ජෙප්පෝ රටම ගිනි තිබ්බත්, සේනාධිපති ප්‍රජා සේවයේ ..

Published in පුවත්
Thursday, 12 May 2022 18:55

ඇවන්ට්ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා තමන් වාසය කරන ප්‍රදේශ ආශ්‍රිතව සිටින ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙළෙන පවුල් 1200 කට දෙවන වරටත් වියලි ආහාර මල්ලක් නොමිළයේ බෙදා හැරීම අද (12) දින සිදු කර තිබේ.ඒ අනුව මිරිහාන ,කෝට්ටේ මාදිවල යන ප්‍රදේශ වල සමෘද්ධිලාභී සහ අඩු ආදායම් සහිත පවුල් 1200 ක් අදාල වසම් වල ග්‍රාම සේවක නිලධාරීන්ගේ නිර්දේශයන් අනුව ‍තෝරාගෙන මෙම සහන වැඩ පිළිවෙල ක්‍රියාවට නගා තිබේ. රුපියල් 12,500 ක වටිනා වියළි ආහාර මෙම සහන මල්ල තුළ අඩංගුය.

මේ සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති මහත ෆේස්බුක් සටහනක් යොදමින් මෙසේ පවසා ඇත.

'මාගේ සංකල්පයකට අනුව මිරිහාන, කෝට්ටෙ, මාදිවෙල සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල් 1,200 ක් වෙනුවෙන් මාසිකව එක් පවුලක් සදහා රුපියල් 12,500.00 ක වියලි ආහාර මල්ලක් ලබා දීමේ ව්‍යාපෘතියට අනුව දෙවන මාසය සදහා වියලි ආහාර මළු ලබාදීම 2022 මැයි මස 12 දින සිදුකෙරුණි.
මාස්පතා මෙම සහන මල්ල ලබා දීමෙ ප්‍රධානතම අරමුණ වූයෙ පවතින ආර්ථික අර්බුදයේදි ඉහළ ගොස් ඇති ජීවන වියදම හමුවෙ දූක් විඳින එම ජනතාවට පිටුවහලක් වීම සඳහායි.
එමෙන්ම මෙම සහන මළු බෙදා දීමට මෙම ප්‍රදේශයෙ රැකියාව කරන ත්‍රීරෝද රථ යොදා ගත්තෙ එම ත්‍රීරෝද රථ සඳහාද රුපියල් 10,000.00 ක දෛනික දීමනාවක් ගෙවමිනි.
එමෙන්ම මෙම සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභී පවුල් තෝරා ගත්තේ ප්‍රදේශයේ ග්‍රාමසේවක නිලධාරින්ගෙ නිර්දේශය මතය.'

(Video - මාගේ සංකල්පයකට අනුව මිරිහාන,... - Nissanka Senadhipathi | Facebook )

නිශ්ශංක සේ නාධිපති මහතා තමන් උපයන ධනයෙන් විශාල ප්‍රමාණයක් ප්‍රජා සත්කාරයයන් වෙනුවෙන් යොදවන බව ප්‍රසිද්ධ කරුණකි. මේ වන විටත් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් ඒ් වෙනුවෙන් වැය කර තිබෙන බව ප්‍රකාශ වී ඇත.

විවිධ අසරණකම්/ අඩුපාඩු හමුවේ තමන් සොයා එන කිසිවකු හෝ ආපසු නිකම් හරවා යෑමේ සිරිතක් ඔහුට නැත. විශේෂයෙන්ම විවිධ බරපතල අසනීප තත්වයන්ගෙන් පෙලුණ අධික වියදමක් දරා සුවපත් කිරීමට සිදුව තිබුණු රෝගීන් විශාල ප්‍රමාණයක් සුවපත් කිරීම වෙනුවෙන් සේනාධිපති මහතා මැදිහත් වී තිබේ. ඇතැමුන් විදේශ රෝහල් වෙත යවා මිලියන ගනන් වැය කර ඒ ජීවිත බේරාගැනීමට ඔහු කටයුතු කර තිබේ.මේවා ගැන පොත් ගනන් ලියන්නට තරම් කරුණු තිබේ.

මෙහිදී තවත් වැදගත් යමක් අවධාරණය කළ යුතුය.මේ දින වල රටේ දේශපාලනයේ තිබෙන ව්‍යකූලත්වය හමුවේ පැවැති ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට, පාක්ෂිකයන්ට, හිතවතුන්ට, ජවිපෙ පෙර‍ටුගාමී වැනි ත්‍රාඩ කල්ලි සාමාජිකයන්ගේ මෙහෙයවීමෙන් සිදුවූ අසික්කිත ප්‍රහාරයන් වලට ගොදුරුවන්නට සිදුවිය. ඇවන්ට්ගාර්ඩ් ආයතනයටද ඉන් බේරී සිටීමට හැකි වූයේ නැත. එම ආයතනයේ පිටකෝට්ටේ පිහිටි මුලස්ථාන ගොඩනැගිල්ටද යම් ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

ඒ මොහොතේ සේනාධිපති මහතාගේ නිවසටද ප්‍රහාරයක් එල්ල කර ගිනි තබා විනාශ කිරීමට මේ මැර කල්ලි වලට අවශ්‍ය තිබූ අතර ඊට සූදානම්ව ඔවුන් පැමිණ තිබූ බවටත් දැන ගැනීමට තිබිණි.. එහෙත් මේ මැරයන් කිසිවකුටවත් එම නිවස අසලටවත් යෑමට හැකි වූයේ නැත. මන්ද ඒ මොහොත වන විටත් එම නිවස වටා ආරක්ෂක පවුරක් මෙන් ගම් වැසියෝ මේ මැරයන්ට එරෙහිව නැගී සිටිය බැවිනි.

සේනාධිපති මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල වෙනු ඇතැයි ආරංචි දැන ගත් ගම් වැසියෝ බූරුතු පිටින් එම නිවස වටා එකතු වූයේ සේනාධිපති කවුද යන්න ඉතා හොඳින්ම දන්නා නිසාය. ඔහුගේ මනුස්සකම දන්නා නිසාය. සේනාධිපති කෙතරම් ඉහළ ධන කුවේරයෙක් වූවත් මිනිසුන් අතර සිටිමින් මිනිසුන්ගේ දුක සැප බෙදාගෙන ඉන්නා යහපත් මිනිසෙක් බව ඔවුන් අත්දැකීමෙන්ම දන්නා නිසාය.

එහෙව මිනිසෙක්ව මේ තුට්ටු දෙකේ දේශපාලන මැර කල්ලි වලට පරාජය කළ නොහැක. ඔවුන්ගේ ආණ්ඩු බලයක් තිබියදීත් පරාජය කළ නොහැකි විය. ජවිපෙ - පෙර‍ටුගාමී වැනි දේශපාලන කල්ලි කණාඩායම් හැමදාම කළේ ප්‍රචණ්ඩත්වයෙන් ,ත්‍රස්තවාදයෙන් ,වංචාවෙන්, බොරුවෙන්, රැවටිල්ලෙන් දේවල් කොල්ල කා ගැනීමය. මිනී මරන්න, ගහන්න, පෙලන්න, ගිණි තියන්න ඔවුන්ට පහසු දේවල්ය.

පසුගිය මැයි 9 වෙනිදා සහ 10 වෙනිදා රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්ත කර රට ගිනි තිබ්බේ මේ දේශපාලන මැර කල්ලි වල මෙහෙයවීමෙනි. නිවාස සහ වාහන සිය ගනනක් ඔවුන් විනාස කර දැමිණි. නිවාස දහස් ගනනක් මංකොල්ල කා තිබිණි. එහිදී ආණ්ඩු පාක්ෂික පමණක් නොව විරුද්ධ පක්ෂයට පක්ෂපාතව වැඩ කරපු මිනිසුන්ගේ නිවාස පවා කොල්ල කා ගිනි තබා තිබිණි. කොහොමත් මේ ජවිපෙට කවුරුවත් කාලා ඇඳලා සිටිනවා දකින්නට බැරි කමක් තිබේ. කුහකකම්, ඊරිසියාවන්, ජානගත රෝග ලෙස පවතිනවාද කියා හිතන්නට වෙන තරමට මොවුන්ට සමාජය ගැන වෛරයක් තිබේ. 71/88-89 මෙන් 2022 දීත් රට විනාශය කරා ඇදගෙන යාම මොවුන් තවමත් කරන්නේ ඒ් නිසාය.

කොහොම නමුත් මේ ගැන කියන්න වුවමණා කළේ මේ ජවිපෙ වැනි ත්‍රාඩ රැවටිලිකාර පක්ෂ නිශ්ශංක සේනාධිපති මහතාට දැන් කාලාන්තරයක් තිස්සෙ අභූත චෝදනා රැසක් එල්ල කරමින් තිබේ. තමන් මහ සුද්ද වන්තයින් සේ පෙනී සිටිමින් මේ නිත්‍යනුකූල ව්‍යාපාරයක් කරගෙන, සාධාරණව, නිත්‍යනුකූලව ආදායම් උපයමින් ඒ ආදායම සම්පූර්ණයෙන්ම මේ රටට ගෙනවිත්, තමන්ට හැකි පමණින් රට වැසියා සමඟ බෙදාහදා ගන්නා මේ සුවිශේෂ මිනිසාටය ඔවුන් චෝදනා කරන්නේ.

එක රුපියලක් රට්ට වංචාකර නැති, රටට එක රුපියලක් ණය නැති මේ මිනිසාට, රාජ්‍ය දේපොළ හොර කෑ, පොදු ජන දෙපොල හොරා කෑ, ඒවා විනාශ කළ ජවිපෙ මේ අභූත චෝදනා එල්ල කරන්නේ කෙසේද යනන් මිනිස්සු කල්පනා කළ යුතුය.

නිශ්ශංක සේනාධිපති කියන්නෙ මේ රටට විදේශීය විනිමය ආදායම් එකතු කරන අයෙකි. ඔහු මේ රටේ කෙදිනකවත් රජයේ කොන්ත්‍රාතුවක්, ටෙන්ඩරයක් හෝ ගෙන ව්‍යාපාර කර නැත.අර ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවෙන් ඔහුට ලාබ ප්‍රයෝ ජන තිබූ බවට කවුරු කොහොම චෝදනා කළත් එලෙස පෙන්විය හැකි කිසිවක් නැත.

ඔහු මේ රට එක්ක කරපු එකම ගනුදෙනුව තමන්ගේ ආදායමෙන් කොටසක් මේ රටට ලබා දීම පමණය.රටෙන් කිසිවක් ඔහු සතු කරගෙන නැත.හොරකම් කරගෙන නැත. එලෙස සතු කර ගත්ත යම් දෙයක් තිබේ නම් ඒ එකම දේ මේ රටේ මිනිස්සු පමණය.

 

 

- the novemberist

Last modified on Thursday, 12 May 2022 18:57

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us