උඩක්කුව - මදුරන්කුලිය මාර්ගයේ කනමුලේ මුස්ලිම් විදුහල ඉදිරිපිට සිදු වූ යතුරු පැදි අනතුරකින් බරපතල තුවාල ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු කොළඹ ජාතික රෝහල වෙත රැගෙන එමින් සිටියදී මියගොස් ඇත.

ස්වාධීන රූපවාහිනිය මගින් සංවිධානය කල අවරුදු කුමරිය තරඟයකින් ජයග්‍රහණයකොට ටෙලි නාට්‍යය රංගනයට පිවිසි දිලිනි ලක්මාලි වසර තුනක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබුනේ තවත් යොවුන් ටෙලි නළුවෙකු වූ මෙන්ම නිවේදකයෙකු වූ ශෂිරංග වික්‍රමසේකර සමගින්ය.

‘පෝෂණ සතිය' වැඩ සටහන යටතේ රටපුරා පාසැල්වල පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන  රග්බි ක්‍රීඩාව හඳුන්වාදීමේ වැඩසටහනක් ඊයේ  (31) උදෑසන කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවති අවස්ථාවේදී, ශිෂ්‍යාවන් හූ හඬ නගමින් සංග්‍රහ කර ඇති බව වාර්තා වේ.

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයෙ චීන රජයට දුර්ලභ කුරුල්ලන් 16 දෙනෙකු පරිත්‍යාග කර තිබේ. ඒ අනුව ලතුවැකි පක්ෂීන් 16 දෙනෙකු ඉකුත් (29) දින චීනයට යැවූ බව එහි සහකාර අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය. 

යුද්ධය පැවැති අවස්ථාවේ උතුරේ ත්‍රස්ත කඳවුරුවල තිබී හමුවූ විදේශ රටවල නිෂ්පාදිත විවිධ උපකරණ පිළිබඳ තොරතුරු මාධ්‍ය මඟින් ප්‍රචාරය නොකරන්නැයි විදේශ තාතාපතිවරුන් කිහිපදෙනකු තමන් වෙත පැමිණ ඉල්ලා සිටි බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසිය. 

හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලා සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (01) දින සුබ මොහොතින් වීදී සංචාරය කරයි. 

රග්බි ක්‍රීඩාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග සිරිමාවෝ බණ්ඩානායක විදුහලේ වැඩමුළුවට ගිය  ගායක ඉරාජ් වීරරත්න අවසානයේදී ගැයූ ගීතයකට එහි පාලනාධිකාරියෙන් බලවත් විරෝධයක්  පලවී ඇතැයි වාර්තා වෙයි.

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට ලක්වූයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ ඔහුගේ ප්‍රතිපත්තිමය ගැටළුවක් නිසා බව හිටපු ඉන්දීය විදෙස් සබඳතා අමාත්‍ය නත්වාර් සිං පවසයි. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප‍්‍රධාන ජලාශ හැත්තෑ දෙකේ ජල මට්ටම ඊයේ  (31) වනවිට 16% දක්වා අඩු වී ඇති අතර, නියඟය පවතින දිස්ති‍්‍රක්ක සංඛ්‍යාවද 11 දක්වා ඉහළ ගොස් තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වර්තමාන ගමන් මග සම්බන්ධයෙන් තම පක්‍ෂය දැඩි කනස්සල්ලෙන් පසුවන බව ජාතික හෙළ උරුමයද පවසයි.

Connet With Us