සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරන ලද සහෝදරත්වයේ පා ගමන සහ රැලිය අවසානයේ මෙම ප්‍රසංගය පවත්වනු ලැබූ අතර ප්‍රසංගයට ගී ගැයීමට එක් වූ සෑම කලාකරුවකුම ජාතිවාදයට එරෙහිව අදහස් දක්වා තිබුණි.
මේ සඳහා ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා, මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා, ඉශාක් බෙක්, දීපාල් සිල්වා සහ සිරස සුපර් ස්ටාර් සහ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සුපිරි තරු වන එම්.ජී. ධනුෂ්ක, උදේෂ් ඉන්දුල, චාමර ප්‍රසාද්, රුක්මන් අසිත යන කලාකරුවන් සහභාගි විය.
(ඡායා_ NethFM)