දෙවන ලෝක යුද්ධයේ අවසන් සමයේදී ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ Enola Gay නමැති අමෙරිකානු ගුවන් යානයේ සිටි අවසන් ගුවන් සහයකයා මියගොස් තිබේ.

රාජකාරී කාලසීමාව තුළ නීති විරෝධී රැස්වීමක් පැවැත්වීම සඳහා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවසර ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ඉදිරි දින දෙක ඇතුළත නම් කරන බව එරට පාර්ලිමේන්තුවේ කතානායකවරිය වන සුමිත‍්‍රා මහජන් පවසන්නීය.

ලෝකයේ දුර්ලභ ලේ වර්ගයක් වන ‘බොම්බේ ඕ පොසිටිව්‘ ලේ සහිත මවක් පෙරේදා (29) මාතර මහ රෝහලේ දී දරුවකු ප්‍රසූත කළ බව එම රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය දිල්කා සරණසිංහ මහත්මිය පැවසුවාය. 

'පළමු පෙරමුණ' නමින් රටපුරා පෝස්ටර් අලවා ඇති බහුජන ව්‍යාපාරය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ අතකොළුවක් බව, පෙරටුගාමී සමාජවාදී  පක්ෂයේ  'ලංකා වීව්ස්' වෙබ්අඩවිය ප්‍රකාශ කරයි.

රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා හා ආචාර්යවරු පරිපාලන ගොඩනැගිල්ලක රදවා තබා ගැනීම හේතුවෙන් වසා දැමුණු සරසවිය නැවත විවෘත කිරිමටත්, තහනම් කළ ශිෂ්‍ය සංගම් නැවත ආරම්භ කිරීමට හා පන්ති තහනම් කළ සිසුන්ගේ පනති තහනම ඉවත් කිරීමටත් එහි පාලනාධිකාරිය අද (30) දින තීරණය කොට ඇත.

"මගේ මුළු සේසතම අරගෙන හරි මගේ අහිංසක දරුවා මට ආපසු දෙන්න. මං වැඳලා ඉල්ලන්නේ හයහතර නොතේරෙන දරුවට කරදරයක්‌ කරන්න එපා කියලා" යෑයි පැහැර ගැනීමට ලක්‌වූ මීගලෑවේ සිව් හැවිරිදි දරුවාගේ පියා හඬා වැළපෙමින් කියා සිටියේය.

වෙද හාමිනේ ලෙසින් 1987 වසරේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පා තබා ජනප්‍රියත්වයට පත් රෙබෙකා නිර්මලී මේවන විට පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබයි.

සනීපාරක්ෂක තුවා මගින් ඉන්දියාවම වෙනස් කළ අපූරු මිනිසෙක් පිලිබඳ පුවතක් විදෙස් මාධ්‍යය වාර්තාකොට තිබේ. ඉන්දීය පුරවැසියෙකු වන මුරුගනාදම් වෘතියෙන් කාර්මික ශිල්පියෙකි. ඔහුගේ බිරිඳ සනීපාරක්ෂක තුවා සඳහා මුදල් වියදම් නොකොට එම අවශ්‍යතාවය සපුරාගැනීමට පාන්කඩ යොදාගන්නා දුටු මුරුගනාදම් අඩු වියදමකින් සිය බිරිඳට සනීපාරක්ෂක තුවායක් සාදා දිය හැකි ක්‍රමයක් පිළිබඳව සොයා බලා ඇත.

ඒඩ්ස් සම්බන්ධව මිනිසුන් දැනුවත් කිරීම සඳහා අලුත්ම ආකාරයේ ඇඳුමක් Adriana Bertini නම් ඇඳුම් නිර්මාණ ශිල්පිනිය විසින් නිපදවා තිබේ.

Connet With Us