News Items (18842)
දේශිය සිනමාවේ කලක සිට පැවැති අඩුපාඩුවක් සපුරාලමින් ගෝලීය සිනමා සිතියම මත ශ්‍රී ලාංකේය සිනමාව ස්ථාන ගත කිරීම යන පුළුල් දැක්ම ඇතිව ජාත්‍යන්තර සිනමා උළෙලක් ‘කොළඹ ජාත්‍යාන්තර සිනමා උළෙල’ නමින් පැවැත්වෙන බව ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ප්‍රකාශ කරයි.
ශ‍්‍රී ලංකාවේ ස්වභාවික පරිසර පද්ධතිය සහ ජෛව විවිධත්වයට දැවැන්ත හානියක් සිදු කරමින් කිලෝ මීටර් 775 ක දුරකින් යුත් ‘ෆෝ වීල් සංචාරයක් (Four Wheel Rally) සංවිධානය කිරීමට ශ‍්‍රී ලංකා යුද හමුදා කොමාන්ඩෝ බලකාය සහ මෙරට ලියාපදිංචි වී නොමැති ෆෝ වීල් සංගමයක් කටයුතු කර ඇත.
'අවුරුදු ගාණක් ආදරය කරලා අපි වෙන් වුණා' -මැණික්
තම ජිවිතයේ යථාර්ථය සඟවා ගනිමින් ජීවත් වෙන කෙටි කාලයේදී තම සිතැඟි සියල්ල කෙසේ හෝ සපුරා ගැනීමට වෙර දැරු ‘අනිත්‍යා‘ හි දඩබ්බර කෞෂිත් සොරු රැළක් හා එක්ව තම පියාගේම මුදල් කොල්ල කන්නට මෙහෙයවන ‘කොස්තාපල් පුඤ්ඤසෝම‘ හි ශානිකාත් සිනමාවේ අපට හමු වූ එකිනෙකට වෙනස් චරිත දෙකකි.
වලංගු නොවන බලපත‍්‍රයක් සහිතව පේරාදෙණිය - ගන්නෝරුව ප‍්‍රදේශයේ රඳවා සිටියදී පසුගියදා වනජීවි භාරයට ගැනුණු අලි පැටවෙකු පෙරේදා (27) රාත‍්‍රියේ මියගොස් ඇත.
රිය අනතුරකට ලක්ව රත්නපුර මහරෝහලෙන් මාරු කර එවු ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර, විපක්‍ෂ නායක රනිල් වික්රමසිංහ මහතා දිසානායක මහතාගේ සුවදුක් විමසීම සඳහා ඊයේ පස්වරුවේ ජාතික රෝහලට පැමිණියේය.
ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් කළ උදය කුමාර මහතාට ඌව පළාත් සභාව වෙනුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණය හේතුවෙන් තවදුරටත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබඳව අද (29දා) රටට දැනුම්දෙන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.
'' සෑම වාහන අංක 10,000 කටම ලියාපදිංචි නොමැති අංක 488 ක් තිබෙනවා. ඒ අංකවල විශේෂ ලක්‍ෂණයක් තිබෙනවා. එකතුව 13 යි. තමුන්නාන්සේලා යන එන කොට බලන්න වාහනවල අංක වල එකතුව 13 නම් ඒක හොර නොම්බරයක්. ඒ වාහනය තුළ මැරකල්ලි ඉන්නවා, ඔබව අතුරුදන් කරන්න පැහැර ගෙන යන්න පමණක් නොවේ ඔබව ඝාතනය කරන්න වුණත් පුළුවන් යෑයි ශ්‍රී ලංකා නීති සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කෑගල්ලේ පැවැති, 'නීතියේ ආධිපත්‍ය සුරකිමු' නමින් මහජන සභාව අමතා පැවසීය.
තමාගේ මූලික බලාපොරොත්තුව හෙට දවස භාරගන්න ඉන්න තරුණ තරුණියන්ට යහපත් සමාජ ක‍්‍රමයක් බිහිකරදීම බව විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පවසයි.
අද වන විට විවිධ වර්ගයේ රුපලාවන්‍ය නිෂ්පාදන වෙළඳපොලේ දකින්න ලැබෙනවා.
බාබර් සාප්පුවක් තුළදී තරුණියක සමුහ දූෂණය කළ බව කියන සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අද (28) අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය පවසයි.
