිතයන් නිදෝස් කොට නිදහස් කර තිබියදීත් මේ අනුර ප්‍රම්‍රඛ ජවිපෙ කල්ලියත් චම්පික රණවක ඇතුළු සහචරයනුත් තවදුරටත් ඇවන්ට්ගාර්ඩ් වංචාව නමින් කොහෙවත් නැති සිද්ධියක් බදාගෙන ප‍ටු තුච්ඡ දේශපාලනයක් නිරත වීම අතිශය කණගා‍ටු දායක තත්වයකි. මේ අනුව ඔවුන් විසින් පවසන අනෙක් චෝදනා සම්බන්ධයෙන්ද බරපතල සැකයක් ඇතිවීම වැලැක්විය හැකි නොවේ. කොහොම නමුත් ජවිපෙ අනුරලා මේ වන විට සමාජය තුළ කූප්‍රකටව ඇත්තේ බොරු විදින දේශපාලුන් ලෙසය. මෙම නඩු විභාගයට පෙර යහපාලන යුගයේදී බරපතල අපරාධ පිළිබද විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේත් ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ නිර්දෝශිභාවය හෙළිදරව් වූ අතර නැවත එම ව්‍යාපාරය ඇවන්ට්ගාර්ඩ් ආයතනයට සිදුකරගෙනයැමට ඉඩ දියයුතු බවට නිර්දේශ වූ බවත් මතක් කළ යුතුය.

රජයේ ආදායම් වංචා කිරීමේ බොරුව

කොහොම නමුත් තවත් පැහැදිලි කිරීමක් කළ යුතුය. නිරන්තරයෙන් ඇවන්ට්ගාර්ඩ් පාවෙන අවි ගබඩා ව්‍යාපාරය සම්බන්ධයෙන් කතා කරන විට." නාවික හමුදාව විසින් සිදුකරමින් සිටි ව්‍යාපාරය ඇවන්ට්ගාර්ඩ් සමාගමට පවරා රජයට ලැබිය යුතු ආදායම් වංචා කළ බව...'' නිරන්තරයෙන් පැවැසේ. මෙය මූලික වශයෙන්ම පට්ටපල් බොරුවකි.

නාවික හමුදාව විසින් සිදු කළා යැයි කියන ව්‍යාපාරය කුමක්ද? යන්න මේ චෝදනා කරන වුන් පැහැදිලිව නොකියයි. මෙම ව්‍යාපාරය ඇවන්ට්ගාර්ඩ් සමාගමට පැවැරීමක් සිදු කළේ කොහොමද යැයි නොකියයි. ඇවන්ට්ගාර්ඩ් සමාගම මෙම ව්‍යාපාරයට ඇතුළත් වීමෙන් පසුව නාවික හමුදාව නිකම් හිටියාද? කිය නොකියයි. නාවික හමුදාව මෙම ව්‍යපාරය සිදුකළාය කියන කාලයේදී ලැබූ ආදායම, මේ ඇවන්ට්ගාර්ඩ් ආයතනය විසින් සිදු කළාය කියන කාලයේ දී දෙතුන් ගුණයකින් වැඩි වූයේ කෙසේදැයි නොකියයි. නැවත මෙම ව්‍යාපාරය නාවික හමුදාවට පැවැරීමට යහපාලන කාලයේදී සිදු කළ බව කියන අතර එහිදී නාවික හමුදාවට පවරනු ලැබුවේ කුමන ව්‍යාපාරයක්ද යන්න නොකියයි. එහිදී නාවික හමුදාව ලැබූ ඇත්ත ලාබය කොහොමණ දැයි නොකියයි. යහපාලනය අවසන් වෙන කොට එම ව්‍යාපාරයට සිදුව තිබුණේ කුමක්දැයි නොකියයි. එම කාලය තුළ නාවික් හමුදාව රටට ලාබයක් කළාද පාඩුවක් කළාද යන්න පෙන්වා නොදෙයි.

ඇවැන්ට්ගාර්ඩ් සමාගම රජයේ ආදායම් කොල්ල කෑවාය කියමින් බෙරිහන් දෙන, චෝදනා කරන වුන් ඔය ඉහත සඳහන් කරණ ලද ප්‍රශ්න වලට උත්තර සොයාගෙන ඇවිත් චෝදනා කරනවා නම් බොහෝ කරුණු කාරණා ඉතා පහසුවෙන් ලෙහා ගත හැකිය.

ජවිපෙ වසු පැටවුන්ට නොතේරෙන දේ

මෙහිදී අවධාරණයෙන් පැවැසිය යුතු කරුණ නම් ඇවන්ට්ගාර්ඩ් ආයතනය කිසිවිටක නාවික හමුදාව විසින් සිදු කළ ව්‍යාපාරයක් අත්පත්කර ගැනීමක් සිදු නොකළ බවත්, රජයේ ආදායම එක රුපියලකින් හෝ කොල්ල කෑවේ නැති බවත්ය. ඒ වෙනුවට නාවික හමුදාවේ ආදායම් සහ රජයේ ආදායම් දෙතුන් ගුණයකි ඉහළ දැමීමට කටයුතු කළ අතර එම ඇවන්ට්ගාඩ් නව ව්‍යාපාර සංකල්පය හරහා රටට ලැබුණු ඩොලර් ආදායම් තුන් හතර ගුණයකින් වැඩි කළේය. එසේම විශ්‍රාමික රණ විරුවන් 5000 කට පමණ සෘජු රැකියා අවස්ථා උදාකර දීමත් තවත් දහස ගනනකට වක්‍ර ආදායම් මාර්ග සකසා දුන් බවත් පැවැසිය යුතුය.

මේවා ගැන සාක්ෂි සහිතව ඇතිපදම් අප මීට පෙර ලියා තිබේ. එහෙත් ජවිපෙ වසු පැටවුන්ට මේවා තේරුම් ගැනීමේ දුෂ්කරතාවයක් තිබෙන බව නම් පැහැදිලිය.

කොහොම නමුත් ජවිපෙ කැත නින්දිත දේශපාලනය, රටේ කරුමයකට, කෙදිනක හෝ ජයග්‍රහණය කළහොත් මේ රටට යන කල දසාව කුමක් වෙනු ඇතිද යන්න ගැන ජවිපෙ මේ දක්වා කරන කියන මරිමෝඩ සහ තක්කඩිකම් වලින් තේරුම් ගැනීමට යන්තම් සිහි බුද්ධියත් තිබුණත් ඇතිය. එසේ යන්තම් සිහි බුද්ධියක්වත් නොමැති සියයට 3 ක ජනතාවට නුදුරු අනාගතයේදීවත් බුද්ධිය පහළ වේවා යැයි අපිට ප්‍රාර්ථනා කරනවා විනා වෙන කියන්න දෙයකුත් නැත.


බල්ලෝ බිරුවාට කඳු පාත් නොවන බව මේ වන විටත් ඇවන්ට්ගාර්ඩ් ආතනයතයේ සභාපති නිශ්ශංක සේනාධිපති ඔප්පුකර හමාරය. තමන්ගේ සත්‍යවාදී බව ඔහු ඔප්පු කළේ බොරුවට කෙළින්ම මුහුණ දී මිසක් වෙන වටංගු ගසා නොවේ. ජවිපෙට තවත් පාළු අම්බලම් වල හිඳගෙන කටමැත දෙඩීමේ හැකියාවත් නිදහසත් ලැබී තිබෙන මුත් සේනාධිපතිගේ සුහද ආරාධනාව පිළිගෙන හෝ ඔහු ඉදිරියට පැමිණීමට කොන්දක්වත් නැති බව ද මේ වන විට ඔප්පු වූ කරුණකි.

 

- the novemberist

ඉන්දියාවෙන් ලැබුණු ණය ආධාරවලින් ඩොලර් මිලියන 750ක යකඩ ගෙන්වනවා යැයි ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් අසත්‍යයක් බව සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිඳු සහායක් ලබා නොදෙන බව අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.

පැවැති ආණ්ඩු සමයන්හිදී සහ වත්මන් ආණ්ඩු සමයෙහි සිදුව ඇති බව කියන දුෂණ, වංචා, අක්‍රමිකතා, අපරාධ ‍රැසක් සම්බන්ධ ලිපි ගොනු රාශියක් අද (03) දින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකගේ ප්‍රමුඛත්වයෙන් එම පක්ෂයේ සංවිධානයක් වන දූෂණ විරෝධී පෙරමුණේ කටයුත්තක් ලෙස ප්‍රසිද්ධ කෙරිණි.

සතොස ආනයනික සහල් තොග අවසන් වන තෙක් සුපිරි වෙළෙඳසල්වලින්ද එම මිලටම සහල් දෙන බව වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ වන විට මෙරට පවතින අර්බුදය රටේ ගමන්මඟ කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී. විරෝධතා ඔස්සේ ගොඩනැඟුණු දේශපාලන අර්බුදය ආණ්ඩුව කෙරෙහි වඩාත් බලපෑම එල්ල කළේ පසුගියදා අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමත් සමඟය.

අද වන විට අප ගෙවන්නේ අර්බුද රැසක් පැන නැඟී ඇති කාල පරිච්ඡේදයකය . ජනතාව ඉල්ලා සිටින්නේ ආර්ථික සහන පමණක් නොව පාලකයාගේ වෙනසක් , ආණ්ඩු මාරුවක්, සිස්ටම් චේන්ජ් එකක් ආදී වශයෙන් විවිධ වුමණාවන්ය..

පොහොර ආනයනය කරන සමාගම්වලට මිල සූත්‍රයක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව පොලොන්නරු දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතයන් සමඟ පෙරේදා පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම හා වාරිමාර්ග ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය.

Connet With Us