'අවුරුදු ගාණක් ආදරය කරලා අපි වෙන් වුණා' -මැණික්

Tuesday, 29 July 2014 10:20

තම ජිවිතයේ යථාර්ථය සඟවා ගනිමින් ජීවත් වෙන කෙටි කාලයේදී තම සිතැඟි සියල්ල කෙසේ හෝ සපුරා ගැනීමට වෙර දැරු ‘අනිත්‍යා‘ හි දඩබ්බර කෞෂිත් සොරු රැළක් හා එක්ව තම පියාගේම මුදල් කොල්ල කන්නට මෙහෙයවන ‘කොස්තාපල් පුඤ්ඤසෝම‘ හි ශානිකාත් සිනමාවේ අපට හමු වූ එකිනෙකට වෙනස් චරිත ‍දෙකකි.

සිනමාවේ මේ චරිත දෙකටම පණ පෙවු මැණික් විජේවර්ධන නම් වූ ඇය සිය කුලුඳුල් රංගනයෙන්ම බොහෝ දෙනාගේ කතා බහට ලක් වූවාය. මැණික් ගේ රංගන කුසලතාව මෙවර දැක ගත හැක්කේ මේ දිනවල පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට එන ‘ෆේස් බුක්‘ ටෙලි සිත්තම ඔස්සේ ය.

 

  • මම ඔබට තිලංකා කියලා කතා කළොත්?


පාසල් කාලේ යාළුවෝ ගොඩක් මාව දන්නේ තිලංකා කියලා තමයි. තිලංකා ලක්මිණි කියන්නේ මගේ උප්පැන්නේ තියෙන නම නිසා ඒ නමින් කතා කළාට කිසි ප්‍රශ්නෙකුත් නෑ.

Menik W-4

  • ගම රත්නපුරේ නිසාද නම මැණික් වුණේ?


ඒ මගේ නික් නේම් එක. පොඩි කාලේ ඉඳලා මට මැණික් කියලා තමයි ගෙදර හැමෝම කතා කරන්නේ.

නහයට අහන්නේ නැති කොල්ලෝ ගැන නම් අපි අහලා තියෙනවා. ඒත් මැණික් කියන්නේ නහයට අහන්නේ නැති කෙල්ලෙක් ලූ නේද?

එහෙම නැහැ. ඉස්සර ටිකක් දඩබ්බරයි. ඒත් වයසින් මුහුකුරා යද්දි හොඳ නරක තේරුම් අරන් ඒ අඩුපාඩු හදා ගන්නවා. මමත් දැන් හොඳ නරක තේරුම් අරන් හැදිලා ඉන්නේ.

 

 

  • මැණික් ගේ ප්‍රතිපත්ති කාලෙන් කාලෙට වෙනස් වෙනවා නේ?


මගේ ජීවිතේ ගොඩක් ප්‍රතිපත්ති නැහැ. හැබැයි බොරුවට අකැමැති කෙළින් කතා කරන ප්‍රතිපත්ති නම් මා ගාව තියෙනවා. ඒ දේවල් වෙනස් වෙයි කියලා හිතන්නත් බෑ.

 

 

  • එහෙනම් ඔය අපුරුවට පහුගිය දවස් වල ප්‍රතිපත්ති වෙනස් වුණේ?

ඒ මොනවද...?

 

 

  • ටෙලි නාට්‍ය රඟ නොපානවායි කියපු ප්‍රතිපත්තිය?

ඒක මම පිළිගන්නවා. නාලක විතානගේ කියන්නේ මාව කලාවට හඳුන්වා දුන් දිගු කාලයක් එකට වැඩ කළ අධ්‍යක්ෂවරයෙක්. ඉතින් ඔහුගේ ඉල්ලීම මට අහක දාන්න බැරි වුණා. මගේ පළමු චිත්‍රපටිය ජනප්‍රිය වුණු කාලේ ටෙලි නාට්‍ය වලට බෙහෝ ආරාධනා ලැබුණත් ටෙලි නාට්‍ය රඟනොපාන්න තිබුණ ප්‍රතිපත්ති නිසා බාර ගන්තේ නැහැ. නාලක මේ නාට්‍යය බාර ගන්න එක් හේතුවක්. අනෙක නාට්‍යයට පසු බිම් වූ සංකල්පය. දැන් තියෙන නාට්‍ය හා වෙනස් වුණු, තාරුණ්‍ය පදනම් වු නාට්‍යයක්.

 

 

  • එයද ඔබ නාලකගේ සෑම නිර්මාණයකටම දායක වීමේ විශේෂත්වය?

නාලක අධ්‍යක්ෂවරයෙක් විදිහට හඳුනා ගත්තට ඔහු දැන් සහෝදරයෙක් වගේ අපේ පවුලට ගොඩාක් සමීපයි. ඒත් ඔහුගේ හැම නිර්මාණයකටම නෙමෙයි මම චරිතයක් භාර ගන්නේ කැරැක්ටර් එක හොඳයි නම් ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ඨ කරන්න පුළුවන් කියලා හිතුණොත් විතරයි.

 

Menik W-1

  • ඔබ වඩාත් කැමැති ‘අනිත්‍යා‘ හි කෞෂිට ද ? ‘කොස්තාපල් පුඤ්ඤසෝම‘ හී ශානිකාටද?


මම කෞෂිට ගොඩක් කැමැතියි. ඒ කෞෂි මේ සමාජයේ ජීවත් වෙන චරිතයක් නිසයි.

 

 

  • ඔබේ ස්වරූපය ඔබව එකම රාමුවකට කොටු කරාවි යැයි හිතෙන්නේ නැද්ද?


නැහැ. එහෙම වෙන එකක් නැහැ. ‘අනිත්‍යා‘ට වඩා ‘රූපාන්තර‘ මගේ චරිතය වෙනස්. ඊටත් වඩා ‘කොස්තාපල් පුඤ්ඤසෝම‘ හී ශානිකා වෙනස්.

 

 

  • නැහැ. මම අදහස් කළේ ඔබේ බාහිර ස්වරූපය?


ආ.. ඒක ඇත්ත. ‘අනිත්‍යා‘ චිත්‍රපටයෙන් පසු ගොඩක් ආරාධනා ලැබුණේ ඒ වගේ නාගරික චරිත වලටමයි. මගේ ප්‍රතිරූපය කොටු කරගන්න ඹ්නේ නැති නිසා ඒ චරිත භාර ගන්න මම කැමැති වුණේ නැහැ. දැනට මම භාර ගත් චිත්‍රපට තුනෙන් එකක් ගැමි චරිතයක්. මේ දවස් වල ගොඩක් ඒ ගැන ස්ටඩි කරමිනුයි ඉන්නේ.

 

 

  • ලැබෙන චරිත වෙනුවෙන් තම ස්වරුපය ඕනෑම විදිහකට වෙනස් කරගන්න කැමැතිද?

කැමැතියි.

 

 

  • මැණික් හරිම අලස කෙනෙක් කියන්නේ ඇත්තද?


ම්ම්ම්......ඔව් ඔව්. මම ඒක පිළිගන්නම්කො. මේක මගේ වෘත්තිය කර ගන්නේ නැති නිසා අලස කම ලොකු බාධාවක් වෙයි කියලා හිතන්න බැහැ. වැඩක් නැති වුණාම පාන්දර තුන හතර වෙනකම් ෆිල්ම්ස් බලනවා. ඊට පස්සේ ඉතින් මුළු උදේ වරුවම නිදි.

 

 

  • ආදරයට ආදරය කරන අය අතර මැණික් ආදරයට වෛර කරන කෙනෙක් වුණේ ඇයි?


අනේ මම එහෙම දෙයක් කිව්වේ නැහැ. අපි ආදරය කරනවා නොගැළපීම් ඇති වෙනවා. මමයි එයයි අවුරුදු ගාණක් ආදරය කළා. විවාහ වෙන්නත් බලාපොරොත්තුවෙන් හිටියේ. නමුත් නොගැළපීම් අතරට වටේ හිටපු අයගේ කේලම් බොරු එකතු වුණු නිසයි අන්තිමට අපිට වෙන් වෙන්න සිද්ද වුණේ. අදටත් අපි අතර කිසිම තරහක් නැහැ. හොඳට කතා බහ කරනවා. නමුත් අක්කේ මම තව එක දෙයක් කියන්නම්. මේක විශේෂයෙන්ම කියන්න ඕනේ. ගැහැනියෙක් තමයි තවත් ගැහැනියෙක්ව විනාශ කරන්නේ. මම විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒ වපුරන දේ තමයි අපි නෙළා ගන්නේ කියන ඇත්ත. ඉතින් කෙනෙකුට හොඳක් කළොත් තමන්ටත් ඒ හොඳ ලැබෙයි. නරකක් කළොත් ඒ කෙනාට නෙළා ගන්න වෙන්නෙත් නරකම දේ තමයි.

ඡායාරූප - ගයාන් පුෂ්පික

හැඩගැන්වීම - සැලොන් ඩිග්‍රීන්ස්

(රසඳුන -ටානියා මෝසස් )

Menik W-2

 

Menik W-3

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us