අර්බුදය විසදන්නට නම් ඔබ වෙනස් විය යුතුමය ! Featured

Friday, 24 June 2022 12:11

පවතින අර්බුදය හමුවේ අපගේ ක්‍රමවේද වෙනස් විය යුතු යැයි රාජ්‍ය නායකයා නිතර සිහිපත් කරයි.

මේ අතර රාජ්‍ය සේවය විමධ්‍යගත කළ යුතු බව ද, එය ප්‍රතිසංවිධාන විය යුතු බවද ප්‍රකාශයට පත්වී ඇත. ජනාධිපතිවරයා අවස්ථා දෙකකදීම මීට අදාළ උපදේශන බලධාරීන් වෙත දී ඇත. ප්‍රාදේශීය කාර්යාලවලට වැඩි බලතල දෙමින් ජනතාවගේ අවශ්‍යතා තමන්ට ආසන්න කන්තෝරුවෙන් සපුරා ගැනීමට ඉඩප්‍රස්තා දිය යුතුය. එම ක්‍රමවේදය සාර්ථක කර ගත හොත් පුරවැසියාගේ රස්තියාදුවට පිළිතුරක් ලැබෙයි. තෙල් ප්‍රශ්නයට හා ප්‍රවාහන ගැටලුවට ද උත්තරයක් ලැබෙයි. රාජ්‍ය සේවකයාට ද ආසන්න කන්තෝරුවක වැඩ කිරීමට අවස්ථාව සලසා දීම රාජ්‍ය නායකයාගේ ඉලක්කය වී තිබේ. එය සාර්ථක උපාය මාර්ගයකි.

අප දන්නා ඉතිහාසයේ නොවූ විරූ අර්බුද ගණනාවකට මුහුණ දෙන්න රටවැසියාට සිදු වී ඇත. එහි බලවත්ම ගැටලුව වන්නේ ආර්ථිකයේ කඩාවැටීමය. එහිද ප්‍රමුඛ ගැටලුව වන්නේ තෙල්, ගෑස්, විදුලිය යන මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ඇති නොහැකියාවය. මේවා බෙදා හැරීම සඳහා ක්‍රියාත්මක නව ක්‍රමවේදවලට ජනතාව එකඟ නැත. ඒ සම්බන්ධයෙන් පවතින නිවේදනවලට පවා ජනතාව ඇහුම්කන් දෙන්නේ නැත. ඔවුහු පෙර පරිදි පිරවුම්හලට අඛණ්ඩව තෙල් ලැබෙන තුරු බලා සිටිති. රටවැසියා නව ක්‍රමවේදවලට හුරු වන තුරු අර්බුදය තවත් උත්සන්න වනු ඇත. අප මුහුණ දෙන ඛේදවාචකයක් ලෙස එය හැඳින්විය හැකිය.

රාජ්‍ය සේවය විමධ්‍යගත කිරීම ගැන ද එය ප්‍රතිසංවිධාන කිරීම ගැන ද බොහෝ කාලයක සිට සංවාද පවත්වා ඇත. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පාලන කාලය තුළ ද මේ සඳහා උත්සාහයක් දැරිණි. එහෙත් එය මුළුමනින් සාර්ථක වූයේ නැත. කොළඹ ප්‍රධාන කාර්යාලවල ඉහළ නිලධාරීන්ගේ සහයෝගය ඊට ලැබුණේ නැත. රාජ්‍ය සේවය තුළ නිර්දය නිලධාරිවාදයක් ද පවතී. එහෙත් ඒවා වෙනස් කිරීමට කාලය පැමිණ තිබේ. සියල්ලන්ගේම කැපවීමක් නොතිබුණොත් අපට මේ අර්බුදය ජය ගත නොහැකිය.

පැවැත්ම සඳහා බොහෝ දේවල් වෙනස් විය යුතුය. නැතහොත් වෙනස් කළ යුතුය. පරිණාමය යනුවෙන් අදහස් වන්නේ ද එයමය. වෙනස් විය නොහැකි දේවල් කාලය හමුවේ පරාජයට පත් වී විනාශ වෙයි. වෙනස් වන දේවල් කාලයේ රිද්මය සමඟ ඉදිරියට යයි. මිනිස් සමාජය ගත්ත ද, සත්ත්ව සන්තතිය ගත්ත ද, ස්වභාව ධර්මය ගත්තද, මේ යථාර්ථය වටහා ගත හැකිය. එහෙත් වෙනස් වීම පහසු නැත. මිනිස් සමාජය ගත් කල එය සංකීර්ණ ක්‍රියාවලියක් ලෙස පවතී. සමහර මිනිස්සු සම්ප්‍රදාය අත් නොහරිති. තව සමහර මිනිස්සු අලුත් ක්‍රමවේද ප්‍රතික්ෂේප කරති. තවත් සමහර මිනිස්සු පරණ ක්‍රමයේ සිට එයම ඉල්ලා සටන් වදිති. වෙනස් වීම පහසු නොවන්නේ ඒ නිසාය.

-මහේෂි

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us