ජනතා සහාය අඩුයි...අර්බුදයත් දික්ගැස්සෙයි !

Published in පුවත්
Friday, 24 June 2022 12:56

ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක සහිත නෞකා දෙකක් ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, ජූලි මස 5ත් 12ත් අතර කාලය අතරතුර අදාළ නෞකා දෙක මෙරටට ළඟා වීමට නියමිත බව ඔහු ප්‍රකාශ කර තිබේ. මේ අතර එළඹෙන මස 6 වැනිදා තෙක් ලිට්රෝ ගෑස් මිලදී ගැනීම සඳහා පොල්ම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස ලිට්රෝ සමාගම ජනතාවට දැනුම් දී තිබේ.

ලබන මස 5 වැනිදාත් 12 වැනිදාත් අතර නෞකා 2ක් මගින් මෙට්‍රික් ටොන් 7,000ක ගෑස් තොග ලැබෙන තෙක් ජනතාවට බෙදා හැරීම සඳහා ගබඩාවල ගෑස් නොමැති බව එහි සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කර තිබේ.

ලබන මස 10 වන දායින් පසුව ගෑස් මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් විශාල නෞකාවක් මාලදිවයිනේ මුහුදු සීමාවට ළඟාවීමට නියමිත අතර එහි සිට කුඩා නෞකා මගින් මෙරටට අඛණ්ඩව ගෑස් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇත.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඒ අනුව ලබන 5 වැනිදායින් පසුව දිවයින පුරා දෛනිකව කිලෝ 12යි දශම 5 ගෘහස්ථ ගෑස් සිල්න්ඩර 80,000ක් බැගින් බෙදාහැරීමට සැලසුම් කර ඇති බවයි.

ගෑස් බෙදා හැරීම සිමා සහිත නිසා ජනතාව දැඩි අපහසුතාවයකින් සිටින බවට විවාදයක් නොමැත. එය ඉතා සංවේදී කාරණාවකි..එහෙත් අප දකිනුයේ ගෑස් සම්බන්ධව මෙන්ම තෙල් සම්බන්ධවද කොතෙක් දනුම්වත්වීම් කලද ජනතාව මහමග පෝලිම් වල ගෑස් එනතෙක් ,තෙල් එන තෙක් බලා සිටින ආකාරය..එමගින් කිසිදු විටෙක තම අවශ්‍යතාවය සදහා පිළිතුරක් ලැබෙනුයේ නැති මුත් සිදු වන්නේ තව තවත් මේ අර්බුදය දීර්ඝ වීම පමණකි..මෙලෙස පෝලිම් වල නිකරුනේ ජනතාව රැදී සිටීම මගින් ගමනා ගමනයට අතිශය බාධා සිදුවේ..විශේෂයෙන් කොළඹ නගරය තුළ මෙම හේතුවෙන් දරුණු ලෙස වාහන තදබදය ඇති වී අපහසුතාවයට පත් වන්නේද ජනතාවමය..එපමණක් නොව එමගින් රාජකාරි කටයුතු පවා අඩාල වීමට මෙය දරුණු හේතුවකි..මේ පිළිබදව ජනතාව බුද්ධිමත් ලෙස බැලිය යුතුව ඇත..

අපට දැන් දැන් අසන්නට දකින්නට ලැබෙන්නේ මෙම පෝලිම් වල සිටින ඇතැම් පුද්ගලයින් හදිසියේ මරණයට පත්වන පුවත්ය ..දින ගණන් නිකරුනේ මෙම පෝලිම් වල රැදී සිටීමෙන් ඇතිවන කායික මෙන්ම මානසික පීඩනයද සුළුපටු නොවේ..එම හේතුවෙන් ඇතැම් පුද්ගලයන් තුල ඇති නිදන්ගත රෝගාබාධ උත්සන්න වීමෙන් මෙලෙස මරණයට පත් වන බව දැන් සොයා ගෙන ඇත..මේ සියල්ල තුළින් ඇති වී ඇති අර්බුදය අනවශ්‍ය දිශාවකට මිනිසුන් විසින්ම ගෙන යනු පෙනීම කණගාටුවට කරුණකි..

එම නිසා මේ වේලාව බුද්ධියෙන් තීරණ ගත යුතු මොහොතක් බව අප නැවත නැවතත් මතක් කරන්නට කැමතිය..සියල්ලන්ටම අවශ්‍ය මේ අර්බුදයෙන් ගොඩ එමටය..වත්මන් ආණ්ඩුව ඒ සදහා හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටි..එහෙත් ඒ සදහා ජනතා සහාය ඉතාම අඩු තැනක පවතින බව පෙනේ..රටක් ගොඩ නැගීමට තනි පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට කල හැකි ක්‍රියාවක් නොවන්නේය..රටක් ගොඩ නගන්නට නම් සියලු රට වැසියන්ගේ සහාය ඉතාම අවශ්‍යය..එලෙස වුවහොත් අපට ලෙහෙසියෙන් ඉතා කුඩා කාලයක් තුළ මෙම අර්බුදයෙන් මිදිය හැකි බව පැහැදිලිය.

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us