මේ ෆයිල් වලට මොකද වෙන්නේ? Featured

Tuesday, 03 May 2022 14:26

පැවැති ආණ්ඩු සමයන්හිදී සහ වත්මන් ආණ්ඩු සමයෙහි සිදුව ඇති බව කියන දුෂණ, වංචා, අක්‍රමිකතා, අපරාධ ‍රැසක් සම්බන්ධ ලිපි ගොනු රාශියක් අද (03) දින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකගේ ප්‍රමුඛත්වයෙන් එම පක්ෂයේ සංවිධානයක් වන දූෂණ විරෝධී පෙරමුණේ කටයුත්තක් ලෙස ප්‍රසිද්ධ කෙරිණි.

මෙහිදී ඉදිරිපත් කරන්නට යෙදුනු සෑම ලිපිගොනුවක්ම පාහේ මීට පෙර හෙළිදරව් කළ සහ ඇතැම් විට ඒ සම්බන්ධයෙන් විමර්ශන ඇ‍රැඹී නඩු විභාගයන්ද පවත්වමින් තිබුණු ඒවාය. ඇතැම් නඩු විභාගයකින් චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය කටයුතු කරද තිබිණි. එසේම අධිකරණය හරහා නිදොස්කොට නිදහස් කිරීමේ තීන්දුව ගැනීම වෙනුවෙන් නඩු ලිපිගොනු විකෘති කිරීම, සාක්ෂි පරස්පර කිරීම, සාක්ෂි නැති කිරීම, විමර්ශන අයාලේ යැවීම..., වැනි කටයුතුද සිදුව ඇති බව පැහැදිලිය. පසු ගිය කාලයේ අධිකරණය හමුවේ විභාග වූ නඩු හබ දෙස විමර්ශනාත්මකව බැලු විට එම තත්වයන් පැහැදිලිව තේරුම් ගත හැක.

පසුගිය යහපාලන යුගයේදී පැවැති මහින්ද රාජපක්ෂ රෙජීමයේ දේශපාලන නායකයන්ට සහ එවකට ඊට සහය වූ දූෂිත නිල්ධාරීන්ට ආදී වශයෙන් නඩු සිය ගනනක් දැමීම සිදු වූවත් ඒ එකදු නඩුවකින් හෝ චූදිතයන් දඬුවමකට යටත් වීමක් තමා එම නඩු කටයුතු යුක්තිය ඉටුවීමෙන් අහවර වීමක්වත් සිදු වූයේ නැත. වත්මන් ගෝඨාභය පාලනය බිහිවීමෙන් පසු මෙම බොහෝ චූදිතයන් එක දිගට නිදොස් වූයේ පුදුම සහගත ලෙසය.

එසේම වත්මන් ආණ්ඩුව පත් වූ සැනින් පෙර ආණ්ඩු සමයේදී වූ දුෂණ, වංචා අපරාධ ආදියට එරෙහිව කටයුතු කළවුන්ට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමටත් ඊට වගකිව යුත්තන්ට නඩු දැමීමටත් උනන්දු විය. තමන්ට එරෙහිව විමර්ශන කිරීමත් නඩු දැමීමටත් එරෙහිව ඒවා දේශපාලන පලිගැනීම් ලෙස අර්ථ දක්වා තම දේශපාලන සතුරන්ට එරෙහිව 'නීතිය' ක්‍රියාත්මක කිරීම සඳහා යැයි කියමින් ගත් ක්‍රියාමාර්ගද විය.

කොහොම නමුත් පවතින ආණ්ඩුවකට නිවැරදි කරුවෙක් චූදිතයකු කිරීමටත්, ඇත්තම වැරදිකරුවෙකු නිදෝස් කොට නිදහස් කිරීමේත් දේශපාලනික බලයක් තිබේ. රටේ පවතින ක්‍රමය එසේය. අද ජවිපෙ ඉදිරිපත් කෙරුණු බොහෝ ලිපි ගොනු අතර පසුගිය මහින්ද රාජපක්ෂ සමයේදීත් විවිධ පාර්ශ්ව විසින් හෙළිදරව් කරනු ලැබූ ඒවාද විශාල ප්‍රමාණයක් විය. නමුත් මේ ලිපි ගොනු අදත් එසේම තිබේ. තව කොපමණ කාලයක් මෙම ලිපි ගොනු විවෘත්තව පවතීද යන්න ගැන ඇත්තේ සැකයකි.

එසේම මෙම ලිපි ගොනු වල පවතින්නේ ඒක පාර්ශ්විකව ගොනු කරන චෝදනා සමූහයක් මිසක විමර්ශනයකින්, අධිකරණ කටයුත්තකින්, හරි වැරැද්ද තීරණය කරන ලද තොරතුරු නොවේ. මේවා හිතේ සැකයට හෝ නීතියක් රීතියක් යම් පමණකට දන්නා නිසා ඒ මත වන සැකය මත කරන චෝදනා ද විය හැකිය..
සදාචාරාත්මක පැත්තෙන් ගෙන කරන චෝදනාද විය හැකිය. මොකද ඇතැමුන් වැරැදියි කියා කරන ඇතැම් චෝදනා වල නිතිමය කරුණු පරික්ෂාකරන විට නීතිය අනුව වැරැද්දක් ඔප්පු කිරීමට නොහැකි වී තිබීම දකින්නට ලැබෙන නිසාය. එනම් පවතින නීතියෙහි ඇති දුර්වල කම්ය. බොහෝ විටම පවතින නීතියේ සිදුරු අතරින් රිංගා ගොස් කරන වංචා දුෂණ වැඩි මනත්ම සිදුව තිබේ.

හොරකම වංචාව, දූෂණය වෘත්තීය මට්ටමෙන් කරන්න පුරුදු වූ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් දැන් දශක ගනනාවක් තිස්සේ කවර ආණ්ඩුවක් බලයේ සිටියද තමන්ගේ පැවැත්ම සකසා ගැනීමටද සමත්ව තිබෙන තත්වය හමුවේ නීතියේ රැහැනට මේ අය කොටුකර ගැනීම කිසිසේත් පහසු කටයුත්තක් නොවේ.

උදාහරණයකට කිවහොත් මෙරට අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ පනත කියා නීති සංග්‍රහයක් තිබේ. එහෙත් මේ හරහා දූෂණ චෝදනාවකට ලක්ව දඬුවම් විඳින දෙතුන් දෙනකු හැර අන් සියලු දෙනාම පසුගිය දශක කිහිපය තුළදීම පහසුවෙන් නිදොස් වී ඇත. ඒ මේ නීතියේ ඇති සිදුරු නිසාය. භාණ්ඩාගාර බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන්ද අවශ්‍ය නෛතික ප්‍රතිපාදන වල අඩුලුහුඩුකම් ඉස්මතුව තිබේ. නීතියක් නොමැති නම් එතැන වරදක් ඔප්පුකළ නොහැක.

මේ නිසා කෙනෙකුට චෝදනා කළ පළියට දඬුවම් ලබාදීම හිතන තරම් ලෙහෙසි කරුණක් නොවේ. අතීතයට බලපාන ලෙස නීති පැනවීමද කළ නොහැකි නිසා සැබෑ අපරාධකරුවන්ව නීතියේ ‍රැහැනට අසුකර ගැනීම අතිශය සංකීර්ණ කටයුත්තකි.

එසේම අපරාධමය කරුණු සම්බන්ධයෙන් වන නඩු විභාගයන් වසර හත අටකටවත් වඩා කල් ඇදෙන දීර්ඝ සංකීර්ණ ක්‍රියාවලියක් වීම නිසා රටේ දේශපාලන බලය එහෙමෙහෙ වන විට අපරාධකරුවන්ට නිදොස් වීමේ පහසු ඉඩ කඩක්ද සැලසේ. මෙම නඩු පැවැරීම් සිදු වන්නේ නීතිපති දෙපාර්ථමේන්තුව යටතේ වීමත් එය ස්වාධීන ආයතනයක් නොවී දේශපාලන අධිකාරියේ වුවමණා එපාකම් ඉටුකරන පක්ශග්‍රාහී ආයතනයක් වීම මෙයට හේතුවය. යහපාලන යුගයේදී විභාග කිරීම ආරම්භවූ බොහෝ නඩු වලට සිදු වූයේ එහි ආනිශංසයන්ය.

මෙවැනි තත්වයන් නිසා අද ජවිපෙ මේ එකතු කරගෙන තිබෙන ලිපි ගොනු තොගයට කුමක් වේදැයි කල්පනා කළ යුතුය. 2005 වර්ශයේ සිට මෙ අදක්වා මෙරටින් ධනය ඩොලර් බිලියන 30 කට ආසන්න ප්‍රමාණයක් හොර රහසේ විදෙස් ගත කර ඇති බවට මේ වන විට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම් විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. මේ ලිපිගොනු අස්සේ එම තොරතුරුද තිබෙනවාට සැක නැත.

එහෙත් මේ හොරු ඇල්ලීම කෙසේ වෙතත් මේ මහා ධන කන්දරාව ආපසු රටට අත්පත් කරගන්නෙ කෙසේද? යන්න ගැනවත් මේ රටේ නීති විශේෂඥයන් පුමුඛව රටට ආදරය කරන සියළු පාර්ශ්ව කටයුතු කළ යුතුව තිබේ. ඩොලර් බිලියන 30 ක් කියන්නේ රාජ්‍යයට කිසිදු ඩොලර් ආදායමක් නොමැතිව වුව වසර දෙකතුනක් මේ රට නඩත්තු කළ හැකි මුදලකි.

මේ ධනය නැවත අත්පත් කරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර නීති ආයතනවල සහය ගැනීමටද සිදුවිය හැකිය. මෙරට නීති දුර්වල වූවද ජාත්‍යන්තර නීතිවල පවතින ප්‍රබලකම හමුවේ මෙරටින් අනීතිකව පිටමං කළ මුදල් නැවත ලබාගැනීමේ ඉඩකඩක් පවතී. එලෙස අත්පත්කරගත් ධනය ගැන වෙනත් රටවල් උදාහරණ සපයා තිබේ.

එසේ ක්‍රියාකාරී මැදිහත්වීමකට නොයා ලිපිගොනු තොගයක් පෙන්වා අරූ හොරා, මූ හොරා කීමෙන් පලක් වන්නෙ නැත. ඒවා හුදු දේශපලනික පාර්ශ්වික චෝදනා පමණක් වීම මිස වෙනකක් එයින් වන්නෙ නැත.. ජවිපෙ විසින් නිරන්තරයෙන්ම මෙම චෝද්නා එල්ල කිරීමත් සහ ඒවා එකක්වත් ඔප්පු සිද්ධ කර ගැනීමට මෙතෙක් නොහැකිවීමත් නිසා ඔවුන් මේ වන විට සමාජය හමුවේ බොරුකාරයන් වී තිබෙන බවත් සඳහන් කළ යුතුය. මේ නිසා ජවිපෙටම මේ සම්බන්ධයෙන් වැඩි බරක් යොදා කටයුතු කිරීමේ වගකීමද පැවැරී තිබේ.

මේ නිසා අද රට පුරා කෙරෙන මහජන උද්ඝෝෂණ වල දී මේ චෝදනා ඔප්පු කර වැරැදිකරුවන්ට දඬුවම් දීම වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජවිපෙට කරන බලපෑමක් ද විය යුතුය. එසේම බලයට ඒමට වලිකන අනෙක් සියළු පාර්ශ්වලටද මෙම බලපෑම එල්ල කළ යුතුය.

සාධාරණ යුක්ති සහගත සමාජ, දේශපාලන, ආර්ථික ක්‍රමයක් රට තුළ ස්ථාපිත කර ගැනීමට මහජනතාවට අවශ්‍ය නම් තමන්ගේ සාධාරණ යුක්ති සහගත බලපෑම පාලකයාට පමණක් නොව පාලක පංතිය නියෝජනය කරන ජවිපෙ, සජබ,එජාප,ටීඑන්ඒ,.. වැනි පක්ෂ වලට එරෙහිවද එල්ල කළ යුතුය.

-සුජය

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us