නාමල්ට, සිරිමාවියන් ගෙන් 'හු' සංග්‍රහයක් !

Published in පුවත්
Friday, 01 August 2014 11:59

‘පෝෂණ සතිය' වැඩ සටහන යටතේ රටපුරා පාසැල්වල පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන  රග්බි ක්‍රීඩාව හඳුන්වාදීමේ වැඩසටහනක් ඊයේ  (31) උදෑසන කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවති අවස්ථාවේදී, ශිෂ්‍යාවන් හූ හඬ නගමින් සංග්‍රහ කර ඇති බව වාර්තා වේ.

 මෙම වැඩසටහන  සඳහා විදුහලේ විදුහල්පතිනියගේ අවසර ලබාදී තිබුණේ ඉතා අකමැත්තෙන් බවත් කිසිඳු ශිෂ්‍යාවක් මේ සඳහා සහභාගී නොවූ බවත් වාර්තා වේ.

මේ නිසා කොපයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ක්‍රීඩා පිටියේ එම මොහොතේ සිටි ශිෂ්‍යාවන් පිරිසක් බලහත්කාරයෙන් රැස්කර මෙම වැඩසටහන ආරම්භ කළ බවද ඒ සඳහා ශිෂ්‍යාවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බවද අදාල වාර්තා සඳහන් කරයි.

තවද මෙම අවස්තාවේදී ක්‍රීඩා පිටියට පැමිණි විදුහල්පතිනිය නාමල් රාජපක්ෂ මණ්ත්‍රීවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් කිපී ඔහුව විද්‍යාලයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් එම අවස්ථාවේදී ශිෂ්‍යාවන් හූ හඬ නැගු බවත් එම වාර්තා සඳහන් කරයි.

මේ අතර මීට පෙර වාර්තා වූ පරිදි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කොළඹ විශාකා විද්‍යාලයට මෙම වැඩසටහන සඳහාම ගිය අවස්ථාවේදී රග්බි පුහුණුව පසෙක ලා සංගීත සාජ්ජයක් පවත්වා නර්ථනයේ යෙදුණු බවයි.


(ලංකා විව්ස්)

Last modified on Friday, 01 August 2014 12:32

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us