'උතුරෙන් හමුවූ විදේශ අවි ආයුධ ගැන ප්‍රචාරය නොකරන්න' -කෙහෙළිය

Published in පුවත්
Friday, 01 August 2014 11:39

යුද්ධය පැවැති අවස්ථාවේ උතුරේ ත්‍රස්ත කඳවුරුවල තිබී හමුවූ විදේශ රටවල නිෂ්පාදිත විවිධ උපකරණ පිළිබඳ තොරතුරු මාධ්‍ය මඟින් ප්‍රචාරය නොකරන්නැයි විදේශ තාතාපතිවරුන් කිහිපදෙනකු තමන් වෙත පැමිණ ඉල්ලා සිටි බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසිය. 

එහෙයින් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල මෙවැනි ආකාරයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සැකයෙන් යුතුව බැලීමට සිදුව තිබෙන බවද සඳහන් කළ ඇමතිවරයා,  ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇති වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම රජයේ වගකීම යැයි ද පෙන්වා දුන්නේය.

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ජාත්‍යන්තර රාජ්‍ය‍ නොවන සංවිධාන මෙරටදී පවත්වන මාධ්‍ය වැඩමුළු තහනම් කිරීමට රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් ඇමැති මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා ඊයේ (31) පැවති  මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. 

ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු සම්බන්ධයෙන් රජය ගත් තීරණයෙන් යම් පාර්ශ්වයකට අගතියක් වී තිබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඔවුනට නීතිමය පියවර ගැනීමට පූර්ණ නිදහස සහ අවස්ථාව තිබෙන බවත් ඇමැතිවරයා පැවැසීය.

ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය කනස්සල්ල පළ කර තිබීම ගැන කළ විමසුමකට පිළිතුරු දුන් ඇමැතිවරයා පැවැසුවේ ගාසා තීරයේ සහ ජෙරුසලමේ සිය ගණන් වැසියන් මරුමුවට පත්වීම ගැන තමන් කනගාටු වන බවත් එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බව අමෙරිකානු විදේශ ලේකම්වරයා ප්‍රකාශයක් කර තිබෙන හෙයින් අමෙරිකානු තානාපති කාර්යාලයේ කනස්සල්ල ගැන එතරම් සැළකිල්ලක් යොමු කිරීම අවශ්‍ය නොවන බවයි.


වසර තිහක අති දැවැන්ත යුද ගැටුමක් අවසන් කර තිබෙන අවස්ථාවක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන බවත් ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන මෙරටට පැමිණ කරන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම අත්‍යවශ්‍ය යැයිද ඇමතිවරයා කිය.

විශේෂයෙන් ම මෙවැනි ඇතැම් සංවිධාන ජනවාර්ගික පදනම මත පිරිස් තෝරා ගෙන සර්ව ජන ඡන්ද බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පමණක් නොව ඡන්දය පාවිච්චි කළ යුත්තේ කාටදැයි යන්න පවා කියා දීමට කටයුතු කර තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා ද මේ අවස්ථාවට සහභාගී විය. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us