News Items (18842)
රාජ්‍ය බැංකු ඉකුත් වසරේ බිලියන 20ක් ලාභ ලැබුවා - බොරු ප්‍රචාර එපා !
මෙරට රාජ්‍ය බැංකු පද්ධතිය පසුගිය වසරේ රුපියල් බිලියන විස්සකට අධික ලාභ ලබා ඇති අතර, එම බැංකු පද්ධතිය සතුව රුපියල් ට්‍රිලියන ගණනක වත්කම් පද්ධතියක් ඇති බැවින් ඒවායෙහි මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ කිසිදු බියක් හෝ සැකයක් ඇති කර නොගන්නැයි වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම ඇමැති රමේෂ් පතිරණ මහතා පවසා ඇත.
මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුත් "සොබාදනවි" ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය තුළින් ලබන වසර වනවිට මෙගාවොට් 200 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තුවන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා තිබේ.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ දූපත අත්හැර දැමීමෙන් පසුව දූපතේ පාලනය බාරගත් සෑම කණ්ඩායමක්ම පොරොන්දු වූයේ රට හදන බවය. මාරුවෙන් මාරුවට කණ්ඩායම් රාජ්‍ය බලය ඉල්ලා සිටියේ රට හදන වගකීම තමන්ට බාර දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලමිනි.
ලොව ඕනෑම තැනක සිට ශ්‍රී ලංකාවේ දුම්රිය ආසන වෙන් කීරීමේ අවස්ථාව !
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මාර්ගගත ක්‍රමයට සියලුම දුම්රිය මාර්ගවල දුම්රිය ආසන වෙන් කරවා ගැනීම සඳහා වෙබ් අඩවියක් (https://seatreservation.railway.gov.lk) හා ජංගම යෙදවුමක් (app)හඳුන්වාදීම අද (21) දින ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
දින කිහිපයක් ගෑස් වෙළදපොලට නිකුත් කිරීම යථාතත්ත්වයට පත් කළ හැකියි - ලිට්‍රෝ
කෙරවලපිටිය ගෑස් ගබඩා සංකීර්ණයට නෞකා මගින් ගෙන ආ ගෑස්, බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා දීමේ කටයුතු සාර්ථකව සිදුවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
වසර 2008න් පසු ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක් සඳහා වාර්තා වූ ඉහළම මිල පසුගියදා වාර්තා විය.
රට ආර්ථික ප්‍රපාතයක බව කියා සිටිමින් වරින් වර ජනතාව විරෝධතා ක්‍රියාමාර්ගවලට පෙලඹීමට හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටින විපක්ෂය පස් අවුරුද්දක් රට පාලනය කර යුද්ධයත් හෝ වසංගතයක් වැනි කිසිදු අභියෝගයක් නැතිව 2019 දී බාර දුන්නේ 2.5%ක ආර්ථික වර්ධනයක් ඇති රටක් බව විපක්ෂයට අමතක වුවද අපට හොද හැටි මතකය.
මෙරට සමස්ත පුරවැසියාම මේ වන විට ඉන්නේ බරපතල පීඩනයක බව සැඟවිය යුතු නැත. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය ආහාර සහ වෙනත් භාණ්ඩ වල හිඟ තත්වය සහ මිළ ඉහළ යාම තවදුරටත් දරාගෙන සිටීමට නොහැකි තරමට වී තිබේ. බඩු මිල ඉහළ යන විට ආණ්ඩුවට දෝෂාරෝපණ පැමිණීම සාමාන්‍ය දෙයකි. තමන්ගේ ආදායමෙන් එදිනෙදා වැඩ කටයුතුවත් කරගෙන යාමට නොහැකි වූ විට ආණ්ඩුවට දෙස්දොවෝල් තැබීම පුරවැසියාගේ පැත්තෙන් සාධාරණය.
රටේ සමස්ථ ශ්‍රම බලකායෙන් ලක්ෂ 60ක් පමණ බහුතරය සේවය කරන්නේ පෞද්ගලික අංශයේය. ඒ අනුව ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා සුවිශාල මෙහෙවරක් පෞද්ගලික අංශය වෙතින් සිදුවේ.
ඇයට හිමි තැන කොතැනද ? සබ්‍රි විශිෂ්ඨ තීන්දුවකට සැරසේ !
ගබ්සා නීතියට යම් සංශෝධනයක් අවශ්‍ය බව තමන්ද පිළිගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
