අලුත් ඇමැති පට්ටම් දෙක කාටද?  

Published in පුවත්
Friday, 10 June 2022 10:02

තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය ලෙස නව අමාත්‍යංශ දෙකක් නම් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් පත්‍රයක් නිකුත් කර තිබේ.

අදාළ අමාත්‍යංශවල කාර්යභාර සහ ආයතන ද එම ගැසට් නිවේදනයේ ඇතුළත් කර ඇත.

ඒ අනුව, තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් මෙන් ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන 15ක් ඇතුළත් වේ.

මීට පෙර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන පැවතියේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ ය.

එමෙන් ම, කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශයට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 15ක් ඇතුළත් කර ඇත.

බැසිල් රජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය වෙනුවෙන් පත්වීමට නියමිත යැයි පවසන ව්‍යාපාරික ධම්මික පෙරේරා වෙනුවෙන් තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය නිර්මාණය කර ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

එසේම, මැයි 09 වෙනිදා සිද්ධියට අදාල විමර්ශන කටයුතු අවසන්වූ වහාම හිටපු අමාත්‍යවරියක වන පවිත්‍රා දේවි වන්නිආරච්චි කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ධුරයේ දිව්රුම් දීමට නියමිතබව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us