පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ඌව පළාත් සභාවට තරග කිරීමට සූදානමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලණුවක් කා තිබෙන බවත් ඌව පළාත් සභාවෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවත් ඉතිරවන්නේ විපක්ෂ නායකකම පමණක් බවත් වයඹ මහඇමති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

තමිල්නාඩුවේ - තිරුචි නුවර පිහිටි ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි කාර්යාලයට ඊයේ (02) සන්ධ්‍යාවේ ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල වී ඇත.

ගල්ගමුව මීගලෑව ප‍්‍රදේශයේදී පැහැර ගැනුණු දිනිදු යෂේන් දරුවා මුදා ගත් ආකාරය පිළිබඳ කරුණු හෙළිකිරීමට පොලිස් මූලස්ථානයේදී ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්විණ.

දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා මිහිකත රූප රාජිණි කිරුළ මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් වස්ගඩුව සිට්ට්‍රස් හෝටල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ කතාව කොහොම කොතනින් පටන් ගන්නද ඉවර කරන්නද කියලා ඇත්ත‍ටම හිතා ගන්න බෑ…මොකද මේ දර්ශනය බැලුවාම ලොකු කුඩා කාගේ වුණත් හදවතට දැනෙන හැඟීම් අතිශය හැඟුම්බර වන නිසාමය.

මහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සුමිත් එදිරිසිංහ මහතා කළුතර හා පානදුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ පිළිබඳ සොයා බැලීම සඳහා වන එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටුව වෙත ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෙස පිරිසක් ඉදිරිපත් කිරීමට  එල්.ටී.ටී.ඊ.  හිතවාදී ජාත්‍යන්තර සංවිධානයක් වන “සංක්‍රාන්ති දෙමළ ඊළාම් රාජ්‍යය” සැලසුම් කර ඇත.

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ බාල පුතු බාලචන්ද්‍රන් මුහුණ දුන් ඛේදනීය ඉරණම ඇතුළත් ඉන්දීය සිනමාපටයක් වන පුලි පාර්වෙයි ලබන මාසයේදී ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.

ආණ්ඩුවේ දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පසුගිය කාලය තුළ සිදු වූ රහස් ගනුදෙනු සහ අක්‍රමිකතා රැසක් පිළිබඳ සුවිශේෂී හෙළිදරව්වක් පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ලබන 5 වැනිදා සිදුකිරීමට නියමිතය.

බෙල්ලන්විල සිත්තරා නමින් ප්‍රකට වූ සෝමබන්ධු විද්‍යාපති නර්තන ශිල්පියාගේ ප්‍රියම්භිකාව වන මාලතී සෝමබන්ධු නර්ථන ශිල්පිණිය ඊයේ අභාවප්‍රාප්ත විය.

Connet With Us