එවැනි සංදර්ශනයක් පසුගිය තුන් වනදා (03) දා පැවැත්වීමටත් අනුර අමතක කළේ නැත. මෙදා සැරේ අනුරගේ නාටකයේ අලුත්ම මාතෘකාව වී ඇත්තේ දේශපාලනඥයන් සම්බන්ධ බව කියන මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධ ලිපිගොනු හෙළි කිරීමයි.
එහිදී මහා පරිමාණ වංචාද ඇතුළත්ව ලිපිගොනු 560ක් ජනතාව හමුවේ තැබිණි. අනුරගේ හෙළිදරව්ව සම්බන්ධයෙන් රටේ ජනතාවගේ විශාල කුතුහලයක් පැවැති නමුත් එකී කුතුහලය සන්සිඳුවීමට තරම් කරුණු කාරණා මාධ්‍ය හමුවෙන් හෙළිදරව් කෙරුණේද යන්න නම් සැක සහිතය. මේ චෝදනා කිසිවක් අලුත් ඒවා නොවන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි. මේ චෝදනා අතුරින් බහුතරය 2015 වර්ෂයට පෙර සිට එල්ල කෙරෙමින් පැවැතුණු චෝදනාය. විශේෂයෙන් රාජපක්ෂවරුන්ට එරෙහි චෝදනා සියල්ලම පාහේ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා ලක්ෂ වාරයකටත් වඩා ජනතාව හමුවේ මතුරන ලද බොරු බේගල් ටික බව නම් පැහැදිලිය. රට විශාල ආර්ථික සහ දේශපාලනික අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවක ඊට පිළියම් සෙවීම පසෙකලා නැවත නැවතත් විවිධ ස්වරූපයෙන් මේ චෝදනා රට හමුවේ තැබීමට ජාතික ජන බලවේගය කටයුතු කරනුයේ කිනම් අරමුණක් ඇතිව දැයි ඕනෑම අයෙකුට වටහා ගැනීම අපහසු නැත.
රටේ මැතිවරණයක් කිට්ටුවට පැමිණෙන විට දූෂණ වංචා හෙළි තොග පිටින් හෙළි කිරීමට උත්සාහ දැරීම මෙරට ඈත ඉතිහාසයේ පටන් තිබුණකි. එහි පරමාර්ථය ජනතාව නොමග යවා බලය ලබා ගැනීමටය. ඒ හා සම්බන්ධ ආසන්නතම උදාහරණය ලෙස 2015 ජනාධිපතිවරණය ගත හැකිය.
රත්තරන් අශ්වයන්ගේ සිට ලැම්බෝගිනි දක්වා විශාල පරාසයක චෝදනා එවකට ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ අය වෙත එල්ල කෙරිණි. විපක්ෂයේ පොදු අපෙක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේනගේ වේදිකාවෙන් ඇසුණේ එකී චෝදනා පමණකි. මෛත්‍රිට සහය පළ කළ එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂවල කථිකයෝ හැඩතල දමා හැඩ කළ එම චෝදනාවල ප්‍රතිඵලයක් ලෙස මහින්ද රාජපක්ෂට ජනාධිපති ධුරය අහිමි විය. 2015 ජනවාරි මස 09 වැනි දා සිට ජනතාව බලාපොරොත්තු වූයේ මැතිවරණ වේදිකාවේ ඇසුණු චෝදනා සත්‍ය බවට පත්ව වැරැදිකරුවන් එකිනෙකා හිරේ යනු දැකීමටය.
එහෙත් එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩිම පාර්ලිමේන්තු බලයක් හිමි යහපාලන ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තුව කිසිදා ඉටු කලේ නැත..ආණ්ඩුව හොරු ඇල්ලීමටත් බලවත් යන්ත්‍රණයක් ස්ථාපිත කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු සහගතව සිටියද එය කිසිදා ඉටු නොවූ පොරොන්දු බවට පත්විය.
“රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව” ලෙසින් ලේබල් කොට ආකර්ෂණීය බෝතල්වල බහා අනුර එදා රැගෙන ආවද ඒවායේ ඇත්තේ පරණ වයින් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ නොවේ යැයි තර්ක කරන්නේ නම් පෙරේදා ඉදිරිපත් කළ ලිපිගොනු 560න් දූෂණ මර්දන කමිටුවට ඉදිරිපත් කෙරුණු පැමිණිලි 1,147ට අයත් නොවන චෝදනා කීයක් තිබේදැයි හෙළිදරව් කළ යුතුව තිබිණි. රුපියල් කෝටි 337ක් ගිල දැමූ දූෂණ මර්දන කමිටුව සහ එහි ලේකම් කාර්යාලය ඇල්ලූ හොරු සංඛ්‍යාව ද හෙළි කිරීම ඔහුගේ යුතුකමකි. එසේ නැතිව කාලයෙන් කාලය ලිපිගොනු පෙන්වමින් ජනතාව රැවටීම දේශපාලනික වශයෙන් කොතරම් සදාචාරාත්මකදැයි කල්පනා කිරීම වටී.
අයතා සිද්ධීන් පිළිබදව හෙළිදරව් කළ යුතු නැතැයි අප පවසන්නේ නැත..ඒවා හෙළිදරව් කරනවා පමණක් නොව..ඒවාට නිසි දඩුවම් ද ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක ලක්ෂණයි. එයට විවාදයක් නැත. එහෙත් හොරුන් අල්ලන බව පෙන්වමින් දේශපාලන අරමුණ ඉටු කර ගැනීමට උත්සාහ දරන අනුර කුමාර නම් දැන් රටටම හාස්‍යයක් වී හමාරය. ජනතාව කබලෙන් ළිපට වැටී ඇති අවස්ථාවක මෙසේ ඇස් බැන්දුම් පෙන්වීමේ අරමුණ ජවිපෙට ඊළඟ මැතිවරණයේදී බලය ඩැහැගැනීම මිස වෙෙනකක් නොවන බව පැහැදිලිය..
-මහේෂි