නිරූපිකාවන් නිරුවතින් නැටවීම ගැන සුනිල් කියන කතාව

Sunday, 20 July 2014 13:20

  • තිබෙන සමාජ දේශපාලන වාතාවරණයේ උණුසුම ඔබට දැනෙන්නේ කොහොමද?

අද රටේ වෙන අපරාධ සංඛ්‍යාත්මකව ඉහළ නැගලා. හැබැයි අනිත් රටවල් එක්ක බලද්දි අපේ රටේ ආගමට තිබෙන යොමුව අති විශාලයි. බෝධි පූජා, පල්ලිවල යාඥා හැම ආගමක්ම පිළිවෙත් මහ ඉහළින් කරනවා. මෙහෙම වෙද්දිත් අරහෙම වෙන්නෙ මොකද කියන එක තමයි ප‍්‍රශ්ණේ. මෙච්චර මිනිස්සු ආගමට නැඹුරු නම් රට පින්බිමක් මිස අපරාධ පුරවරයක් වෙන්න විදිහක් නෑනේ. ආගම් ව්‍යවස්ථාවලට දාගත්ත හැම රටකටම වුණේ ඕකයි. ව්‍යවස්ථාවලට ආගම් ඕන නෑ. පිට රටවල ඉස්කෝලවල ආගම් උගන්වන්නේ නෑ. ඒක තමාගේ පෞද්ගලික දෙයක්.


රටේ නීතිය ස්ථාපිත කරනවා නම් ධර්මිෂ්ඨ සමාජයක් ඉබේම ගොඩ නැගෙනවා. අද තියෙන්නේ නිතියට බය නැති කම. කුඩු අල්ලන එකේ කෙළවරක් නෑ. කොච්චර ඇල්ලූවත් ආයෙ කුඩු ගේන එකේ අඩුවකුත් නෑ. ඇයි නීතියට බය නෑනේ. නීතියට බය නැත්තේ මේවා පිටිපස්සේ ඉන්නේ දේශපාලනඥයන් නිසා.

 

  • අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාවේ ක‍්‍රියා පටිපාටිය ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?

අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභා විමර්ශන සභාවේ තත්ත්වයත් හරිම කණගාටුයි. දැන් වෙලා තියෙන්නේ බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ වගේ වැඩක්නේ. හැබැයි නීතියෙන් ගැලවුණාට ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කරන හැලහැප්පිලිවලින් බේරෙන්න බෑ. බෞද්ධ දර්ශණය අනුව නීතියෙන් දඬුවම් නැති වුණාට සොබා දහම දඬුවම් දෙනවා.

එක ප‍්‍රබල ඇමතිවරයෙක් පන්සලකට හරියට උදව් කළා. සාමාන්‍ය තත්ත්වයක හිටපු මේ ඇමතිවරයා බලාගෙන ඉද්දි කෝටිපතියෙක් වුණා. කෝටිපතියෙක් වුණාට පස්සේ එයා දානපතියෙක් වුණා. දානපතියා පන්සලට සල්ලි දුන්නම පන්සලේ හාමුදුරුවෝ කියනවා මේ පින ඇතිලූ බුදු වෙන්ට. ඒ කියන්නේ සල්ලි තියෙනවා නම් බුදු වෙන්ට පුළුවන්. සල්ලි එන්නේ කොහෙන්ද කියන එක අදාළ නෑ. අද ඇතැම් හාමුදුරුවරු පවා ඒ ගාණට පිරිහිලා. එක් දේශපාලනඥයකු සිය වැනි කන්‍යාවද කොහෙද දුෂණය කිරීමේ නිමිත්තෙන් පාටි දාද්දී වැඬේ පත්තු වුණා. නඩු යනවා. හැබැයි දඬුවම්…….

 

  • විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් ඇතුළු යම් පාර්ශ්ව කියනවා රට යන අත හරි නෑ කියලා. ඔබ ඊට එකඟද?

අනිවාර්යයෙන්ම හරි නෑ…… නීතිය මොන ජගතට වුණත් එක හා සමාන විය යුතුයි. මේක හරි පුදුම රටක් නේ. කරන්ට ඕනෑ අමන වැඩ ඔක්කොම කර කර වෙන රටවල් වල සදාචාරයක් නෑ කියනවා. අම්මා පුතාව මරණවා. අම්මාගේ අනියම් සම්බන්ධය සැමියාට අහු වෙයි කියලා. තාත්තා තමන්ගේ දුවට ඉන්න දෙන්නේ නෑ අතවර කරනවා. ඒ වගේ සිද්ධි මේ රටේ අනන්තයි අප‍්‍රමාණයි. මේක කිසිම පිනක් නැති ජන සමාජයක්. මෙහෙම වෙලා තියෙන්නේ පව්කාරකම හින්දා.

 

 

  • ඒ පව්කාරකම පාලන තන්ත‍්‍රය මෙහෙයවන පාලකයන්ගේද? රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේද?


ආගම ඉස්සරහට දාගෙන අන්තවාදිකම් මේ රටේ හැම ආගමක්ම කළා. මම උපතින් බෞද්ධයෙක් නොවුණාට බෞද්ධාගමට මම හුඟාක් ගරු කරනවා. ඒ බෞද්ධ දර්ශණය තරම් යථාර්ථය ගැන කිසිම ආගමක කතා කරලා නැති නිසා. හේතුව සහ ඵලය ගැන හරිම තාර්කිකව බෞද්ධාගම කරුණු ඉදිරිපත් කරලා තියෙනවා.

ඒත් මිනිස්සුන්ට ඒ දර්ශණය ගැන අවබෝධයක් නෑ. පාලකයන්ටත් නෑ. පුදුම ආත්මාර්ථකාමී බවක් පාලකයන් තුළ වගේම ජනතාව තුළත් තියෙන්නේ. බුදුන් වහන්සේට ජාතියක්, කුලයක් තිබුණේ නෑ. උන් වහන්සේ කීවේ මනුෂ්‍යත්වය ගැන. සියලූ සත්වයෝ නිදුක් වෙත්වා මිසක් සියලූ සිංහලයෝ නිදුක් වෙත්වා කියලා බුදුන් වහන්සේ කීවේ නෑ. ධර්මයේ අවසානය ආදරය. ආදරයක් නැති කිසිම දේක ධර්මයක් නෑ.

 

  • අද සමාජය පිරිහිලා පිරිහිලා ගිහින් ඉදිරියේ දී මොන වගේ විනාශයක් වෙයිද කියන්න බැහැ.

විපක්ෂයට හරි කොන්දක් නැති කමත් මේ පිරිහීමට එක් හේතුවක්ද?

 

  • පිනක් නැති රටකට හොඳ විපක්ෂයක් ඇති වෙන්නෙ කොහොමද?

ආණ්ඩුව බලයට ගේන්න බොහොම මහන්සි වෙලා දර දිය ඇද්ද කලාකාරයෝ පිරිසක් හිටියනේ. දැන් මේ කලාකරුවන්ට මොකද වෙලා තියෙන්නේ?

කලාකරුවෝ කියන කොට්ඨාසය බහුතරය ඉතාම අසරණයි. හුඟාක් අයට ජීවත් වෙන්න ක‍්‍රමයක් නෑ. ආණ්ඩුවට බොහෝම ලෙන්ගතුව ඉන්න අය බලන්නේ ඊයෙට වඩා අද ජීවිතය ලස්සන කර ගන්න විදිහක්. ඒ කිව්වෙ හොඳ වාහනයක්. ගෙයක් ගන්න විදියක්. තව කට්ටියක් ඉන්නවා කලාකරුවෝ දැන් ඉන්න තත්ත්වයට වඩා වැඩි තත්ත්වයකට එන්න ආසාවටත් රජයත් එක්ක කුළුපග වෙනවා. උදාහරණයක් කීවොත් තියෙන්නේ මරුටියක් නම් ටොයෝටා එකක් ගන්න ආසාවට. තණ්හාව වැඩි වුණාමත් හරි ප‍්‍රශ්ණනේ.

 

 

  • ඔබ ඉන්නේ කොයි වගේ ස්ථාවරයකද? ආණ්ඩුවත් එක්කද නැත්නම්?

මම රාජ්‍ය විරෝධියෙක් සහ දේශද්‍රෝහියෙක් විදිහටයි ආණ්ඩුව දකින්නේ.

 

 

  • ඇයි ඒ?

මම ඝෘජුව කතා කරන හින්දම ආණ්ඩුව හිතනවා සුනිල් පෙරේරා අන්තවාදී යූ.එන්.පී. කාරයෙක් කියලා. ඒත් කිසිසේත්ම එහෙම නෑ. මම 94 ඡන්දය දුන්නෙත් චන්ද්‍රිකා බණ්ඩාරනායකට. ඒ එ.ජා.ප. ය ඒ වෙද්දී ක‍්‍රියා කරපු පිළිවෙත හරි නැති නිසා වෙනසක් බලාපොරොත්තුවෙන්. මොන ආණ්ඩුව ආවත් දෙයියනේ කියලා මට නම් ජිවත් වෙන්න විදිහක් තියෙනවා. ඒත් රටට වෙනසක් අවශ්‍යයිනේ. එදා ආණ්ඩුවට කොඩිය වැනුවනම් මටත් ඉතින් මීට වඩා ගැම්මෙන් ඉන්න තිබුණා. ඒ වුණත් මම ඔය කොඩි වනන්න හෝ ලෙන්ගතුකම් පාන්න යන්නේ නෑනේ.

 

 

  • ජනාධිපතිතුමා උපන් දිනයට සුභ පතන්නේ එහෙම නැද්ද?

සුභ පතනවා.

 

 

  • බ්‍රේක් නැතිව කතා කරන්න ගියාම වැඩ වරදිනවලූ. කට හින්දා ඔබටත් තර්ජන, ගර්ජන බලපෑම් එල්ල වෙලා නැද්ද?

තමන්ට ජීවත් වෙන්ට ප‍්‍රශ්ණයක් නැති වෙච්ච පළියට රටේ ප‍්‍රශ්ණ දැක දැක කට අරින්න ඕනෑ තැන් දැක දැක කට වහගෙන ඉන්නවා නම් ඒක මහ කුහක ආත්මාර්ථකාමීකමක්. මගේ නෝනා මට හැම වෙලේම අවවාද කරනවා කට පියාගෙන ඉන්න. කතා කරලා කරදර ඇති කර ගන්න එපා කියලා. ඒත් මට එහෙම පුරුද්දක් නෑ. මට හොඳයි කියලා මම කට වහගෙන ඉන්නවා නම් ඒක ආත්මාර්ථකාමී කැතම කැත පුරුද්දක්. වැරැද්ද දුටු තැන ඒ වෙනුවෙන් කතා කරන්න ඕනෑ. මට ප‍්‍රශ්ණයක් වුණාම අනිත් අය කියයි ඕකගේ කට හින්දා තමා ඕකා නැති වුණේ කියලා. ඒත් මම කතා කළ යුතු තැනදී කතා කළ යුතු දේට කතා කරනවා.

 

 

  • කට වහගෙන ආණ්ඩුවට හේත්තු වුණා නම් සැපම තමයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

සුනිල් පෙරේරා අපේ එකානේ කියලා මට වැඩක් දුන්නොත් මට හිතෙන්නේ ඒක මට මහා මදි කමක්. හැකියාවට යමක් හම්බ වුණොත් මට සංතෝෂයි. යාළුකමට යමක් ලැබෙනවට මම කැමති නෑ. පව් බං සුනිල් අයියා දැන් නාකියානේ…… ඔන්න ෂෝ එකක් තියෙනවා නම් ඌවත් දාපන් අන්න එහෙම කියලා මට වැඩ දෙනවා නම් මට ඒක මදි කමක්. මට නොහැකි නම් මම එළියට යන්න ඕනෑ. ඒත් මට තාම හැකියි.

 

 

  • ඔබ තාම තරුණයි?

වයසට ගියාට හිතින් තාම තරුණයි. මම හදවතින් වයසට නොයන මනුස්සයෙක්. හැට පැන්නත් තාම උඩ පනින්න නටන්න පුළුවන්. කොණ්ඩ රැවුළ ඩයි කළාම මූණ බලන්න බැරි කමක් නෑ.

 

 

  • මේ රජය සංගීත ක්‍ෂේත‍්‍රය වෙනුවෙන් යමක් කරලා තියෙනවද?

මම හිතන්නේ නෑ කිසිම රජයක් එහෙම දෙයක් කරලා ඇතැයි කියලා. සංගීත ක්‍ෂේත‍්‍රයෙත් හරියට අංජබජල්. හොර සී.ඞී. ගහන විකුණන ඒවායි. අනිත් එක එහෙම එක ක්‍ෂේත‍්‍රයක් හදනවා කියලා හදන්නත් බෑ. පොදුවේ උඩ සිට සියල්ල හොඳින් හැදීගෙන එනවා නම් සියලූ ක්‍ෂේත‍්‍ර ලස්සනට හැදෙයි. හැබැයි සංගීත ක්‍ෂේත‍්‍රයේ හැදුණ උදවිය ඉන්නවා ආණ්ඩුව නිසා. රජය නිසා හැදුණ සංගීතකාරයෝ ඉන්නවා. ඒක ඉතින් ඒ ගොල්ලන්ගේ කැමැත්ත. රජය හරියට තමන්ගේ සාක්කුවෙන් දෙනවා වගේ කලාකරුවන්ට ගෙවල් හදලා දෙනවා. ඒවා ජනතාවගේ සල්ලි. හැබැයි දෙන්නේ තමන්ගේ අතින් දෙනවා වගේ.

 

 

  • රනිල් වික‍්‍රමසිංහ මහතා බලයේ සිටි කාලයේ ඔබට විශේෂ වරප‍්‍රසාද ලැබුණේ නැද්ද?

මම රනිල් වික‍්‍රමසිංහගෙන් අල්පෙනෙත්තක්වත් අරගෙන නෑ.

 

 

  • රනිල් වික‍්‍රමසිංහ ඔබ සමඟ හිතවත්ද?

හිතවත්කමක් දැනටත් තියෙනවා.

 

 

  • ඔබ දේශපාලන වේදිකාවල සිංදු කියන්නේ නැද්ද?

පේ‍්‍රමදාස මහත්තයා මැරුණු දවසේ මම ඒ දේශපාලන වේදිකාවේ සිංදු කියන්න හිටියා. එදායින් පස්සේ මම හිතුවා ආයේ කවදාවත් මම දේශපාලන වේදිකාවක සිංදු කියන්නේ නෑ කියලා. මට දේශපාලන වේදිකාවල සිංදු කියන්න ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයත් කතා කරනවා. මම එතකොට කියනවා ඇමතිතුමා දේශපාලන වේදිකාවට නම් එන්න බෑ මම ඔබතුමාගේ උපන් දින උත්සවයට නම් ඇවිත් සිංදු කියන්නම් කියලා. ප‍්‍රතිපත්තියක් හැටියට ජිප්සීස්ලා දේශපාලන වේදිකාවලට සිංදු කියන්න එන්නේ නෑ. නැත්නම් දකින මනුස්සයො හිතන්නෙත් අන්න අරයා කඬේට ගිහින් කියලා. දේශපාලනයට ගෑවුණ කලාකරුවන් ගැන සාමාන්‍ය මිනිසුන්ට තියෙන අර්ථකථනය පිළිකුල් සහගතයි.

 

 

  • සුනිල් පෙරේරාට දේශපාලනය ගැළපෙන්නේ නැද්ද?

කොහෙත්ම ගැළපෙන්නේ නෑ.

 

 

  • ඔබේ දැක්ම අනුව ලංකාවේ ඉන්නෙ කොහොම මිනිස්සුද?

කිසි සේත්ම පිළිවෙළක් නැති තමන්ගේ බඩ ගින්න නැති වෙනව නම් අනිත් ඕනෑ දෙයකට කෙළ වෙලා ගියා දෙන් කියා හිතන මිනිස්සු බහුතරයක් තමා මේ රටේ ඉන්නේ.

 

 

  • ඔබගේ පුතා සංගීතය තුළ යන ගමන ගැන සතුටක් තියෙනවද?

ඔව්. මම හරි ආසයි එයා එයාගේ අනන්‍යතාවක් තියාගෙන ඉන්නවට. මගේ සිංදු කීවේ නෑ එයා. මගේ පුතාගේ සිංදු ලියන්නෙත් එයා. තනුව නිර්මාණය කරන්නෙත් එයා. කියන්නෙත් එයා. එයාගේම අදහස්. මටත් ඒ සමහර ඒවා තේරෙන්නේ නෑ. ඒත් ඒක තමා තරුණ භාවය කියන්නේ. ඕකට මම ඇඟිල්ල ගහන්න ගියොත් වැඬේ වණ වෙනවා. ඒ හින්දා දෙයක් ඇහුවොත් කියලා දීලා මම මගේ පාඩුවේ ඉන්නවා. එයාට ඕනෑ දේ එයා කරපුදෙන්.

 

  • නෙළුම් පොකුණ රඟහල ගැන මොකද හිතෙන්නේ?

ආණ්ඩුවේ පාක්ෂික කලාකරුවන්ට නෙළුම් පොකුණ හොඳයි. ඔබ මොන කොඩියද වනන්නේ කියන එක තමා ප‍්‍රශ්ණය. හරි පාට කොඩිය වැනුවොත් කතා කරලා ඕනෑ දෙයක් කර ගන්න පුළුවන්. නැත්නම් ලොකු මුදලක් ගෙවන්න ඕනෑ. මම ගිහිල්ලා ඉල්ලූවොත් සමහර විට නොළුම් පොකුණ නිකම්ම දෙයි. ඒත් මම ඒකට බයයි.

 

 

  • ලංකාවේ එහෙම වෙන්නේ නෑ ගීතය නිසා ප‍්‍රශ්ණ ඇති වුණේ නැද්ද?

උඩ ඉන්න දේශපාලනඥයින්ට වඩා වටේ ඉන්න හෙංචයියලා තමා පාට් දාන්නේ. ගහගන්න වගේ එන්නේ. ලොකු උදවියත් සමහර විට අකමැති ඇති.

මම සිංදුවක් කීවා. මේ රට ගැන අර්ථකථනයක් දෙනව නම් මට දෙන්න තියෙන්නේ ඒ සිංදුව විතරයි. පහසුවටත් ලේසියටත් සමහරු වැරදි කරනවා….. ඒ සිංදුව මම මැරිලා කාලයක් යනකම්ම මේ රටට ගැළපේවි කියලා මට හිතෙනවා.

තව එන්න තියෙන සිංදුවක් තියෙනවා.

ඔබගේ ජල්තර මගඩි
හොර දුෂණ ඕනෑම නීති
විරෝධී වැඩක් පහසු
මිලට කර ගන්නට ඕනෑමනම්
අපට කියන්න නෝ

ප්‍රොබ්ලම් ප‍්‍රයිවට් ලිමිටඞ්
ඉතාලි ප‍්‍රංශ ජපන් යන්නට
හදනවනම් වීසා ඕනෑම නම්
අපට කියන්න

මැලේසියන් ගුවන් යානේ
තවමත් කොහෙද නෑනේ
හොයා ගන්න ඕනෑම නම්
අපට කියන්න

දිනන්න මැර බලයෙන්
පාතාලයේ අයියලා ඕනෑම නම්
අපට කියන්න

අයියලා නැද්ද ඔහෙලට
අලියා වැටිලම නම් අලියට
පණ නැත්නම් සේලයින් ඕනෑම නම්
අපට කියන්න

පැරදුණ දුකට අලි – රනිල්
අදින වලි නවත්වන්න
ඕනෑම නම් අපට කියන්න
බොරු මොකටද ඇහුවේ
කරු – තොප්පිය වැටිලා නම්
අපිට කියන්න

අන්න ඒ වගේ තමා ඔය සිංදුව යන්නේ.

 

  • මීට කාලයකට ඉහත දී කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක පැවැත් වූ සංගීත සංදර්ශණයක දී ඔබේ ගීතයකට නර්තනයේ යෙදුණ රංගන ශිල්පිණියන් අන්තිමට රෙදි ගළවාගෙන නටන තත්ත්වයකට පත් වුණා. මොකද්ද ඒ ඇත්ත කතාව?

නඩුව ඉවර වෙච්ච දාට ඇත්ත කතාව කියන්නම්. දැනට අවුරුදු 12 ක් තිස්සේ ඒ නඩුව අහනවා. කතාව ඇත්ත. ඒත් නඩුවක් යන නිසා මීට වඩා කතා කරන්න බෑ.

 

 

  • ඔබේ බිරිය ඔය සිද්ධියෙන් පසුව දැක්වුව ප‍්‍රතිචාරය කොහොම එකක්ද?

ඇය අවුල් වුණා. යම් යම් අවුල් ඇති වුණා. මම ඇයව කසාද බදිද්දී ඇයට අවුරුදු 15 යි. අවුරුදු 20 වෙද්දී ඇය දරුවන් හතර දෙනෙක්ගේ මවක්. ඇය ඉතාමත් හොඳ බිරියක්. මම වෙනුවෙන් හුඟාක් දේවල් ඉවසා දරා ගත් කෙනෙක්.

(සංජීවිකා සමරතුංග -දේශය පුවත්පත)

Leave a comment

Gossip

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us