රජයේ සේවකයන්ට රට යන්න අවුරුදු 5ක නිවාඩුවක් !

Published in පුවත්
Monday, 13 June 2022 19:53

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බාධාවක් නොවන සේ වසර 5ක කාලයකට රාජ්‍ය සේවකයන්ට විදේශගත වීමට වැටුප් රහිත නිවාඩු ගත හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කර චක්‍රලේඛයක් නිකුත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ට සිය සේවා කාලය තුළ වසර 05ක උපරිමයකට විදේශගතවීම සඳහා, විදේශ ආයතනයක රැකියාවක නිරතවීම සඳහා අවස්ථාව සැලසෙන අතර, එහිදී එම නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බාධාවක් ඇති නොවන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

එමෙන්ම කිසියම් රාජ්‍ය නිලධාරියකු වැටුප් රහිතව හෝ සහිතව මේ වන විටත් විදේශගතව ඇත්නම් සහ තව දුරටත් වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය විධිමත් අනුමැතිය, නැවත මෙරටට පැමිණීමකින් තොරව ලබා ගැනීමටද මෙමඟින් අවස්ථාව සැලසෙනු ඇත. මේ යටතේ නිවාඩු ලබා දීමේ බලය හිමිවන්නේ අමාත්‍යංශ ලේකම්වරයා වෙතය. රාජ්‍ය සේවයට බාධාවක් නොවන සේ මෙවැනි ක්‍රියාදාමයක් අනුගමනය කිරීමෙන් දළ ජාතික නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබා දිය හැකි යැයි රජයේ විශ්වාසය බවද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us