‘කොළඹ සිනමා උළෙල’ සැප්. 2-7දා දක්වා

Published in කලා
Tuesday, 29 July 2014 14:12

දේශිය සිනමාවේ කලක සිට පැවැති අඩුපාඩුවක් සපුරාලමින් ගෝලීය සිනමා සිතියම මත ශ්‍රී ලාංකේය සිනමාව ස්ථාන ගත කිරීම යන පුළුල් දැක්ම ඇතිව ජාත්‍යන්තර සිනමා උළෙලක් ‘කොළඹ ජාත්‍යාන්තර සිනමා උළෙල’ නමින් පැවැත්වෙන බව ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ප්‍රකාශ කරයි.

මෙය ජපානයේ ඔකිනාවා ජාත්‍යාන්තර සිනමා උ‍‍ළෙලේ සහයෝගය ඇතිව සංවිධාන කෙරේ.

මෙරට පැවැත්වෙන අංග සම්පූර්ණ ජාත්‍යන්තර සිනමා උළෙලක් වන මෙය ලබන සැප්තැම්බර් ‍2දා සිට 7දා දක්වා කොළඹ දී පැවැත්වේ.

ලොව පුරා සිනමා උළෙලවලදි අපේ සිනමාව ඇගයිමකට ලක්වුවද අපටම කියා ජාත්‍යන්තර සිනමා උළෙලක් නොමැති විමේ අඩුපාඩුව දැන් අවසන්වී තිබේ.

සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ පුද්ගලික හා සමාජ ජීවිතයේ ගැඹුරු තැන් ස්පර්ශ කිරීමේ බලය සිනමාව සතු යන්න කාගේත් විශ්වාසයයි. අපේ සිනමාව වසර 1947දි ආරම්භවූවත් එහි සැබෑ ශ්‍රී ලාංකික අනන්‍යතාව සහිත ඉපදුනේ වසර 1956දි නිර්මාණයවු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ‘රේඛාව’ සිනමාපටයෙනි.

එම චිත්‍රපටය ඒ වසරේදීම පැවැති කෑන්ස් සිනමා උළෙල නියෝජනය කරනු ලැබුවා. එතැන් පටන් අපේ සිනමාපට ලොවපුරා පැවැත්වුණු සිනමා උළෙලවල් නියෝජනය කළ අතර එහිදි මෙරට සිනමාව ඒඒ රටවල සිනමාලෝලීන් හඳුනා ගනු ලැබුවත් අපට තවම අපේ කියා සිනමා උළෙලක් ආරම්භ කිරීමට නොහැකිවි ඇත.

වාණිජ ප්‍රවහයේ තිරගත නොවන උසස් කලාත්මක අගයකින් හෙබි සිනාමා නිර්මාණ මෙරට සිනමාලෝලින්ට නරඹන්න අවස්ථාව උදාකර දෙන අතර දේශීය සිනමාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ ජාත්‍යාන්තරයට රැගෙන යෑම මෙහි මෙහෙවර වේ.

මෙම සිනමා උළලේදි සිනමාපට ප්‍රදර්ශනය වන සිනමාහල් වනුයේ කොළඹ කොටුව රීගල්, බම්ඹලපිටිය මැජෙස්ටික් සාප්පු සංකීර්ණයේ ස්ථාපිත සිනමාශෘලාව, කොළඹ 7හි පිහිටි ආකේඩ් සංකිර්ණයේ පිහිටි එම්පයර් සිනමාශාලාව, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ පිහිටි තරංගණි සිනමාශාලාව ඊට අමතරව ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ‘ගෙතේ අයතනය්දී’ය.

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us