News Items (18842)
VIP ස්පා ව්‍යාපාරයක් ආරම්භ කරමින් ව්‍යාපාරික ලොවට පිවිසි කෞශල්‍යා මාධවී මෙවර ඌව පළාත් සභා මැතිවරණයේදී තරඟ වදින හිටපු මහ ඇමති හා වත්මන් කතානායකවරයාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ පිලිබඳ චරිත සහතිකයක් ලබාදී ඇත.
සේරුවිල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා නියෝජිත සම්මේලනය අමතමින් පාර්ලිමේන්තු මංත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි පසුගියදා පවසා සිටියේ අනුලා දේවිය ලංකාවේ රජකම් කළේ බුද්ධ වර්ෂ 47-44 අතර කාලයේ බවයි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන යටින් දළදා කරඬුවට ඉහලින් ඉදිකොට තිබූ වක්‍රාකාර වියන මෙයට දින කිහිපයකට පෙර අතුරුදන් වී ඇත.
තම පක්ෂය තීන්දු ගන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ මතයට ගරු කරමින් බවත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව ආණ්ඩුවක් කරගෙන යෑමට හැකි වුවද සහෝදර පක්ෂ හෑල්ලූ නොකරන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
බුදු දහම රකින්න ගිය සිරිමල්ට බොදු ත්රස්තයන්ගෙන් තර්ජන
ආගමික අන්තවාදී සංවිධානවලින් කලාකරු හා මාධ්‍යවේදී සිරිමල් විජේසිංහ මහතාට දිගින් දිගටම තර්ජන එල්ලවන වන බව ඒ මහතා පවසයි. ලංකාවේ පිරිසිදු බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම උදෙසා ඔහු විසින් නිර්මාණය කිරීමට නියමිතව ඇති "Cult Monk" වාර්තා චිත්‍රපටයට එරෙහිව මෙලෙස තර්ජන එල්ල වේ.
‘දාස මල්ලිගේ බංගලාවේ‘ අහුමුලු වලින් ඇහුණු දෝංකාර සහ මට දැනුනු ගඳ සුවඳ - සුරේඛා සමරසේන
සමාජ ක්‍රියාකාරීත්වයක නිරතවන අයගේ Facebook ගිණුම් අක්‍රීය කිරීමේ හා එමගිණුම්වලට මඩ ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් Facebookජාලයට වෛරසයක් නිකුත්කර ඇතැයි වාර්තා වේ.
පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයේදී එජාපය යටතේ මාතර දිස්ත්‍රීක්කයෙන් තරඟ කල ජනප්‍රිය නිලි නදීෂා හේමමාලි ට අම්බලන්ගොඩ ආසනයේ සම සංවිධායක ධුරය බාර ගන්නැයි එජාප නායකත්වය විසින් ආරාධනා කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
