සෞඛ්‍ය සේවයේ 45000ක් අද ලෙඩ නිවාඩු

Published in පුවත්
Wednesday, 30 July 2014 09:22

කනිෂ්ඨ කාර්යමණ්ඩලය ඇතුළුව සෞඛ්‍ය සේවයේ ශ්‍රේණි 27කට ඇති වී තිබෙනා ගැටලුවලට විසඳුම් ලබාදීම ප්‍රමාද කිරීම නිසා අද (30දා) උදේ 6.30 සිට හෙට උදේ 6.30 දක්වා කාලය තුළ අදාළ ශ්‍රේණි 27ට අයත් 45,000කට අධික පිරිසක් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිතියේ කැඳවුම්කරු වී.එම්. සෝමරත්න මහතා සඳහන් කළේය.

මානුෂීය හේතූන් මත කොළඹ ළමා රෝහල, කාසල් වීදිය කාන්තා රෝහල මහරගම පිළිකායතනය සහ සොයිසා කාන්තා රෝහල තුළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් නොකරන බවද ඔහු පවසා සිටියේය.

පැය 24 ක් පුරා ක්‍රියාත්මක වන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තුළ නිල ඇඳුම් නොමැතිව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට කටයුතු කරන බවත්, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව විරෝධතා පා ගමනක් පැවැත්වීමටත් කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us