වෑ දිය රැල්ල, සේක්කුගෙදර, ජීවිතය සුන්දරයි කප් සුවහස්කල්, රන්තලිය වලව්ව, මොණරතැන්න, අකාල සන්ධ්‍යා, මිණිපුර හටන, ආදරවන්තයෝ, නිසල දිය සසල විය, දඬුබස්නාමානය, කඩුළු තහංචිය, දිය සායම්, දෙදහක් යන නිර්මාණ තුලින් ඇය සිය රංගන කෞශල්‍යය විදහා පෑවාය.
කලාකරුවා යනු පොදු වස්තුවකි. එමෙන්ම රෙබෙකා නිර්මලී යනුද අපට සම්පතකි. එබැවින් මෙතෙක් දුර කලා ලොවෙහි සුවසේ සැරිසැරූ ඇයට තවදුර යන්නට අප ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.