විදේශ විනිමය සංචිත සුළු ඉහළ යෑමක්  

Published in පුවත්
Wednesday, 08 June 2022 10:47

මැයි මාසය තුළ දී විදේශ විනිමය සංචිතය, සුළු ඉහළ යෑමක් වාර්තා කර ඇති අතර ඒ අනුව මැයි මාසය තුළ දී විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 1602 සිට ඩොලර් මිලියන 1805 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ද ඩොලර් මිලියන 1920 ක් ලෙස 2022 මැයි මාසය අවසානයේ දී සටහන් වී ඇත.

මෙය 2022 අප්‍රේල් මාසය අවසානයේ දී සටහන් වූ ඩොලර් මිලියන 1812 හා සැසදීමේදී සුළු වර්ධනයකි.

තව දුරටත් විදේශගතව සේවය කරන ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන ඩොලර් ප්‍රමාණයෙහි වර්ධනය වීමක් මහ බැංකුව බලාපොරොත්තු වේ.

එසේම පසුගිය මැයි මාසය තුළ මෙරට ඇති වූ දේශපාලන ව්‍යාකූලත්වය නිසා විදේශ සංචාරකයන්ගෙ පැමිණීම සිග්‍ර කඩා වැටීමකට ලක් වූවද ඇතිව තිබූ දේශපාලන ව්‍යාකූලත්වය යම් තරමක්ට සමනය කර ගැනීමට සමත් වීම මත මැයි මස අවසන් සති දෙක තුලදී යළි විදේශ සංචාරකයන්ගේ පැමිණීමෙහි වර්ධනයක් ඇතිව තිබිණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us