ජනතාව ඉල්ලා සිටින්නේ සහන පමණක්ද ? Featured

Monday, 02 May 2022 12:24

අද වන විට අප ගෙවන්නේ අර්බුද රැසක් පැන නැඟී ඇති කාල පරිච්ඡේදයකය . ජනතාව ඉල්ලා සිටින්නේ ආර්ථික සහන පමණක් නොව පාලකයාගේ වෙනසක් , ආණ්ඩු මාරුවක්, සිස්ටම් චේන්ජ් එකක් ආදී වශයෙන් විවිධ වුමණාවන්ය..

එහෙත් එසේ සිතු පමණින් රටක නායකයෙක්, දේශපාලන ආර්ථික ක්‍රමවේදයක් වෙනස් කළ නොහැකිය..ඒ සදහා පිළිගත් නෛතික ක්‍රමවේදයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අතර එය අභියෝගයට ලක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය පිළිගන්නා රටක දී අනුමත කළ නොහැකි තත්වයකි.

පිළිගත් ව්‍යවස්ථා රාමුවෙන් පිටත එය සිදුවේ නම් ඒ යම් යම් බලවේග වල දේශපාලනික වුවමණාවන් මත සිදුවන කැරැළි ගැසීමක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාදාමයක් වීම ද නොවැලැක්විය හැකි වෙනු ඇත. එහෙත් මේ ගෙවෙන්නේ එවැනි ප්‍රචණ්ඩකාරිත්වයකින් අර්බුදයන්ට විසඳුම් සොයාගත හැකි කාලයක් නොවේ. එය තව තවත් රට විනාශයම කරා යනවා මිස වෙනකක් සිදු නොවේ. පවතින පාලනයට එරෙහිව සිටින කොටස් පවා මේ අර්බුදයන්ට ඉක්මන් විසඳුම් නොමැති බව පෙන්වා දෙන තත්වයන් යටතේ මේ බව පැහැදිලිය.

කෙසේවෙතත් මේවන විටත් පාලක පක්ෂය උත්සාහ දරන්නේ මේ අර්බුද මැඬපවත්වා රට සාමාන්‍යකරණයකට ලක් කිරීමටය. ඒ අතර එක් පැත්තකින් අන්තර්වාර පාලනයකට යා යුතු බව මහා නායක හිමිවරු,කාදිනල්තුමා,සෙසු ආගමික නායකයන් බොහෝ සිවිල් සංවිධාන ඇතුළු දේශපාලන පක්ෂ ගනනාවක අදහසයි. එම ඉල්ලීම් වලට සවන් දුන් ජනාධිපතිවරයා සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයකට යෑම මේ වන විට පිළිගෙන තිබේ.

එහෙත් අන්තර්වාර පාලනය සුපුරුදු ආණ්ඩු කෙරුවාව නොවිය යුතුය. යම් කිසි දේශපාලන කණ්ඩායමක් මේ මොහොතේත් මෙම ක්‍රමය හරහා තමන්ගේ පටු පාර්ශ්වික අරමුණු ඉෂ්ඨ කර ගන්න උත්සහා ගන්නවා නම් එහි පලවිපාක විදින්න වෙන්නෙත් මේ රටේ ජනතාවටම පමණක් නොව තමන්ටත් බව සිහි තබා ගත යුතුය.

මේ මොහොතේ සැවොම එක් අරමුණක් වෙනුවෙන් ,මේ රට ගොඩනැගීම වෙනුවෙන් සිට ගත යුතුයි. ඒ වගේම රටේ ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩ ඒමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවට රටෙහි දේශපාලන ස්ථාවරත්වය පෙන්වීමත් අවශ්‍යය. ඒ නිසා බුද්ධිමත්ව, රට ගැන සිතන, නායකත්වයෙන් වැඩ කටයුතු කරන අය අන්තර්වාර පාලනයේ වගකීම් ඉසිලිය යුතුයි. මෙය හුදු ආණ්ඩු පාලනයක් නොවන බවත් සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් තබන මුල් අඩිතාලම බවට හරවාගත යුතු බවත් තේරුම් ගත යුතුයි.

ඒවගේම මතක් කළ යුතුයි, මෙතැනදී පවතින අර්බුදයයන්ට හේතුව වත්මන් ආණ්ඩුවය යනුවෙන් චෝදනා කර ඊට පමණක් ඇඟිල්ල දිගු කර වැඩක් නැති බව. මෙය බොහෝ කලක් තිස්සේ එකතු වෙමින් පැමිණි අර්බුද වල අවසාන ප්‍රතිපලයයි.

නිදහසෙන් පසුව සෑම ආණ්ඩුවක්ම ලේසියට පහසුවට ගියේ ණය මත යැපෙන ආර්ථිකයක් මතයි. ඊළඟට පත් වෙන ආණ්ඩුවලට සිදු වූයේ පෙර පැවැති ආණ්ඩුවල ගත් ණය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ පියවන්නයි. සිස්ටම් එක මෙහෙම ගලාගෙන ගියාම සිදු වෙන්නේ තව තවත් ණය උගුල්වලට පැටලීමටයි. මුලින්ම පුරවැසියා මෙය අවබෝධ කර ගත යුතු සත්‍යක්. එහෙත් මේ වන විට පවතින තත්වයන් යටතේත් ණය ගැනීම හැර වෙනත් විසඳුමක් පෙනෙන තෙක් මානයක නැත. අඩුම තරමින් ඩොලර් බිලියන් 50 කට වැඩි ණය කන්දරාව පියවා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙක් ගොඩනාගා ගැනීමවත් අන්තර්වාර පාලනය තුළින් ස්ථිර සාර වැඩපිළිවෙලක් යෝජනා කළ යුතුය. රට වැසියා මේ වෙනුවෙන් පාලක පක්ෂයට උපරීම සහයෝගය දක්වන්නේ නම්, මේ පවතින අර්බුධකාරී තත්වයන්ගෙන් ගොඩ ඒමට මාර්ගයක් විවෘත කර ගැනීමට හැකි වෙනු ඇත.

- මහේෂි

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us