"සොබාදනවි" මෙගාවොට් 200ක් ජාතික විදුලිබල පද්ධතියට

Published in පුවත්
Thursday, 24 March 2022 21:04

මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුත් "සොබාදනවි" ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය තුළින් ලබන වසර වනවිට මෙගාවොට් 200 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තුවන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා තිබේ.

අමාත්‍යවරිය මෙම අදහස් පළකරන ලද්දේ, කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිවන, "සොබාදනවි" ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික ද්‍රවිකෘත වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම වෙනුවෙන් පැවති විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.

මෙගාවොට් 350 ක ධාරිතාවයකින් සමන්විත කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිවන සොබාදනවි ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය මේවන විට ඉදිකිරීම් මට්ටමේ පවතී. මීට වසර ගණනාවකට පෙර ඉදිකිරීමට යෝජිත වූ මෙම බලාගාරය, නොයෙකුත් හේතූන් මත මේ දක්වා ඉදිකිරිම් කටයුතු ප්‍රමාදවී තිබේ. නව රජයට බලයට පත්වීමත් සමගින් මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට හැකිවූ අතර 2023 වසර වනවිට මෙහි පළමු අදියර ඉදිකිරීම් කටයුතු නිමකර මෙගාවොට් 200 ක් ජාතික පද්ධතියට එක්කිරීමට සැලසුම් කර ඇති අතර මෙහි දෙවන අදියර 2024 වසර වනවිට නිමකර සම්පූර්ණ ධාරිතාවයවන මෙගාවොට් 350 ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සැලසුම් කොට ඇත. මෙම බලාගාරයේ සියලුම සැලසුම් හා ඉදිකිරීම් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් විසින් සිදුකිරීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ උද්ගතව තිබෙන අඛණ්ඩව විදුලි බලය ලබා දීමේ අසීරුතාවය නිසා විදුලි බල උත්පාදනය සම්බන්ධයෙන් මේ වන විට විශාල සංවාදයක් ගොඩ නැගී තිබේ. පොසිල ඉන්ධන ලබා ගැනීම සඳහා විදේශ විනිමය හිඟවීම සහ එහි මිළ නිතර ඉහළ යාමේ ගැටළු නිසා මේ විදුලිය විටින් විට කපා දමමින් රටේ විදුලි අවශ්‍යතාවයන් පිරිමහ ගැනීමට සිදුව තිබේ. එමන්ම මේ වන විට ඉන්ධන මිළද වැඩිකර ඇති අතර ඇතැම් විට තවදුරටතු ඉහළ යෑමක් අපේක්ෂා කරන්නට සිදුවෙනු ඇතැයි පැවැසේ.

මේ තත්වයන්ට පිළියම් ලෙස පුනර්ජනනීය විදුලි උත්පාදනය වැඩි කිරීම වෙනුවෙන් රජය විශාල වෙහෙසක් දරමින් සිටී. එසේම වියදම් අඩු විදුලි බල උත්පාදන ක්‍රමවේදයක් වන ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාර මඟින් විදුලිය නිපදවා ගැනීමට රජය මේ වන් විට දරණ උනන්දුව අනාගතයේදී ඇතිවන අභියෝග ජයගැනීම වෙනුවෙන් සිදුකරන ව්‍යාපෘතියක් ලෙස හඳුනාගත හැක. වාර්ශිකව විදුලි වේගයෙන් වැඩි වන විදුලි බල ඉල්ලුම සපුරාලීමට කල් තියා සූදානම් වීම වගකිවයුතු රජයක කාර්යභාරයය.

කොළඹ වරාය නගරය සහ කොළඹ නාගරික ප්‍රදේශවල සිදුවන සංවර්ධනයත් මේ වන විටත් පිට පළාත් වල නාගරිකව සහ ග්‍රාමීය ප්‍රදේශවල සිදුවෙමින් පවතින සංවර්ධන ක්‍රියාදාමය අනුව තව වසර කිහිපයක් තුළ මෙරට විදුලි බල ඉල්ලුම කිහිප ගුණයකින් ඉහළ යෑමට නියමිත බව ගනනය කර තිබේ. පසුගිය ආණ්ඩු සමයේදී කිසිදු බලාගාරයක් ඉදිකිරීම සිදු නොවුයෙන් වත්මන් රජයට මේ වෙනුවෙන් කඩිනම් පියවරයන් ගැනීමට සිදුව තිබේ. මේ වන විට මෙරට විදුලි බල උත්පාදනය සම්බන්ධයෙන් රජය ගෙන තිබෙන ප්‍රතිපත්තිමය තීරණ සහ ඒ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ගෙන තිබෙන වැඩ පිළිවෙළ නිසා විදේශ විනිමය අර්බුද, පොසිල ඉන්ධන මිළ ඉහළ යෑම වැනි ගැටළු නිසා රටට සිදුවන පීඩනයන් නැත්තටම නැතිවන ඇත.

මෙම ස්වභාවික ද්‍රවිකෘත වායු බාලාගාරය ඉතා දිගු කාලයක් ඉදිකිරීම ප්‍රමාද නොවී නිසි කලට ඉදිකිරීමට සමත්වූවානම්, අද රට මුහුණ දී තිබෙන විදුලි අර්බුදය ඇති නොවෙන්නටද බොහෝ ඉඩ කඩ තිබිණි.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us