ඇත්ත දකිමු !

Published in පුවත්
Monday, 14 March 2022 12:24

රට ආර්ථික ප්‍රපාතයක බව කියා සිටිමින් වරින් වර ජනතාව විරෝධතා ක්‍රියාමාර්ගවලට පෙලඹීමට හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටින විපක්ෂය පස් අවුරුද්දක් රට පාලනය කර යුද්ධයත් හෝ වසංගතයක් වැනි කිසිදු අභියෝගයක් නැතිව 2019 දී බාර දුන්නේ 2.5%ක ආර්ථික වර්ධනයක් ඇති රටක් බව විපක්ෂයට අමතක වුවද අපට හොද හැටි මතකය.

මහ බැංකුව ගැන මහ හඬින් කතා කරන විට ඒ තමන් කොල්ල කෑ මහ බැංකුවම බව මේ විපක්ෂයට අමතකය. හැත්තෑ වසරක් රට වළපල්ලට ගියේ යැයි කියමින් සර්ව අසුභවාදීව සියල්ල දකින ජවිපෙ ද තමන් කළ මහා විනාශය ද ඒ ගිණුමේ බැර වී ඇති බව අමතකය. අභියෝගවලට මුහුණ දෙමින් සිටින ජනතාවට ද ඒ සියල්ල අමතක වී ඇතැයි ඔවුන් සිතා සිටිනවා විය හැකිය. මඳකට අපි ඒ අතීතය පසෙකින් තබමු. රටේ සිදුවන කිසිදු යහපත් වැඩක හොඳක් නොදකින අතිශය ඍණාත්මක හා සර්ව අශුභවාදී ව්‍යාධියෙන් පෙළෙන තමන් පමණක් නිවැරදි හා පිරිසුදු යයි කල්පනා කරන දේශපාලන පක්ෂයකට හෝ පක්ෂවලට රටක උන්නතිය වෙනුවෙන් කළ හැක්කේ මොනවාද? පළමුව කළ යුතු වන්නේ රටට පමණක් නොව ලෝකයම එක්ව සිට ගනිමින් මේ වසංගතය පරාජය කිරීමය. ගෙවී ගිය දෙවසරක කාලසීමාව මෙන්ම මේ ගෙවී යන කාලය ද අපේ රටට පමණක් නොව ලෝකයටම අසීරු පීඩනකාරී සමයකි. අප මුහුණ දෙමින් සිටින බොහෝ අපහසුතා පහ වී යනු ඇත්තේ වසංගතය නිමාවත් සමඟය.

ලෝකය වසංගතයට එරෙහි සටනේ සිටියදී රැකියා - යුද ගැටුම් ද ඇරැඹිණි. මේ වන විට එහි බලපෑම් ද මේ දෙරටට පමණක් නොව සෙසු ලෝකයට ද දැනෙන්නට පටන්ගෙන තිබේ. මේ ගැටුම්වල හේතුකාරක මෙන්ම පාර්ශ්වකරුවන් ද අමෙරිකාව හෝ ධනවත් හා බලවත් බටහිර රාජ්‍යයන් එම අපහසුතා හේතුවෙන් අප වැනි රාජ්‍යයන් මෙන් පීඩනයට ලක් වන්නේ නැති බව සැබෑවකි. එසේ වුවද රුසියාවට එරෙහිව දැවැන්ත අයුරින් පනවා ඇති සම්බාධක හේතුවෙන් එකී රටවලටද විශාල පීඩනයක් එල්ල වී ඇති බව දැකිය හැකිය.

ලෝක වෙළෙඳපාළේ ඛනිජතෙල් මිල ගණන් ඉතිහාසගත අයුරින් ඉහළ ගොසිනි. එය ආහාරද්‍රව්‍ය ඇතුළු අනෙකුත් සෑම භාණ්ඩයක පාහේ මිල ඉහළදැමීමට හේතු වී ඇත. කූට වෙළෙඳ උපක්‍රම මඟින් ඇතැම් භාණ්ඩ මත කෘත්‍රිම මිල වැඩි වීමක් ද සිදු කර ඇති බව වෙළෙඳපොළ දෙස බලන විට පෙනෙන්නට තිබේ. භාණ්ඩ හිඟයක් ද ඇත්තේ බොහෝ විට මේ හේතුවෙනි. මේ එල්ල වී ඇති ආර්ථික පීඩනය මෙරටට පමණක් නොව ලෝකයටම අඩු - වැඩි වශයෙන් අදාළ බව ජනතාවට සන්නිවේදනය විය යුතු බව ද,එහෙත් ඒ වෙනුවට සිදු වෙමින් ඇත්තේ බොරදියෙහි මාළු බාන පක්ෂ කණ්ඩායම් විසින් මෙය හුදෙක් මේ රටට පමණක් අදාළ තත්ත්වයක් ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සහා දරමින් සිටින බවද කිව යුතුය.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us