ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් සිදුවෙමින් තිබේ. පොලිසිය අලස පිළිවෙතක.

Published in පුවත්
Monday, 16 May 2022 13:03

පසුගිය මැයි 9 වනදින ගාලු මුවදොර පිටියෙන් අ‍රැඹුණ ප්‍රචණ්ඩ ක්‍රියා ‍රැල්ල තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු වාර්ථාවේ.මේ වන විට ප්‍රචණ්ඩ ක්‍රියාවන් හී විශාල අඩුවක් පෙන්නුම් කළ ද නගරයෙන් පිටත ප්‍රදේශවල නිවාස සහ ව්‍යාපාරික ස්ථාන වලට පහර දීම්, ගිණි තැබීම් , කොල්ල කෑම් සිදු වෙමින් පවතින බවට වාර්ථාවේ .

පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීම වෙනුවෙන් රට පුරා ආරක්ෂක විධි විධාන සලසා තිබුණද ඒ මාර්ග බාධක සහ නාගරිකව රැකවලුන් තැබීමට සීමා වීම සිදුව තිබේ .මේ නිසා ඇතුලත ප්‍රදේශවල පහසුවෙන් මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු වීමේ අවස්ථාව මේ මැර කණ්ඩයම් වලට ලැබී තිබේ.

මේ දක්වා ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ හාරසියයකට ආසන්න ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝ පට, සීසීටීවී දර්ශන සහ ජනතාවගෙන් ලැබුණු තොරතුරු මත මෙම පිරිස් අත් අඩංගුවට ගැනිම සිදුව් තිබේ.

දිවයින පුරා විසුරුණු මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් බොහොමයක්ම සංවිධානාත්මකව යම් කණ්ඩායම් විසින් සිදු කර ඇති බවට තොරතුරු හෙළිව තිබේ. යම් සංවිධානයක නායකත්වයකින් මෙය සිදු කළ බවට ඇතැම් ස්ථානයක පටිගත වී ඇති විඩියෝ සහ හඬ පට වලින්ද හෙළිව තිබේ.

එම පුද්ගලය කණ්ඩයම් හුවමාරු කර ගත් දුරකතන පණිවිඩ වලින් සංවිධානාත්මකව මෙම අපරාධ කෙරුණු බවට සාක්ෂිමය වශයෙන් තහවුරුව ඇත. අතෙන්ට ගැහුවා මෙතෙන්ට ගහුවා දැන් අහවල් තැනට ගහන්න යන්නේ යනුවෙන් පැහැදිලිව පටිගත වූ හඬ පට කිහිපයක්ම මේ වන විට පොලීසියට ලැබී ඇති බවත් එම තොරතුරු මාර්ග පෙන්වා දෙයි.

මෙම බොහෝ පහර දීම් සිදුව ඇත්තේ ප්‍රදේශ කිහිපයක පිරිස් වෙනත් ප්‍රදේශයකට කැඳවා යම් අයකු හෝ සංවිධානයකින් ලබාදුන් මඟ පෙන්වීම් අනුව එම ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට එක දිගට ප්‍රහාරයන් දියත් කිරීමේ ක්‍රමවේදයක් අනුවය.

මේ අනුව රට පුරා මෙම ප්‍රචණ්ඩත්වය වැපිරීමට කටයුතු කළ සංවිධාන ජාලය හඳුනා ගත හැකි වෙනු ඇතැයි පොලීසිය පවසයි.

මෙහිදී මැති ඇමැති නිවාස වලට පහර දීම,කොල්ලකෑම , 2019 දි පොදුජන පෙරමුණට සහය දැක්වීමේ චෝදනාව මත සාමාන්‍ය පුද්ගලයන්ට අයත් නිවාස සහ ව්‍යපාරික ස්ථනවලට පහර දීම, කොල්ලකෑම මෙන්ම එජාප සහ සජබ දේශපාලන පක්ෂ වලට අයත් මන්ත්‍රීන්ගේ නිවාස වලට සහ පාක්ෂිකයන්ගේ නිවාස වලට පහර දීම, කොල්ලකෑම ද බොහෝ ප්‍රදේශ වල සිදුව තිබේ.

මේ අතර අරගලයේ නාමයෙන් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම සාධාරණීය කරණය කරමින් ගාලු මුවදොර අරගලයට සම්බන්ධ වී සිටින එහි නායකයන් සමාජ මාධ්‍ය ඔස්සෙ තව දුරටත් අදහස් දැක්වීමත් දකින්නට ලැබේ. සාමකාමී අරගලයක් පවත්වාගෙන යන්නේ යැයි කියමින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට අනුබල දීම සිදු වූයේද මෙම ගාලු මුවදොර සිටින කණ්ඩායම් වෙතිනි.

මැයි 09 වන දින පොදුජන පෙරමුණේ ආධාර කරුවන් පිරිසක් මෙම ගාලු මුවදොර අරගලයට පහර දීම මත ප්‍රති ප්‍රචණ්ඩත්වය ඇති විය. එහෙත් එම ප්‍රචණ්ඩත්වයට මුල පිරූ මැර පිරිස් අත්ඩංගුවට ගැනීම තවදුරටත් ප්‍රමාද වී තිබෙන නමුත් ප්‍රතිප්‍රචණ්ඩත්වය වැපිරූ පිරිස් අත්ඩංගුවට ගැනීම කඩිනමින් සිදු වීම නිසා පොලීසිය සහ ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදයක් මේ වන විට ඇතිව තිබේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us