අන්තර්වාර පාලන ආණ්ඩුවකින් අර්බුදයට විසදුම් සොයමු !

Saturday, 30 April 2022 21:29

ශ්‍රීලංකාව මේ වන විට මුහුණ දී ඇත්තේ නිදහසින් පසු කාලයේ මුහුණ දෙන වාඩාත්ම පීඩාකාරී අර්බුද සමයකට බව අමුතුවෙන් කිව යුතු නැත.

දශක ගනනාවක් පුරා අනුගමනය කරන ලද වැරදි අඩුපාඩු සහිත ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති වල තර්කානුකූල ප්‍රතිපල අද අත්විඳීමට සිදුව තිබේ. අද මහජනතාව තැනිත් තැනට ඒකරාශී වී තමන් මුහුණ දෙන සමාජ ආර්ථික ගැටළුවලට විසඳුම් ලබා දෙන ලෙස උද්ඝෝෂණය කිරීම වැරදි නොවේ. ජනතාවට වෙන කරන්න දෙයක් නැත. අද මේ තත්වයට මුහුණෙ දීමට සිදුව තිබෙන්නේ වත්මනෙහි රාජ්‍යයේ පාලනය භාරගෙන තිබෙන ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවටය. ඔවුන හමුවේ දැන් ඇත්තේ දැවැන්ත අභියෝගයකි.

පවතින ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇති අතර හෙට දවසේදී එය බරපතල සාමාජීය අර්බුදයක් බවටත් එතැනින් නොනැවතී මානුෂිය ඛේදාචකයක් බවට වුව පත් විය හැකි බවට ඇතැමුන් පෙන්වා දෙයි.. එනම් රට මේ වන විට පවතින්නේ අතිශය බරපතල අනතුරක් මුව විටය. ඒ අනතුරට මුහුණ දෙන්න සිදුවන්නේ ජාති ආගම් කුලමල පක්ෂ පාට කිසිදු බේදයකින් තොරව සමස්ථ පුරවැසියාටමය. මේ නිසා තව දුරටත් මේ වෙනස්කම් කර තියාගෙන අපට ගහමරාගන්නට කාලයක් අවකාශයක් ඉතිරි නැත. සිහිබුද්ධියක් ඇති කවරකුට හෝ මේ තේරුම ගැනීම අමාරු නැත. සියළු දෙනා එකමුතුව මේ අනතුරෙන් ගැලවිය යුතු බව ගැන දැන් කිසිදු විවාදයක් තිබිය නොහැක.

දැන් කළ යුත්තේ කුමක්ද? මේ සියළු අර්බුද වලට වගකිව යුත්තේ වත්මන් පාලකයා කියා ඔහුව පන්නා දැමීම නොවන බව පැහැදිලිය. මන්ද පාලකයා මාරු කළා කියා විසඳෙන අර්බුදයක් නොමැති බැවිනි. කිසිවකුට පවතින අර්බුදය විසැඳීමට උත්තර නැති බව ඒ ඒ පාර්ශ්වල කියුම් කෙරුම් වලින් මේ මාස කිහිපය තුළදීම පැහැදිලිව තිබේ. අවසානයේ අප පැමිණ ඇත්තේ සියළුදෙනාගේ සහභාගිත්වයෙන්, සහයෝගයෙන්, සමඟියෙන්, පොදු සම්මුතියක් තුළින් විසඳුමක් සොයා ගත යුතුය කියන තැනටය. ඒ මඟ හැර යෑම කළ හැක්කේ රටෙත් ජනතාවගේත් ද්‍රෝහියෙකුටම පමණි.

ඒ කොහොම නමුත් මේ වන විට යම් සම්මුතියක් ගොඩනඟා ගැනීම වෙනුවෙන් දේශපාලන ආකෘති ගැන සාකච්ඡා ආරම්බ වී තිබේ. රටේ පවතින ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ ආණ්ඩු වෙනසකින් හෝ අන්තර්වාර පාලන ආණ්ඩුවකින්ද? එය මේ දිනවල පවතින සංවාදාත්මක මාතෘකාවක් බවට පත් වී ඇත.. කෙසේවෙතත් අර්බුදයෙන් රට ගොඩ ගැනීම සදහා මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ,මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු අනෙක් ආගමික නායකයන් , විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන්, උගතුන් වියතුන් ,නිතිඥ සංගමය ඇතුළු බහුජන සංවිධාන මෙන්ම රටේ බහුතරයක් පිරිසකගේ යෝජනාව වී ඇත්තේ සර්ව පාර්ශ්වික අන්තර්වාර පාලන ආණ්ඩුවක් අවශ්‍ය බවය.

ඒ සියලු ඉල්ලීම් වලට කන් දෙමින් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට එකඟතාව පළ කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලු පක්ෂ නියෝජිතයින්ට ඇරයුම් කරමින් සිටි. එසේම එම නව පාලනය නියමාකාරයෙන් පවත්වා ගෙන යෑම උදෙසා ජාතික උපදේශක සභාවක් පත් කිරීමටද යෝජිතය. නව අන්තර් පාලනය ගොඩනඟන්නේම ඉදිරියෙහි වීමට නියමිත මහා අනතුරෙන් රට ගලවා ගැනීම වෙනුවෙන්ම පමණි.

රටට දැන් අවශ්‍ය පුළුල් දේශපාලනික සන්ධානය, පොදු එකඟතාවය, සම්මුතිය මේ හරහා ගොඩනැඟීම සිදුවෙනු ඇත.

මේ අර්බුධයෙන් ගැලවෙන්න මේ තනි මතවලට, තනි ගමන් වලට වඩා සාමූහික ප්‍රයත්නයක් රටට දැන් අවශ්‍යයි. එය පාර්ලිමේන්තුව තුළ වන පක්ෂ වලින් එපිටට ගොස් සෑම පුරවැසියකුම රට රැකගැනීම වෙනුවෙන් එකතු විය යුතුයි. මේ සඳහා සියළු දේශපාලන පක්ෂ වලට බල කිරීමත් පුරවැසියා සිදුකළ යුතුයි.

මේ අනුව එක රටක්, එක ජාතියක් ලෙස ක්‍රියා කරමින් පවතින තත්ත්වයෙන් රට මුදා ගැනීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් වනු ඇත.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයක් පවතින රටක, සර්ව පාක්ෂික සමුළු, සර්ව පාක්ෂික ආණ්ඩු කැදවන්නේ ජාතික ආපදාවක්, ආර්ථික අර්බුධයක් වැනි අසීරු අවස්ථාවකදී පුළුල් පෙරමුණක් ලෙසින් ඒකී අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම සදහා අදහස් හා යෝජනා ලබාගැනීම සඳහාය. එය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු කරණයේ විශිෂ්ට මෙන්ම සාමාන්‍ය පිළිවෙතද වේ.

ආණ්ඩුවක් වැටුණොත් තවත් ආණ්ඩුවක් බලයට පැමිණිය හැකිය..එහෙත් රාජ්‍යක් වැටුණොත් රාජ්‍යයක් බලයට එන්නේ නැත.. රාජ්‍යයක් බිඳ වැටෙනවා කියන්නේ රාජ්‍යයේ අවසානයයි. අද ලංකාව මුහුණ දෙමින් තිබෙන්නේ එවන් තත්ත්වයකටය..එනම් අරාජිකත්වයට පත්වීමේ අනතුරකටය. එතැනට තල්ලු වුවහොත් විසඳුම් සොයා ගැනීමට කිසිවකුත් රටේ ඉතුරුවෙයිද සැක සහිතය.

-මහේෂි

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us