සතොස මිළටම සුපිරි වෙළෙඳසල්වලින්ද සහල් !

Published in පුවත්
Tuesday, 03 May 2022 12:43

සතොස ආනයනික සහල් තොග අවසන් වන තෙක් සුපිරි වෙළෙඳසල්වලින්ද එම මිලටම සහල් දෙන බව වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එහිදී නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් එකසිය හතළිස් පහකටත්, සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් එකසිය හැත්තෑ පහකටත් යන උපරිම සිල්ලර මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාවට මිල දි ගැනීමේ පහසුව ඇති කර තිබේ. මේ සම්බන්ධ සාකච්ඡාවක් වෙළෙඳ හා සමෘද්ධි සංවර්ධන ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සහ සුපිරි වෙළෙඳසල් නියෝජිතයන් අතර සාකච්ඡාවක් පෙරේදා (1) පැවැති අතර එහිදී මෙම තීරණයට එළඹ ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය වැඩි දුරටත් කියා සිටියි.

මේ මොහොතේ ආර්ථික අපහසුතා වලින් බැට කන පිඩිත ජනතාවට මෙය මහත් සහනයකි.මන්ද බොහෝ දෙනා චෝදනා කරන්නේ සතොස හරහා බදු ගැනීම දුෂ්කර ක්‍රියාවක් බවයි. මන්ද සතොස මගින් නිකුත් කරනුයේ පාලන මිළට වීම හේතුවෙන් වැඩි ජනතාවක් සතොසට ඇදී එති..මේ කාලය තුළ වෙනදාටත් වඩා එය දැක ගත හැකිය..එම නිසා ජනතාවට ඇතැම්විට සතොස මගින් අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට පෝලිම් වල රැදීමට සිදුවනු ඇත.
එහෙත් වෙළෙඳ අමාත්‍යාංශය ගත් මෙම තීරණය හේතුවෙන් දැන් ජනතාවට ආනයනික සහල් සුපිරි වෙළෙඳසල්වලින්ද එම මිලටම ලබා ගත හැකි වීම විශාල සහනයකි..මේවන් දුෂ්කර මොහොතක එය සාධනීය තීරණයක් වන්නේ ඒ අයුරෙනි.

-පංචාලි

Leave a comment

Gossip

චම්පිකගේ කරුමය

චම්පිකගේ කරුමය

රාජගිරියේදී වූ රිය අනතුරට අදාලව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව පසුගි...

වඳ සැත්කම් කළා කිව් දොස්තර සාෆිට සියලු හිඟ වැටුප් ගෙවයි   

වඳ සැත්කම් කළා කිව් දොස්තර සාෆිට සියලු හිඟ වැටුප් ගෙවයි  

සිංහල කාන්තාවන් දහස් ගණනකට වඳ සැත්කම් කරන ලදැයි චෝදනා කරමින් දීර්ඝ කාලයක් අත් අඩංගුවේ රදවාගෙන සිට නි...

බෝම්බ ප්‍රහාරයෙන් ආබාධිත වූ මහින්ද විජේසේකරට කළ අපහාසයට මනූෂට දැඩි විරෝධයක්..

බෝම්බ ප්‍රහාරයෙන් ආබාධිත වූ මහින්ද විජේසේකරට කළ අපහාසයට මනූෂට දැඩි විරෝධයක්..

ධීවර රාජ්‍ය ඇමති කාංචන විජේසේකර මහතාගේ පියා වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරය...

අනුරයියාගේ ‍රැල්ල...

අනුරයියාගේ ‍රැල්ල...

බුකියේ ‍රැළි හැදීම සාමාන්‍ය දෙයක්..ඒවාත් මුහුදු රැළි වගේ එනවා යනවා. සමහර ඒවා අතරමඟදී සුනුවිසුනු වෙයි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us