නමුත් අතීතයේදී කාන්තාවන් රුව රැක ගැනීම සඳහා භාවිත කලේ ස්භාවික අමුද්‍රව්‍ය. කෘත්‍රිම රුපලාවන්‍ය නිෂ්පාදන භාවිතය ඔබේ සෞඛ්‍යට වගේම මුදල් පසුම්බියටත් අනිවාර්ය තර්ජනයක් වේවි. අනිත් කාරණය ඔබ ගෙදර දොරේ වැඩකටයුතු නිසා හෝ රැකියාවක් නිසා කාර්ය බහුල වෙලා සිටින කාන්තාවක් නම් මේ සඳහා වෙනම කාලයක් වැය කිරිම අසීරු කටයුත්තක්.
මෙවැනි රුපලවන්ය ප්‍රතිකාර ලබගන්නවනම් ඔබට නිසැක ලෙසම රුපලාවන්යාගරයක උපදෙස් පතන්න සිදු වේවි. එමනිසා නිවසේ දකින ලැබෙන ද්‍රවය යොදාගෙන අත්හදා බැලිය හැකි රුපලාවන්‍ය ක්‍රම කීපයක් කියා දෙන්න අපි හිතුව. අනිත් කාරණය මේ ක්‍රම ඉතාම සරලයි වගේම අඩු වියදමකින් සාදා ගන්නත් පුළුවන්.
සමේ තෙතමනය ලබාගැනීමට අලිගැටපේර
අලිගැටපේර කියන්නේ සමේ තෙතමනය ලබාගැනීමට යොදාගන්න පුළුවන් අගනා පලතුරු වර්ගයක්. මෙහි සමේ තෙතමනය රැකීමට උදව් වෙන ද්‍රව්‍ය විශාල ප්‍රමානයක් අඩංගු වෙනවා වගේම සමට පෝෂනයකුත් ලබාදීමට සමත්.